ග්‍රාමීය සමාජයේ නූතන මාධ්‍ය භාවිතය
ලංකාව තුළ නූතන මාධ්‍ය බිහි වීමට පෙර පැවති සන්නිවේදන ක්‍රමය වන්නේ සාම්ප්‍රදායික සන්නිවේදන රටාවකි. සාම්ප්‍රදායික මාධ්‍ය ක්‍රියාවලිය තුළ ගොඩනැගෙන අන්තර් පුද්ගල සන්නිවේදනය මෙම සමාජ සන්නිවේදන ක්‍රියාවලියෙහි ප්‍රබල ක්‍රමවේදයක් බවට පත්වී ඇත.සමූහ සන්නිවේදනය සහ සංස්ථාව තුළින් ගොඩනැඟුණු සමාජ ව්‍යුහයෙහි මූලික සමාජ කාරණාව අන්තර් පුද්ගල සන්නිවේදන ක්‍රම රටා තුළින් සංයෝජනය වී සමාජ ප්‍රගමන ක්‍රියාවලිය හා බද්ධ විය. එහි සාම්ප්‍රදායික සංනිවේදනය අභිභවනය කරමින් ගොඩ නැඟුණු නූතන මාධ්‍ය සහ එහි ක්‍රම භාවිතය සමාජ සංයෝජන රටාව වෙනස් කිරීමට හේතු සාධකයක් විය. ගුවන්විදුලිය, පුවත්පත, රූපවාහිනිය සමාජවල කේන්ද්‍රය බවට පත්වෙමින් සමාජය ක්‍රමයෙන් සංවර්ධනීය පරිවර්තනයකට ළඟා කරවීය.
වර්තමානයේ තුළ පුද්ගලයා තොරතුරු ලෝකයක සජීවී කිරීමට අවශ්‍ය ක්‍රමවේදීය කාරණා හා තාක්ෂණික දියුණුව නූතන මාධ්‍ය විසින් හිමිකරගෙන ඇති බව පැහැදිලිව පෙනේ.දෙදහ වර්ෂයේ මුල් දශකය තුළ එම බටහිර ආකෘතිය අපේ සමාජ ක්‍රමවේදයට විසරනය වෙමින් ජනප්‍රිය සමාජ සහ සංස්කෘතික නිර්මාණකරණය සඳහා ජන විඥානය සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් මෙහෙයවූ ආකාරය පර්යේෂණ තුලින් ඔප්පු වී තිබේ. ගැමි ආකෘති සහ නාගරික සමාජ අතර හැසිරීම් රටාව පමණක් නොව පුද්ගල මනෝභාවාත්මක තත්ත්වයන්ගේ ද වෙනස්කම් පවතී. ඒ අනුව මාධ්‍ය ප්‍රධාන ලෙස නාගරික සමාජ කේන්ද්‍ර කරමින් ග්‍රාමීය සමාජ ව්‍යුහය දක්වා තම ආධිපත්‍ය විසුරුවන ආකාරය පැහැදිලිය. මේ සරල සමාජ කාරණාවකට වඩා සංකීර්ණ කාරණාවක් ලෙස දැක්විය හැකිය. ගැමි සමාජ විඥානය නාගරික සමාජය ස්වරූපයට වඩා වෙනස්ය. විෂම ය. විවෘත නොවූ සමාජ සංස්කෘතික ස්භාවේ මිනිසාගේ ආධ්‍යාත්මික කාරණා පමණක් නොව චර්යාත්මක කාර්යයන්ගේ ද සංවෘත ස්වරූපයක් ගොඩ නංවන බව පැහැදිලි වේ. සන්වුර්ත මනෝ භවයක තත්ත්වය තුළ ගොඩනැගෙන හැසිරීම් රටා නාගරික ජන විඤ්ඤාණ ක්‍රමවේදය ස්වරූපයන්ගෙන් පමණක් වෙනස් වේ. මුලදී රූපවාහිනිය ග්‍රාමීය සමාජය ප්‍රතික්ෂේප වුවත් වර්තමානය වන විට එය නැතිවම බැරි අංගයක් බවට පත් වී තිබේ. ගුවන් විදුලිය පුවත්පත ග්‍රාමීය ජන විඥානය මෙහෙයවමින් පොදු සමාජ ක්‍රමවේදයන්ගේ සිට පෞද්ගලික හැසිරීම් රටාවන් දක්වා මිනිසා මෙහෙයවනු ලබයි. සමකාලීන නූතන මාධ්‍ය හා නව මාධ්‍යයන් විසින් ඕනෑම සමාජ සංවිධානයකට සහ සමාජ කණ්ඩායම් වලට නොසලකා හැරිය නොහැකි අවිච්ඡින්න බලපෑමක් කරනවා පමණක් නොව සමාජයීය ජීවිතය විවිධ ක්ෂේත්‍ර අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාව සහ අන්‍යෝන්‍ය අන්තර් ක්‍රියාකාරිත්වය පවත්වා ගෙනයාම සඳහා අවශ්‍ය වන්නාවූ සම්බන්ධීකාරක අනුකලනාත්මක නියාමන භූමිකාවන් ඉටු කරයි.