දිනෙන් දින දූෂණයට පත් වන්නා වූ කැළණි ගඟ

 


මධ්‍යම කඳුකරයේ පොල්පිටියේදී ආරම්භ වන කැලණි ගඟ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්  18.7%, මහනුවර දිස්ත්‍රික්කයෙන් 0.2% ,රත්නපුර දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයෙන් 3%, කළුතර දිස්ත්‍රික්කයෙන්  0.5%, කෑගල්ල දිස්ත්‍රික් 44%, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 14% හා කොළඹ දිස්ත්‍රික්කයෙන්  19.9% ආවරණය කරමින් ගලා ගොස් කොළඹ මෝදර ප්‍රදේශයෙන් මුහුදට එක්වේ. කැලණි ගඟෙ මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 233,335.කැලණි ගඟේ දිය  දළ වශයෙන් කිලෝමීටර් 145 ක් පමණ වේ. වාර්ෂිකව ගඟට ලැබෙන ජලස්කන්ධය අක්කර අඩි 7,019,000 පමණ වන අතර එයින්  64% කට ආසන්න ප්‍රමාණයක් මුහුදට ගලා බසී. වර්ග කිලෝමීටර් 2292 ගංගා වර්ගඵලයක් ඇති කැලණි ගඟ ඒ ආශ්‍රිතව ඇති කර්මාන්තයන්හි සීඝ්‍ර වර්ධනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඉතා දූෂිත බවට පත්වී ඇත. 

කැලණි ගඟ දූෂණය වීමේ ප්‍රධාන මූලාශ්‍රය ගොඩබිම පදනම් කරගත් හේතු නිසා වේ. පිරිපහදු නොකළ කර්මාන්ත අපද්‍රව්‍,ය කෘෂි කර්මාන්ත ,ගෘහාශ්‍රිත  සහ නගරාශ්‍රිත බැහැර කිරීමේ ආදිය ඒ අතර වේ. කැලණි ගඟේ ජල මිනුම් පරීක්ෂාකර බලන විට ජල දූෂණයේ බැරෑරුම්කම කැපී පෙනේ. මෙම ජලය කොළඹ නගරයේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමට යොදා ගැනේ. කොළඹ නගරයේ ප්‍රධාන පානීය ජල මූලාශ්‍රය වන්නේ ද මෙයයි. මේ වන විට ලක් දෙරණේ දූෂිතම ගඟ බවට කැලණි ගග පත්වී ඇති පුවත මේවන විට ප්‍රසිද්ධ වී ඇත.

මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙන්නේ කැළණි ගඟ ආරම්භයේ සිට මුහුදට වැටෙන තුරු ඒ ආශ්‍රිත ව පිහිටි 10,511කට ආසන්න කර්මාන්තශාලාවන්ගෙන් ඇති බලපෑම කැලණි ගග දූෂණය  සඳහා ප්‍රධාන හේතුව බවයි.


මෙරට ප්‍රධාන අපනයන සැකසුම් කලාප වන සීතාවක සහ බියගම ස්ථාපනය කර ඇති කර්මාන්ත ශාලාවල  ක්‍රියාකාරකම් කැලණි ගංගා දූෂණයට ප්‍රධාන ලෙස බලපා ඇත. මේ කර්මාන්තශාලා වලින් බැහැර කරන අපජලය සම්මත පරාමිතීන්ට අනුකූල නොවන ආකාරයට අභ්‍යන්තර ජල මූලාශ්‍ර වලට හා පරිසරයට මුදා හරිනු ලබන අතර අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමවේදය නිසි පරිදි කළමනාකරණය නොවීම, අපජලය පිරිපහදුවෙ න් පසු ඉතුරු වන මඩිති බැහැර කිරීමේ ක්‍රමවේදයන් පරිසර හිතකාමී අන්දමින් සිදු නොවීම අවසන් වශයෙන් ජල මූලාශ්‍රවලට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව පෙනී යයි.

