මුතු බෙල්ලා
මුතු හා මුතු පර වල තිබිරිගෙය සප්ත මහා සාගරයයි. මුතු යනුවෙන් හැදින්වෙන්නේ මැණික් වර්ගයකි. මේ වටා ගෙතී ඇත්තේ හරි අපූරු කතන්දරයකි. මහ මුහුද මුතු සඟවාගෙන විසිරී පැතිරී පවතින රහස් ගුහාවක් වැනිය. මෙය හටගන්නේ මුතුබෙල්ලා කියන සත්වයා තුළින්ය.ස්වභාව දහමෙන් අපට තිළිණ කළ ආකාරයෙන්ම කිසිදු වෙනස්කමකට හෝ ඔප දැමීමකට භාජනය නොකොට ඒ ආකාරයෙන් ආභරණයකට බහා පැළඳිය හැකි එකම මැණික් වර්ගයද මුතුය.
මුතු බෙල්ලාගේ ශරීරය තුළට අහඹු ලෙස ස්වාභාවිකව ඇතුළුවන වැලි කැටයක් හෝ වෙනත් අපද්‍රව්‍ය නිසා ඔහුට දැනෙන වේදනාව වළක්වා ගැනීමට මුතු මුතුබෙල්ලා විසින් ඔහුගේ ඇඟ තුළින් කැල්සියම් ශ්‍රාවය නිකුත් කරයි. මේ ශ්‍රාවය ඉහත කී ශරීරයට ඇතුළු වී ඇති අපද්‍රව්‍ය වටා තැන්පත් වේ. එසේ නිරන්තරයෙන් මුතු මුතුබෙල්ලා කැල්සියම් ශ්‍රාවය නිකුත් කිරීම තුළින් එය නිරන්තරයෙන් වර්ධක පටල ලෙස ගුලියක් ආකාරයෙන් ශරීරය තුළ ඇති අපද්‍රව්‍ය වටා තැන්පත් වීම තුළ බෙල්ලාට ඒ මගින් ලැබෙන වේදනාව නැති වී යයි. ස්වභාවික මුතු ඇටයක් වර්ධනය වීම සදහා අවුරුදු 15ත් 20ත් අතර කාලයක් ගතවේ.
මුතු ඇට මිනිස් ඇස ගැටෙන්නේ මීට වසර ගණනාවකට පෙර වෙරළ තීරය මත ආහාර සොයන්නට ගන්නා උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි.ඈත අතීතයේ ජපන් ජාතිකයන් විශ්වාස කරනු ලැබුවේ මුතු ඇට නිර්මාණය වන්නේ දේව දූතයන්, දිය කිදුරියන් වගේ මනුෂ්‍ය ලෝකෙට අයත් නොවන බලසම්පන්න සත්වයන්ගේ කඳුළු බිංදු තුළින් බවයි. චීන මතයට අනුව නම් මුතුඇටය මකරුන්ට අයිති වස්තුවකි. මකරුන්ගේ රූපය දිහා අපි හොඳින් බැලුවහොත් අපිට පෙනෙන්නේ ඔවුන් ගෝලාකාර අමුතු දිස්නයකින් යුක්ත වස්තුවක් සුරකින ආකාරයයි.චීන මිථ්‍යාවන්ට අනුව මුතු ඇටය කියන්නේ උසස් මනසක් හා බුද්ධියක සංකේතයකි.
බෙල්ලෙක් යනු හරි අපූරු සත්වයෙකි. මුතු බෙල්ලෙක්ට පුළුවන් තමන්ගේ ලිංගය මාරුකරගන්න.කාලයකදි පුරුෂයෙකු ලෙසත් පසු කාලීනව ස්ත්‍රියක් ලෙසත් මාරුවීමේ අරුම පුදුම හැකියාවක් මුතු බෙල්ලෙක් සතුය.
මුතු කර්මාන්තයට ඇත්තේ දිගු ඉතිහාසයකි. වෛදික යුගය අශ්ව මේධය සදහා සැරසීමට මුතු ගෙන යනු ලැබුවේ ලක්දිවෙන් යැයි මතයක් ඇත. එසේම දේවානම්පියතිස්ස රජු අශෝක රජතුමා වෙත එවු තෑගි අතර මුතු ද තිබූ බව සඳහන් වේ. පුරාතනයේ සිටම ලංකාව මුතුවලින් පොහොසත්ව තිබූ බව සදහන් වේ.අප රටේ මන්නාරම් මුහුදු තීරයේ හමුවූ මුතු ලෝකයේ ලස්සනම මුතු ලෙස පිළිගැනේ. නමුත් අද වන විට මුතු නිෂ්පාදනය කරනු ලැබූ හිටපු මුතු බෙල්ලො සියල්ලම පාහේ වඳ වී ගොස් ඇත. පරිසර දූෂණය මෙයට ප්‍රධානතම හේතුවයි.
කාන්තාවන්ගේ රුව වැඩිකරවිය හැකි සේම මුහුණේ පැහැපත් බව හා සම්බන්ධ එකම මැණික් වර්ගයද මුතුය .සදුගේ අපල සඳහා මුතු පළඳිනවා මෙන්ම ඕනෑම කෙනෙකු මුතු පැලඳීම හෝ ළඟ තබා ගැනීම තුළ නරකක් නොවන බවත් එයින් මානසික සහනයක් ලබාගත හැකි බවත් කියැවේ. එමෙන්ම මුතු ළඟ තබා ගැනීමෙන් එය හිමි පුද්ගලයාගේ ධනය, වත්කම තව තවත් තර වන බවත්, මානසික නිරවුල්භාවය ඇති කර දෙන බවත් සමාජයේ මුල් බැස ඇති විශ්වාසයකි.
අද ලෝකයේ දියුණු රටවල තම ආදරවන්තයා සිය ආදරවන්තියට පිදෙන නම්බුකාර තිළිණයක් බවට මේ ස්වභාවික මුතු එබූ ආභරණයන් පත්වී ඇත.
කිසිම මුතු ඇටයක් තවත් මුතු ඇටයකට සමාන නොවේ. නිදසුනක් ලෙස "හරියට මනුස්සයෙකුට ඒ කෙනාගේ ඇඟිලි සලකුණු වගේ ".එලෙස මුතු ඇට එකිනෙකට වෙනස්ය. මුතු ඇට කවදාවත් සර්වසම්පූර්ණ නිමැවුමක් නොවේ. "හරියට මිනිස්සු වගේ. කිසිම මනුස්සයෙක් පරිපූර්ණ වෙන්නේ නෑ. වගේම එසේ කිවූව ද එහි වටිනාකම අඩු නොවේ ."
අවුරුදු 15ත් 20ත් අතර කාලයක් තුළ මුතු ඇටයකට වේදනා විදින්නට මුතුබෙල්ලන්ට සිදු වේ. වේදනාව, ඉවසීම ,කාලය, දරාගැනීම කොයි තරම් නම් වටින්නේද, කොතරම් සුන්දර ද යන්න මුතුබෙල්ලා ගෙන් අපට ඉගෙන ගත හැකිය.
" ජීවිතේ තේරුම් ගන්න බැරි තැන් මුණගැසුනු විට ස්වභාව ධර්මය දෙස බලන්න."
දිල්....✍️✍️✍️
❤👍
ReplyDelete