ලෝක සාගර දිනය අදයි.

 


ලෝක සාගර දිනය අදට එනම් 8 වන දිනට යෙදී ඇත. සමුද්‍රිය පරිසරය එහි වැදගත්කම පිළිබඳව ලෝක ප්‍රජාවට දැනුවත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2009 වසරේ සිට සෑම  වසරකම ජුනි අට වන දින ලෝක සාගර දිනය ලෙස නම් කරනු ලැබීය.

කෙසේ නමුත් සාගර දූෂණය වීම සම්බන්ධව වර්තමානය වන විට, මේ මොහොත වන විට ශ්‍රී ලංකාව දැඩි ඛේදවාචකයකට පත්වී තිබෙන්නේ x press pearl නෞකාව ගිනිබත්  වීම නිසා ශ්‍රී ලංකාවේ සාගරික කලාපයට සිදු වූ දැවැන්ත ව්‍යසනය හේතුවෙනි.

 ලෝක සාගරික දිනය සමරන මේ මොහොතේ ශ්‍රී ලංකාවේ සාගරික කලාපයට අත් වී ඇති ඉරණම සුළු පටු නොවේ.

  • ලෝක සාගර දිනය යනු කුමක්ද?

1992 අවසානයේ බ්‍රසීලයේ පැවති planet earth නම් ලෝක සමුළුවකදී ලෝක සාගර දින  නමින් ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද අතර එය ජූනි 8 වන දින සැමරීම සඳහා ලෝක සාගර දිනය නිව්ගසර්  නිවාඩු දිනයක් ආරම්භ කරන ලදී. වර්තමානයේ රටවල් 124  ලෝක සාගර දින සැමරීම සඳහා නියෝගයක් අත්සන් කර ඇත.

වර්තමානයෙහි  පරිසරවේදීන්, ජල සම්පත්ව්වවේදීන්, ඩොල්ෆිනාරියම් සහ සත්වෝද්‍යානවල කම්කරුවන් මුහුදු ජීවීන්ගේ අයිතිවාසිකම් සුරැකීමට මෙන්ම සාගරයේ හා මුහුදේ පාරිසරික පිරිසිකම සඳහා සටන් කිරීමට සියලු ප්‍රයත්න එක්සත් කිරීමට උත්සාහ දරයි.

ලෝක සාගර දිනයට පාරිසරික අර්ථයක් ඇත. සාගරය යනු ජෛව විවිධ විද්‍යාත්මක සමතුලිතතාවට අනුබල  දෙන සුවිශේෂී පාරිසරික පද්ධතියකි. එහෙත් මානව මැදිහත්  වීම මෙම සමතුලිතතාව නිරන්තරයෙන්ම උල්ලංඝනය  කරයි. ලෝක සාගරයේ සෑම වසරකම සාගර ජීවීන් වර්ග දහස් ගණනක් අතුරුදහන් වේ.

පෘථිවියේ විශාල ප්‍රමාණයක් ඇත්තේ ජලයයි. අද ලෝකය මුහුණ දී ඇති ප්‍රබල පාරිසරික අර්බුදයක් බවට සාගර දූෂණය පෙන්වාදිය හැකිය. පොලිතීන් ප්ලාස්ටික් සාගරයට එක් වීම මේ අතරින් ප්‍රධාන ය. එසේම නැව් වලින් මුදා හරින තෙල් , උපද්‍රවකාරී අපද්‍රව්‍ය වලින් ද සාගරයට සිදුවන හානිය සුළුපටු නොවේ.  එසේ ම ගොඩබිම දූෂණය වීම මගින් සාගර දූෂණයට ලක්වීම සාගරයේ මුහුණ දී ඇති ප්‍රබලම අවදානමකි.මේ හැරෙන්නට කර්මාන්ත අපද්‍රව්‍ය යන්ද හොර රහසේ සාගරයට මුදා හැරීම අද විලාසිතාවක් බවට පත්වී ඇත.



 

වසරකට රසදිය 5000කට අධික ප්‍රමාණයක් අපද්‍රව්‍ය සමග සාගර ජලයට එක්වීම සිදු වේ.රසදිය සාගර ජීවීන්ට ශරීරගත වීම නිසා ආහාර දාම ඔස්සේ යමින් මිනිසා ඇතුළු අනෙකුත් සර්වර හෝ මාංශ භක්ෂක ජීවීන් තුළ ස්ථානගත වීමෙන් එම ජීවීන්ට හානි සිදු කරනු ලබයි. මුහුදු ජලයට රසදිය අපද්‍රව්‍ය හේතුවෙන් සිදු වූ මහා ව්‍යසනයක් පිළිබඳව වර්ෂ 1950 දී පමණ ජපානයේ මිනිමාටා බොක්ක අවට සිදු වූ විපත හඳුන්වාදිය හැකිය.  ශ්‍රී ලංකාවේ ද මෙවන් සියලු ආකාරයේ සාගර දූෂණ වාර්තා අනුව සනිටුහන් වී ඇත්තේ සාගර දූෂණය කරන දූපත් රාජ්‍ය අතරින් ශ්‍රී ලංකාව පස් වැනි ස්ථානයේ පසුවන බවයි.

ගොඩබිම මෙන්ම සාගරයද මිනිසාට සම්පතකි.සාගර සම්පත් අතර ප්‍රධාන තැනක් ගන්නේ ජීව විද්‍යාත්මක සම්පත්‍ ය. විවිධාකාර වූ මත්ස්‍යයන්ගෙන් මෙන්ම වෛවර්ණ කොරල් පර, මුහුදු හතු, මෘද්වංශික ජීවීන් හා මුහුදු ඇල්ගී වලින් සාගරය සමන්විතය. ලෝක ජනගහනයේ විශාල ප්‍රමාණයකගේ ප්‍රධාන ප්‍රෝටීන ප්‍රභවය වී ඇත්තේ සාගරයෙන් අල්ලා ගන්නා මත්ස්‍යයින් හා මුහුදු බෙල්ලන් ය. එසේ ම බොහෝමයක් කර්මාන්ත සඳහා වැදගත් වන ඛනිජ ද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය සාගර පත්ලේ මිහිදන් වී ඇත. තඹ, නිකල්, මැංගනීස් කොබෝල්ට් වැනි ලෝහ මෙන්ම තෙල් හා වායු වර්ග ද මේ අතර වේ. ලොව බොහෝ රටවල් මුහුණ පා ඇති උග්‍ර ජල හිඟයට පිලිමයක් සපයන්නේද සාගර සම්පතයි.

ඒ සාගර ජලයේ ලවණ ස්වභාවය ඉවත් කොට මිනිස් පරිභෝජනයට සුදුසු තත්ත්වයට පත් කරලීමේ හැකියාව ලැබී තිබීම නිසාය. එසේම මහ පොළොව මත කාලගුණ තත්ත්වයන් පාලනය කරන්නේද, ස්වභාවික ජල චක්‍රයේ ප්‍රධාන නියමුවා වන්නේද මහා සාගරයයි.


ඉන්දියාව, බංගලාදේශය, චිලී ඇතුළු රටවල් ගණනාවක් ම මිනිස් මළ ද්‍රව්‍ය සෘජුව මුදාහරිනු ලබන්නේ මුහුදටය. ශ්‍රී ලංකාවේද බොහෝ මුහුදුබඩ ප්‍රදේශ වල තත්වය මේ ආකාරයෙන් ම පෙන්වා දිය හැකිය.

වායු දූෂණය හේතුවෙන් මුහුදට පතිත වන දූෂක වලින්ද සමුද්‍ර දූෂණය සිදුවේ. විශේෂයෙන්ම ඛනිජ තෙල් වලට වඩා ලාභදායී ගල් අඟුරු වැඩි වශයෙන් භාවිත කිරීම මගින් පරිසරයට එකතු වන so2 ප්‍රමාණය සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින අතර දිනපතා ටොන් ගණනක් වායුගෝලයට එකතු වන so2 වලින් කොටසක් ධූලි වශයෙන් මුහුදට පතිත වේ. එය සාගර දූෂණයෙන් තුනෙන් එකක ප්‍රමාණයකට ම වග කියන තත්වයකට පත්ව ඇත. න්‍යෂ්ටික අත්හදාබැලීම්, න්‍යෂ්ටික පිපිරීම් නිසා ද න්‍යෂ්ටික විදුලි බලාගාරවලින් පිටවන අපද්‍රව්‍ය නිසාද මුහුදු ජලයට විකිරණශීලි ද්‍රව්‍ය එකතු වේ.

