ලෝක සාගර දිනය අදයි.
ලෝක සාගර දිනය අදට එනම් 8 වන දිනට යෙදී ඇත. සමුද්‍රිය පරිසරය එහි වැදගත්කම පිළිබඳව ලෝක ප්‍රජාවට දැනුවත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2009 වසරේ සිට සෑම වසරකම ජුනි අට වන දින ලෝක සාගර දිනය ලෙස නම් කරනු ලැබීය. කෙසේ නමුත් සාගර දූෂණය වීම සම්බන්ධව වර්තමානය වන විට, මේ මොහොත වන විට ශ්‍රී ලංකාව දැඩි ඛේදවාචකයකට පත්වී තිබෙන්නේ x press pearl නෞකාව ගිනිබත් වීම නිසා ශ්‍රී ලංකාවේ සාගරික කලාපයට සිදු වූ දැවැන්ත ව්‍යසනය හේතුවෙනි. ලෝක සාගරික දිනය සමරන මේ මොහොතේ ශ්‍රී ලංකාවේ සාගරික කලාපයට අත් වී ඇති ඉරණම සුළු පටු නොවේ. ලෝක සාගර දිනය යනු කුමක්ද? 1992 අවසානයේ බ්‍රසීලයේ පැවති planet earth නම් ලෝක සමුළුවකදී ලෝක සාගර දින නමින් ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද අතර එය ජූනි 8 වන දින සැමරීම සඳහා ලෝක සාගර දිනය නිව්ගසර් නිවාඩු දිනයක් ආරම්භ කරන ලදී. වර්තමානයේ රටවල් 124 ලෝක සාගර දින සැමරීම සඳහා නියෝගයක් අත්සන් කර ඇත. වර්තමානයෙහි පරිසරවේදීන්, ජල සම්පත්ව්වවේදීන්, ඩොල්ෆිනාරියම් සහ සත්වෝද්‍යානවල කම්කරුවන් මුහුදු ජීවීන්ගේ අයිතිවාසිකම් සුරැකීමට මෙන්ම සාගරයේ හා මුහුදේ පාර...