1980 ජාතික  පාරිසරික පනතෙහි 23(a) කොටසෙහි පනවා  ඇති බලතල අනුව පරිසර  ආරක්ෂණ බලපත්‍ර  වැඩසටහන යටතේ කර්මාන්ත ක්‍රියාකාරකම් මඟින් පරිසරයට අප ජලය බැහැර කිරීම නීතිගත කර තිබේ. පරිසරයට අපද්‍රව්‍ය බැහැර කරන යම් කර්මාන්තයක් විසින් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගැනීමට නම් එම අපජලය අදාළ ප්‍රමිතීන්ට අනුකූල වන සේ පිළියම් කළ යුතුය. නිකුත් කරනු ලබන බලපත්‍රයේ සඳහන් ප්‍රමිති සහ කොන්දේසි යටතේ අප ජලය පරිසරයට බැහැර කිරීම අදාල කර්මාන්තයේ නියැලෙන්නන්ගේ වගකීම වේ .

සීතාවක කලාපයේ බලපෑම 

කැළණි මිටියාවතේ ප්‍රධාන කර්මාන්තපුර පුරයක් වන සීතාවක අපනයන සැකසුම් කලාපය ලබා තිබූ පරිසර ආරක්ෂණ බලපත්‍රය වසර අටකින් අලුත් කර නැත. මෙම අපනයන සැකසුම් කලාපයේ ඇඟලුම්, ආහාර හා ප්ලාස්ටික් යනාදී ද්‍රව්‍ය නිපදවන කර්මාන්ත තිස්හතක් අන්තර්ගතය. මේ කලාපය සඳහා 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ 23 (ආ) වගන්තිය අනුව පරිසර ආරක්ෂක බලපත්‍රය අලුත් කර නැත.

 තවද සීතාවක කලාපයට අයත් කර්මාන්ත 37ක අපජලය පිරිපහදුව සඳහා පවතින පොදු අපජල පිරිපහදු මධ්‍යස්ථානයේ ධාරිතාව ද ප්‍රමාණවත්ව නොපවතින බවත්, අපජලය පිරිපහදු මධ්‍යස්ථානයේ ක්ෂුද්‍ර  ජීවීන් විනාශ කිරීමේ යන්ත්‍ර අක්‍රීය වී තිබීම පාරිසරික වශයෙන් ඇතිව තිබූ බලපෑමක් බවත් සීතාවක බියගම අපනයන සැකසුම් කලාප වල කර්මාන්ත වලින් ජනිත වෙන මඩිති ඉවත් කිරීම සඳහා කිසිදු ක්‍රමවේදයක් යොදා නොමැති වීම නිසා මඩති, වැසි ජලය සමග මිශ්‍ර වී ජල මූලාශ්‍ර දූෂණය වී ඇත.

කැලණි ගඟ සම්බන්ධයෙන් කරන ලද නිරීක්ෂණවලදී ගඟ දෙපස අනවසර ඉදිකිරීම් නිසා ගඟ ඉවුරු ඛාදනය, ගඟට මායිම්ව ඉදිකළ හොටෙල් සහ අනවසර ලෙස ඉදිකළ නිවාස වලින් බැහැර කරන ඝන අපද්‍රව්‍,ය මල අපද්‍රව්‍ය සහ අපජලය ගගට එක්වීම, වාහන සේවා ස්ථාන වලින් හා කර්මාන්ත ශාලාවලින්ශාලා වලින් බැහැර කරන අපජලය පිරිපහදුවක් සිදු නොවීම නිසා ජල දූෂණය වීමට ප්‍රධාන හේතු කාරක වේ.

බියගම කලාපය බලපෑම 

මෙහි ඇගලුම්, ආහාරපාන හා ප්ලාස්ටික් යනාදි කර්මාන්තශාලා 60 කින් සමන්විතය. මෙම අපනයන සැකසුම් කලාපයේ පිරිපහදු කරන අපජලය මධ්‍යස්ථානය අසල පිහිටි රැඳවුම් පොකුණට නිකුත් කරනු ලබන අතර අවසානයේ දී ඒ ජලය මැණික් ගඟ ඔස්සේ කැලණි ගඟට එකතු වේ.

අනවසර, අවිධිමත් ඉදිකිරීම්

 විගනන වාර්තා වලට අනුව ගඟේ පළල මීටර දහ අටකට වඩා වැඩි ස්ථානවල ගං ඉවුරේ සිට අඩි 198ක වෙන් කිරීමකින් පසු ඉදිකිරීම් සිදුකළ යුතු වුවත් ඊට පටහැනිව ගං ඉවුරු ආසන්නයේ ම ස්ථිර තාවකාලික ඉදිකිරීම් ගණනය කළ නොහැකි තරම් සිදු කර ඇත.