සාගර දූෂණය සිදුවන තවත් ප්‍රධාන ආකාරයක් වන්නේ තෙල් වර්ග එකතු වීමයි. තෙල් ගෙනයන නැව් වලින් ජලයට තෙල් කාන්දුවීම, මුහුද හරහා තෙල් යැවෙන නළ තුළින්  තෙල් කාන්දුවීම, අනතුරු වලින් තෙල් නෞකා මුහුදුබත් වීම වැනි හේතු කාරණා තුළින් මුහුදු ජලයට තෙල් එකතු වීම සිදුවේ. මේ ආකාරයට ලෝකයේ වඩාත් දූෂිත වූ සාගර හා මුහුදු ලෙස සැලකෙන්නේ උතුරු මුහුද, බෝල්ටික් මුහුද, රියෝද ජනයිරෝ අවට මුහුද,ඉන්දුනීසියාවේ ජාවා අවට මුහුද, මධ්‍යධරණි  මුහුද හා ජපන් හොඳයි. 

  • සාගර දූෂණය වැළැක්වීම සඳහා ඇති කරගත් සම්මුති.

සමුද්‍රයේ දූෂණය අද ලොව විශාලතම පරිසර ගැටළුවක් බවට පත්වී ඇති නිසා සමුද්‍ර ජල දූෂණය වැළැක්වීමට ජාත්‍යන්තර වශයෙන් පියවර ගෙන ඇත. නැව් මගින් කෙරෙන සාගර දුෂණය පාලනය කිරීම සඳහා ඇතිකර ගන්නා ලද මාර්පෝලෝ සම්මුතිය (1973), නැව් හා ගුවන් යානා මගින් අපද්‍රව්‍ය මුහුදට දැමීම අත්හිටුවීම සඳහා ඇතිකරගත් ලන්ඩන් සම්මුතිය (1975), ගොඩබිම මාර්ග වලින් අපද්‍රව්‍ය මුහුදට ගලා යෑම වළක්වා ගැනීම සඳහා මධ්‍යධරණී මුහුද අවට රටවල් විසින් ඇති කරගත් බාර්සිලෝනා සම්මුතිය ද (1976) මේ අතරින් ප්‍රධාන වේ.


  •   සාගර දූෂණය නිසා ලැබෙන අහිතකර ප්‍රතිඵල
  • සාගර දූෂණය නිසා සාගරය තුළ සහ එහි අවට ජීවත් වන සතුන් විනාශ වේ.
  • කොරල්පර විනාශ වේ. ඒ හේතුවෙන් මුහුදු ඛාදනය වැඩි වශයෙන් සිදුවේ.
  • සාගර ජීවින්ට ස්වභාවික වාසස්ථාන අහිමිවේ.
  • සාගර ජීවීන්ට ප්‍රජානන හැකියාව අහිමිවේ.
  • සාගර ඔක්සිජන් මට්ටම අඩු වේ.
  • ධීවර කර්මාන්තය අඩපණ වේ.
  • සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යයි.
මීට දින කිහිපයකට පෙර ලංකාවේ කොළඹ වරාය ආසන්නයේ ගිනිගත් x press pearl නෞකාවේ තිබූ රසායනික ද්‍රව්‍ය සුන්බුන් හා අබිලි ද්‍රව්‍ය හේතුවෙන් කොළඹට ආසන්න මුහුදු තීරය මේ වන විටත් විශාල වශයෙන් දූෂණය වී ඇත.x press pearl නෞකාවේ ගින්න හේතුවෙන් ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම සමුද්‍ර දූෂණය සිදු වී අවසන් ය.මේවන විටත් x press pearl නෞකාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට විශාල වශයෙන් හානි සිදුවී ඇති අතර මිනිසාගේ ජීවනෝපායට ද විශාල තර්ජනයක් ඇති වී ඇත.


ලෝකයට උවමනා ඔක්සිජන් වලින් 50% ක්ම ලබා දෙන්නේ මහා සාගරයයි. එසේම පෘථිවියේ ජනනය වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයෙන් 50% ක් උරාගන්නේ ද සාගරයයි.
 අප සහ අපගේ පරම්පරාවන්ට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සහතික කිරීමට අවශ්‍ය වන්නේ නම් සාගරය රැක බලා ගැනීම හා ආරක්ෂා කර ගැනීම අපගේ යුතුකම හා වගකීම වන්නේය.

දිල් ..🖊️🖊️


Comments

Post a Comment

Popular posts from this blog

නව මාධ්‍ය ,සමාජ මාධ්‍ය සහ සමාජය

ගබ්සාව

මුතු බෙල්ලා