ගබ්සාව
ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූ ගැටලු අතර ප්‍රධාන ගැටලුවක් වශයෙන් ගබ්සාව හඳුන්වා දිය හැකිය. බොහෝ රටවල එය සදාචාරාත්මක හා සමාජ ගැටලුවක් වී ඇති අතර ලංකාව වැනි රටවල් වල එය නෛතික ගැටලුවකි. ගබ්සාව පිළිබඳ විවිධ අර්ථකථනයන් බිහිවුවද එහි පොදු අර්ථය ගත් කල ගබ්සාව යනු "කාලය නොමේරූ අවදියේම ගර්භාෂයෙන් ස්වභාවිකවම ඉවත් වීම හෝ ඉවත් කිරීමයි."එය ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට සිදු විය හැකිය. එනම්,
- නිතැත් ගබ්සාව
ස්වභාවිකවම කාලය ගර්භාෂයෙන් පිටතට පැමිණීම.
- ප්‍රේරීත ගබ්සාව
බාහිර බලපෑමක් මගින් කලලය ගර්භාෂයෙන් ඉවත් කිරීම.
ලෝකය තුළ අනවසර ගැබ් ගැනීම් වලින් අතිශය බහුතරයක් ගබ්සා කිරීම් සිදු වේ. මෙයට බලපාන ප්‍රධානතම හේතු කීපයකි. ක්‍රමවත් පවුල් සැලසුම් ක්‍රමයක් නොවීම. අනපේක්ෂිත කාලයේදී සිදුවන හදිසි ගැබ් ගැනීම් ආදිය වේ.
විශේෂයෙන් ම සාම්ප්‍රදායික පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව විශ්වාසයක් තැබිය හැකි නොවේ. එහෙත් ලංකාව වැනි බොහෝ රටවල කාන්තාවන් අතර විශ්වාසය තැබිය හැකි නවීන පවු සැලසුම් ක්‍රම වලට වඩා සාම්ප්‍රදායික ක්‍රම ප්‍රචලිතව පැවතීම මෙයට හේතු වේ.
ලෝකයේ ඇතැම් රටවල ගබ්සාව නීත්‍යානුකූල කර ඇති අතර තවත් සමහර රටවල එය නෛතික වරදක් බවට පත් කර දඬුවම් නියම කර ඇත.
- ඉන්දියාවේ ගබ්සාව නීති ගත කර ඇතත් එය සිදුකළ හැක්කේ ගැබට සති විස්සක් ඉකුත් වීමට පෙර ය .
- බංගලාදේශයේ ගැබට සති දහයක් ඉකුත් වීමට පෙර එය කරවා ගැනීමට නීතියෙන් බාධාවක් නැත.
- තායිලන්තයේ ගබ්සාවක් කළ හැක්කේ එය ව්‍යාභිචාරය, දූෂණය හෝ මවගේ ජීවිතය බේරාගැනීමේ අරමුණින් පමණි.
- ශ්‍රී ලංකාවේ තාමත් බලපැවැත්වෙන්නේ 1883 දණ්ඩ නීති සංග්‍රහයේ 303 වන අනු වගන්තිය යටතේ ගබ්සාවක් කළ හැක්කේ මවගේ ජීවිතය එයින් අවදානමකට ලක් වේ නම් පමණි.
සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලට වඩා ප්‍රචලිත ගබ්සා ක්‍රමය වන්නේ ඔසප් චක්‍රය ක්‍රමවත් කිරීමේ ක්‍රමයයි. ඔසප් චක්‍ර ක්‍රමය යනු සිරින්ජරයක් මගින් ගබ්සාවට කිසියම් රසායනික දියරයක් ඇතුළත් කොට ඉතා කුඩා කළලය විනාශ කිරීමයි. ඉන්පසු එම විනාශ වූ කලලයේ කොටසක් දූවිලි ඇද ගන්නා වන උපකරණයක් මගින් ඉවත් කරනු ලැබේ. අනෙක් ක්‍රමය වන්නේ ශල්‍යකර්ම ක්‍රමය මගින් කලලය ඉවත් කිරීමයි. ඊට අමතරව R.V 486 නම් වූ ගිලින පෙති මගින් සංවර්ධිත රටවල ගබ්සාව සිදු වේ. තවද ගබ්සා කිරීම සම්බන්ධ අනියම් ඖෂධ වර්ග බොහොමයකි. ඇලපති, හෝමියෝපති, යුනානි ආයුර්වේද ඉන් කිහිපයකි. මේවා සංවර්ධනය වෙමින් පවතින රටවල් ගබ්සාවන් සඳහා යොදා ගනී. මේ හරහා කාන්තාවගේ ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍ය සම්බන්ධ ගැටලු මතුවිය හැකි අතර එමගින් ජීවිතය පවා අවදානම් තවයකට පත් වේ.