ගෝලීයකරණය හරහා ග්‍රාමීය සමාජයට ජනමාධ්‍ය නැත්නම් නූතන මාධ්‍ය පැමිණීමට පටන් ගෙන ඇත. ඒ අනුව වර්තමානයේ ග්‍රාමීය සමාජ සියල්ලම තුළ මාධ්‍ය භාවිතය ඉතාමත් ඉහළ මට්ටමක පවතිනු දැක ගත හැකිය. පුවත්පත, ගුවන්විදුලිය, රූපවාහිනිය සහ ඉන් ඔබ්බට යමින් අන්තර් ජාලය තුල ෆේස්බුක්,twitter, blogger වැනි සමාජ ජාල වෙබ් අඩවි දක්වාම ග්‍රාමීය සමාජය ක්‍රමයෙන් සංක්‍රමණය වෙමින් පවතී. විශේෂයෙන්ම පුවත්පත්, ගුවන් විදුලියටත් වඩා රූපවාහිනිය පිළිබඳ ඔවුන් තුළ ඇත්තේ ඉතාමත් ආකර්ෂණීය ප්‍රතිරූපයකි. පුවත්පත පිළිබඳව ඔවුන් තුළ දැඩි ආකර්ෂණයක් නොමැත. එයට හේතුව ලෙස සඳහන් කරනු ලබන්නේ ඔවුන් තවමත් කියවීමට දැඩි අකමැත්තකින් පසුවන නිසාය .කෙසේ වෙතත් ගුවන්විදුලි මාධ්‍ය දෙස හැරී බැලීමේදී ඔවුන්ගේ දවස පුරා වෙහෙස මහන්සි නිවා ගැනීම, විනෝදය ආදී දෑ ලබා ගැනීම සඳහා ඔවුන් ගුවන් විදුලිය පරිහරණය කරනු ඇත. නූතන මාධ්‍ය අතරින් සෑම සමාජයක් තුලම ප්‍රබල භූමිකාවක් ඉටුකරනු ලබන රූපවාහිනී මාධ්‍ය ආධිපත්‍යයට අනෙකුත් සියලුම මාධ්‍යයන් අභිබවා යැවීමට හැකි වී ඇත. ග්‍රාමීය ජනයා එහි ගොදුරු බවට පත්වී සිටිති. මුද්‍රිත යන කාරණා අභිභවනය කරමින් රූප රාමු ගැබ්වී තිබීම මෙයට ප්‍රබලතම හේතු සාධකයක් බවට පත්වී ඇත.සමාජය තුළ ප්‍රබල වශයෙන් මතයක් ගොඩනැගීමට අනෙක් මාධ්‍ය වලට වඩා රූපවාහිනී මාධ්‍යයට හැකි වී ඇත.
පුවත්පත, ගුවන් විදුලිය සහ රූපවාහිනි මාධ්‍ය භාවිතයට අමතරව සිනමාව, අන්තර්ජාලය වැනි නව මාධ්‍ය භාවිත කිරීමට මෙම ග්‍රාමීය සමාජය ක්‍රමයෙන් හුරු පුරුදු වී සිටි. ජංගම දුරකථනයේ පැවතීමේ සම්භාවිතාව ඉහළ යෑමේ ප්‍රවණතාවක් මතුවී ඇත. ඒ නිසා නවීන පන්නයේ ජංගම දුරකථන මගින් ඔවුන් බොහෝ විට අන්තර්ජාලයට සම්බන්ධ වේ.සාම්ප්‍රදායික ගැමි මාධ්‍යයන් වන ජන කවි, ජන නාට්ය, කතාන්දර, බෙරවාදන, අභිචාර හා ශාන්තිකර්ම ජන සංගීතය ආදිය තුළ සන්නිවේදන අවශ්‍යතා මෙන්ම බොහෝ සමාජ අවශ්‍යතා ගොඩනගාගත් ගැමියා වර්තමානය වන විට නූතන මාධ්‍ය අතික්‍රමණය කරමින් නව මාධ්‍ය දක්වා සංක්‍රමණය වී ඇත. අද වන විට ග්‍රාමීය ජනතාවගේ බොහෝ කාර්යයන් සඳහා නූතන මාධ්‍ය බෙහෙවින් භාවිතයට ගනු ලබයි.
නිමි .....

Veleuble
ReplyDeleteවැදගත් ලිපියක්
ReplyDeleteBest
ReplyDeleteNiyamai
ReplyDeleteGood 👍👍
ReplyDeleteImportant one
ReplyDelete👍
ReplyDeleteවැදගත් 👍👍💜️
ReplyDelete