Posts

Showing posts from August, 2021

දිනෙන් දින දූෂණයට පත් වන්නා වූ කැළණි ගඟ

Image
  මධ්‍යම කඳුකරයේ පොල්පිටියේදී ආරම්භ වන කැලණි ගඟ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්  18.7%, මහනුවර දිස්ත්‍රික්කයෙන් 0.2% ,රත්නපුර දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයෙන් 3%, කළුතර දිස්ත්‍රික්කයෙන්  0.5%, කෑගල්ල දිස්ත්‍රික් 44%, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 14% හා කොළඹ දිස්ත්‍රික්කයෙන්  19.9% ආවරණය කරමින් ගලා ගොස් කොළඹ මෝදර ප්‍රදේශයෙන් මුහුදට එක්වේ. කැලණි ගඟෙ මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 233,335.කැලණි ගඟේ දිය  දළ වශයෙන් කිලෝමීටර් 145 ක් පමණ වේ. වාර්ෂිකව ගඟට ලැබෙන ජලස්කන්ධය අක්කර අඩි 7,019,000 පමණ වන අතර එයින්  64% කට ආසන්න ප්‍රමාණයක් මුහුදට ගලා බසී. වර්ග කිලෝමීටර් 2292 ගංගා වර්ගඵලයක් ඇති කැලණි ගඟ ඒ ආශ්‍රිතව ඇති කර්මාන්තයන්හි සීඝ්‍ර වර්ධනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඉතා දූෂිත බවට පත්වී ඇත.  කැලණි ගඟ දූෂණය වීමේ ප්‍රධාන මූලාශ්‍රය ගොඩබිම පදනම් කරගත් හේතු නිසා වේ. පිරිපහදු නොකළ කර්මාන්ත අපද්‍රව්‍,ය කෘෂි කර්මාන්ත ,ගෘහාශ්‍රිත  සහ නගරාශ්‍රිත බැහැර කිරීමේ ආදිය ඒ අතර වේ. කැලණි ගඟේ ජල මිනුම් පරීක්ෂාකර බලන විට ජල දූෂණයේ බැරෑරුම්කම කැපී පෙනේ. මෙම ජලය කොළඹ නගරයේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලී...