නිධානයේ පරිකල්පනීය විචාරය
නිධානය චිත්‍රපටයේ ප්‍රථම රංගනය ඇරඹි නොබෝ වේලාවකින් ප්‍රථම වාස්තුවිෂයික අවස්ථාව වූ උපන් ලප තුනක් සහිත කන්‍යාව හෙවත් අයුරින් විලි අබේනායක ට හමුවේ .ඇය විවාහ කර තෙදිනකට පසු විලි අබේනායක නිවසින් පිට වී කිසියම් ගමනක් යයි. එතැන් සිට අඳුරු ,සුවිසල් ,ගුප්ත වලව්වට සීමා වී ගූඩ ඇවතුම් පැවතුම් ඇති මෙහෙකරුවෙකු සමග තනිවූ අයරින් චිත්‍රපටයේ නිරූපණය කරයි.එහි වාසය කිරීමට නොහැකිව ඇය විලී අබේනායක පැමිණීමට පෙර තම මව කරා යාමට තීරණය කරයි. විලි නිවසට පැමිණි පසු ඇය නොසිටි හෙයින් ඇයව මාව ගේ නිවසට ගොස් නැවත කැඳවාගෙන එයි. මේ අතරතුර කාලයේ දී අයරින් තම මවට පවසන්නේ තමන් තවමත් නිවසින් පිටව ගිය නොඉඳුල් තරුණියව සිටින බවයි. දෙවැනි වර නිවසට ගිය ඇය නැවත විලි පොළඹවා ගැනීමට හැසිරීම් දැක්වුවද විලි එය ප්‍රතික්ෂේප කරයි.ඊට හේතුව ලෙස ඔහු පවසන්නේ විවාහයට පෙර වූ භාරයක් ඔප්පු කරන තුරු අඹුසැමියන් ලෙස එක්විය නොහැකි බවයි. එය ඔප්පු කරන තුරු කිලිටි නොවී සිටිය යුතු යැයි ඔහු මෙහිදී අඟවයි. මේ ප්‍රකාශයන් දෙක මගින් ඔහු අරමුණු දෙකක් ඉටුකර ගැනීමට අපේක්ෂා කරයි. එනම් නිධානයට ගෙන ආ නර බිල්ල ආරක්ෂා කිරීම හා අයරින්...