මීට අමතරව සාම්ප්‍රදායික හා නොදියුණු ක්‍රම ලෙස එඬර නැටි භාවිතා කිරීම, අමු අන්නාසි ආහාරයට ගැනීම, විශේෂ සම්බාහන ක්‍රම ද ගබ්සාවන් සඳහා භාවිත කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛනවලට අනුව දිනකට ශ්‍රී ලංකාවේ නීති විරෝධී අනාරක්ෂිත ආකාරයට ගබ්සාවන් 650ක් පමන සිදුවේ. මේ අනුව වසරකට ශ්‍රී ලංකාවේ සිදු වන නීති විරෝධී ගබ්සා ප්‍රමාණය 240000 ඉක්මවා යන බව මේ තුළින් අනාවරණය වී ඇත. මේ අතර විශේෂ අවස්ථාවන්හිදී ගබ්සාව සඳහා අවසර දීමේ යෝජනාවක් ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය පසුගියදා අනුමැතිය පල කලේය. ඒ අනුව ලිංගික අතවරයකට ලක්ව ගැබ් ගත්තේ නම් හෝ ඉපදීමට නියමිත දරුවා මාරාන්තික උපත් ආබාධයකින් යුක්ත නම් මවගේ කැමැත්ත මත කලලය ගබ්සා කිරීමට නීතියෙන් අනුමැතියක් හිමිවේ. ඒ සඳහා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු ගේ අනුමැතිය ලැබිය යුතු අතර සැත්කම සිදුකළ යුත්තේ රජයේ රෝහලක පමණි. මේ අතර ආගමික නායකයන්ගේ විරෝධය මත අදාළ කලලය ගබ්සා කිරීමට නීතියෙන් අනුමැතියක් හිමිවේ. ඒ සඳහා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු වෛද්‍යවරුන් දෙදෙනෙකු ගේ අනුමැතිය ලැබිය යුතු අතර සැත්කම සිදුකළ යුත්තේ රජයේ රෝහලක පමණි. මේ අතර ආගමික නායකයන්ගේ විරෝධය මත අදාළ යෝජනාව ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළ ජනාධිපති නියමයෙන් තාවකාලිකව අත්හිටුවා ඇත.
ලිංගික අධ්‍යාපනය ද මෙහිදී වැදගත් වන නමුත් ගුරුවරයාගෙන් ඒ නිසි ලෙස ඉටු නොවේ. ගූගල් ඔස්සේ තමන් ම ගබ්සා කර ගැනීම පිළිබඳ සොයා බැලීමේ පිරිස ඉක්මවා ඇත. ඒ අනුව නීතිමය බාධාවන්ගෙන් මිදීම පිණිස තාක්ෂණය භාවිතා කිරීමට පෙළඹ වෙන කාන්තාවන් ගබ්සා පෙති අන්තර්ජාලය ඔස්සේ මිලදී ගෙන අදාළ වෛද්‍ය උපදෙස් වට්ස්ඇප් සමාජ මාධ්‍ය මගින් හුවමාරු කර ගැනීමට යොමු වී ඇත. ඖෂධ ලබාදීම මගින් ගබ්සාව සිදු කරන්නේ මයිෆ් ප්‍රිස්ටෝන්,මයිසො ප්‍රොස්ටෝන් යන ඖෂධ දෙකෙහි සම්මිශ්‍රනයක් ලබාදීමෙනී. ගූගල් දත්තවලට අනුව මෙම ඖෂධ දෙවර්ගයේ සෙවූ රටවල් අතර ඉහළින්ම සිටින්නේ ඝානාව සහ නයිජීරියාවයි. google සෙවුම් ඉහළ අගයක් සහිත රටවල් විසි පහ අතරින් රටවල් 11අප්‍රිකානු රටවල් වන අතර 14ක් ලතින් ඇමෙරිකානු රටවල් ය.
බීබීසී සේවය කළ විශ්ලේෂණයට අනුව සියලුම රටවලින් ගූගල් සෙවුම් වැඩියෙන්ම භාවිතා කරන ලද වචනය වන්නේ "ගබ්සා පෙති" යන්නයි. "ගබ්සාවක් කරන්නේ කෙසේද" යන්න ලොව පුරා රටවල් වලින් තුනෙන් දෙකකට වඩා අසනලද පොදු ප්‍රශ්නය බවට පත් වී ඇත.
