ගබ්සාව
ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූ ගැටලු අතර ප්‍රධාන ගැටලුවක් වශයෙන් ගබ්සාව හඳුන්වා දිය හැකිය. බොහෝ රටවල එය සදාචාරාත්මක හා සමාජ ගැටලුවක් වී ඇති අතර ලංකාව වැනි රටවල් වල එය නෛතික ගැටලුවකි. ගබ්සාව පිළිබඳ විවිධ අර්ථකථනයන් බිහිවුවද එහි පොදු අර්ථය ගත් කල ගබ්සාව යනු " කාලය නොමේරූ අවදියේම ගර්භාෂයෙන් ස්වභාවිකවම ඉවත් වීම හෝ ඉවත් කිරීමයි." එය ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට සිදු විය හැකිය. එනම්, නිතැත් ගබ්සාව ස්වභාවිකවම කාලය ගර්භාෂයෙන් පිටතට පැමිණීම. ප්‍රේරීත ගබ්සාව බාහිර බලපෑමක් මගින් කලලය ගර්භාෂයෙන් ඉවත් කිරීම. ලෝකය තුළ අනවසර ගැබ් ගැනීම් වලින් අතිශය බහුතරයක් ගබ්සා කිරීම් සිදු වේ. මෙයට බලපාන ප්‍රධානතම හේතු කීපයකි. ක්‍රමවත් පවුල් සැලසුම් ක්‍රමයක් නොවීම. අනපේක්ෂිත කාලයේදී සිදුවන හදිසි ගැබ් ගැනීම් ආදිය වේ. විශේෂයෙන් ම සාම්ප්‍රදායික පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව විශ්වාසයක් තැබිය හැකි නොවේ. එහෙත් ලංකාව වැනි බොහෝ රටවල කාන්තාවන් අතර විශ්වාසය තැබිය හැකි නවීන පවු සැලසුම් ක්‍රම වලට වඩා සාම්ප්‍රදායික ක්‍රම ප්‍රචලිතව පැවතීම මෙයට හේතු වේ. ලෝකයේ ඇතැම් රටවල ගබ්සාව නීත්‍යා...