  •  උදාහරණයක් ලෙස දකුණු ඉවුරේ පිහිටි කොහිලවත්ත සුසාන භූමියේ බැම්ම ගඟ දෙසට කඩා වැටී මළ සිරුරු හා ආවරණ තිබූ ඉටිකොළ ගඟට එකතු වීම
  • රක්ගහවත්ත ඇල රාක්ෂපානගල ප්‍රදේශයේ ස්ථානයන්හි වන්නට ඇති අනවසර ඉදිකිරීම්.

 අවිධිමත් අපද්‍රව්‍ය බැහැර කිරීම 

මෝදර,මට්ටක්කුලිය,වැල්ලම්පිටිය,පෑලියගොඩ,කොළොන්ලොන්නාව සහ අංගොඩ ප්‍රදේශ වලදී කැලණි ගඟට ඝන අපද්‍රව්‍ය විශාල වශයෙන්  බැහැර කරයි. එහිදී ප්ලාස්ටික්, බෝතල්, පොලිසියෙන්, කඩදාසි සහ ගොඩනැගිලි කඩා ඉවත් කිරීම් සියල්ල ගඟට එකතු වෙයි. කර්මාන්ත අපද්‍රව්‍ය, වැසිකිලි අපද්‍රව්‍ය  මේ හරහා එක් වේ.

 අවදානම් 

බැර ලෝහ මිශ්‍ර වතුර බීමෙන් කොළඹ ප්‍රදේශයේ ජනතාවට වකුගඩු රෝග, පිළිකා වැනි දේ ඇති වීමේ අවදානමක් මේ නිසා ඉහළ ගොස් ඇත. අවිස්සාවේල්ල වැනි ප්‍රදේශවල හොටෙල් වලින් නිකුත් කෙරෙන අපද්‍රව්‍,ය රබර් හා තේ වතුවලින් එකතු වන රසායනික ද්‍රව්‍ය ගඟට එක්වේ.කැලණි ගඟ ආශ්‍රිතව ඇති වැසිකිළි වලින් 45%කට පමණ වැසිකිලි වලවල් නොමැත. ඒ සියල්ල කැළණි ගඟට නිරාවරණය වේ. කොළඹ 80%  ජනතාව ජලය ලබා ගනු ලබන්නේ කැලණි ගග ආශ්‍රයෙනි. බැරලෝහ සමඟ ඇති ජලය බීමෙන් වකුගඩු රෝග, පිළිකා රෝග ඇතිවීමේ අවදානම කොළඹ ප්‍රදේශයේ ජනතාවට ඇත. 

කැලණි ගඟ රැකගැනීමට නම්

  •  අනවසර ඉදිකිරීම් නතර කළ යුතුය.
  • ගොඩනැගිලි ඉදිකිරීමේදී පරිසරයට ඇතිවන හානිය අවම කිරීම සම්බන්ධ වගකීම් පළාත් පාලන ආයතන වලට පැවරිය යුතුය.
  • මල අපද්‍රව්‍ය ගඟට එක් වීම වැලැක්විය යුතුය.

  •  අපද්‍රව්‍ය ගඟට සම්බන්ධ වන ඇළ මාර්ග වලට බැහැර කිරීම වැලැක්වීමට ක්‍රියාමාර්ග ගත යුතුය.


මෙවැනි දේ කිරීම හරහා කැලණි ගඟේ ජලය අපිරිසිදු වීම වළකා ලිය හැකිය .මේ සඳහා නිසි බලධාරීන්ගේ අවධානය යොමු වන්නේ නම් කැළණි ගඟ පිරිසිදු කිරීම සඳහා යම් යම් වැඩසටහන් ක්‍රියාත්මක කළ හැකිය .ඒ හරහා සිදු වන්නා වූ ජල දූෂණය යම්තාක් දුරට අවම කර ගැනීමේ හැකියාව අපට පවතී .

දිල්..🖊️🖊️

Comments

Post a Comment

Popular posts from this blog

නව මාධ්‍ය ,සමාජ මාධ්‍ය සහ සමාජය

ගබ්සාව

මුතු බෙල්ලා