ලොව පුරා වසරකට මිලියන 25ක් පමණ අවදානම් සහගත ගබ්සා සිදුවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.එය වසරකට සමස්ත ගබ්සා ප්‍රමාණයෙන් 45% පමණ වේ. ශ්‍රී ලංකාවේ වසරකට ගබ්සාවන් 240 000ක් සිදුවේ. ඒ අතරින් සියයට අනුවක්ම විවාහක කාන්තාවන් ගබ්සා සිදු කිරීමයි. එසේම 2005 වර්ෂයේදී ගබ්සා සම්බන්ධ පැමිණිලි 35ක් පොලිසියට ලැබී ඇති අතර වාර්ෂිකව සිදුවන සුළු උච්චාවචනයන් සමඟ 2010 වන විට එය 57 දක්වා වර්ධනය විය. මේ වාර්තා අනුව පෙනී යන්නේ "පැමිණිලි" වශයෙන් පොලිසියට වාර්තා වන්නේ වාර්ෂිකව සිදුවන ගබ්සා ප්‍රමාණයෙන් නො සැලකිය යුතු සංඛ්‍යාවක් බවයි. ලංකාවේ ගබ්සා කිරීම් වලට ලක් වන අති බහුතරයක් අවුරුදු 35ට වඩා වැඩි විවාහක කාන්තාවන් බව සදහන් වේ. එහෙත් පොදුවේ ගබ්සාවලට ලක් වන කාන්තාවන් කොටස් හතරකි.
- අවිවාහක කාන්තාවෝ - අවිවාහක අවස්ථාවලදී පවත්වන ලිංගික ආශ්‍රිත හේතුකොටගෙන ගැබ් ගන්නා අවස්ථාවලදී ගබ්සා කර ගැනීමට පෙළඹෙන කතුන්.
- විවාහක කාන්තාවන් - ආර්ථික ප්‍රශ්න, එකිනෙකට සමීප දරු උපත් ඇති වීම හේතුවෙන් තමන්ට දරු උපත් අනවශ්‍ය අවස්ථාවකදී ගබ්සාවට යොමුවන කතුන්.
- ලිංගික අපරාධ වල වින්දිතයෝ - බලහත්කාරයෙන් සිදු කරන ලිංගික අතවර වලට ලක්වීමේ ප්‍රතිඵලයක් ලෙස ගැබ් ගත් කාන්තාවන්.
- වෛද්‍ය ක්‍රියාපටිපාටියක් ලෙස - වෛද්‍ය උපදෙස් මත මවගේ ජීවිතය අන්තරාදායක වන අවස්ථාවලදී ගබ්සා කිරීම. මින් මුල් අවස්ථා තුනේදී කෙරෙන ගබ්සා කිරීම අපරාධයක් සේ ශ්‍රී ලංකා නීතිය විසින් සලකයි. ගබ්සාවන් කරගන්නා ක්‍රම තුනකි.
- ගබ්සා විය හැකි ඖෂධ හෝ ආහාර භාවිතයෙන් ව්‍යාජ ආයුර්වේද ඖෂධ යෝනි මාර්ගයට ඇතුලත් කිරීම, අමු ආහාර ගැනීම.
- සාමාන්‍ය හිංසන මගින් - ගැබ් ගත් විගසම බයිසිකල් පැදීම, උඩ පැනීම හෝ යටි බඩට පහර දීම.
- ගැබ් විස්තාරණය කිරීම මගින් - නිවසේ සොයාගත හැකි උපකරණ මගින් ගබ්සා කරගැනීම. ඇන/ කොන්ඩ කටු/ බයිසිකල් ස්පෝක් කූරු, ගොතන කටු භාවිතය හෝ නැටි වර්ග භාවිතය.
ඒ අනුව ලංකාවේ ගබ්සාවන් සිදු කර ගැනීමට බහුලව පෙළඹෙනුයේ අඩු ආදායම් පවුල්වල කාන්තාවන් ය. එහිදී ගබ්සා කිරීමට විශාල මුදලක් ගෙවීමට නොහැකි කාන්තාවන් අනාරක්ෂිත ගබ්සා කිරීමේ ස්ථාන වලට යයි. අනාරක්ෂිත ගබ්සා හේතුවෙන් ලංකාවේ කාන්තාවන් වසර 250 ක් පමණ මිය යයි. එසේම බොහෝ අය නොයෙකුත් අතුරු ආබාධ වලට ගොදුරු වේ. එනම් ගබ්සාව හේතුවෙන් රක්තපාතය, කම්පනය, ශරීරයට විෂබීජ ඇතුළු වීම තුලින් සිදුවන ආසාදන යනාදියයි. එසේම වඳ භාවයටද මොවුන් ලක්වේ.
ලෝකයේ ජීවය රඳන්නේ මවගේ කුස තුළ නම් එහි හිමිකම ඇත්තේ මවට ය. ජීවයක් නසන්නට මවට අයිතියක් නැත යන මත දෙකම ගබ්සා නීතියක් රටට අවැසි ද යන ව්‍යාකූල ප්‍රශ්නය සමාජය තුළ මතු කරන්නට හේතු වී ඇත.
හිතන්න තව තවත් ජීවිතයකට ජීවිතයක් නැති කරන එක ගැන දෙපාරක් .
නිමි..🖊️🖊️



Good
ReplyDeleteEla
ReplyDeleteGood 😊
ReplyDelete👍👍👍👍
ReplyDelete🌟🌟🌟🌟🌟
ReplyDelete👌👌👌
ReplyDelete👍👍👍
ReplyDelete👍👍
ReplyDelete