ලංකාවේ රූප පෙට්ටියට ප්‍රතිපත්තියක් අවශ්‍ය ද?
වගකීම් විරහිත මාධ්‍ය ශ්‍රී ලංකාවේ කලෙක පටන් සිදු වන්නකි.රූපවාහිනිය ආරම්භ වූ දා සිට මේ තාක් ලෝකයේ බොහෝමයක් රටවල් රූපවාහිනිය සම්බන්ධ පර්යේෂණ රැසක් සිදුකර ඇත . මෙයින් 70% කට වැඩි සංඛ්‍යාවක් සඳහා මාතෘකාව වී ඇත්තේ රූපවාහිනිය හා අපරාධ යන්නයි. 1948 දී පමණ රූපවාහිනිය අපරාධ යන තේමාව යටතේ ලෝකය පුරා අධ්‍යයන පන්දාහකට වැඩියෙන් සිදු කර ඇත.
මේ හරහා ළමා මනසට ප්‍රබල බලපෑම් එල්ල කරනු ලබයි .එමෙන්ම හින්දි, දෙමළ, ඉංග්‍රීසි චිත්‍රපට වල මිලේච්ඡ මිනිස් ඝාතන සේම සැබෑවට සිදුවන මිනිස් ඝාතන ප්‍රවෘත්ති ඔස්සේ වාර්තා වාර්තාකරණය එක හා සමාන ලෙස ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබේ. විවිධ රූපවාහිනී නාලිකා තමන්ට ආවේණික මතවාදයන් සමාජගත කිරීම හරහා ප්‍රතිපත්ති නැති රූපවාහිනි මාධ්‍ය වාර්තා කිරීමක් රට තුළ පවතී. එම නිසා ප්‍රතිපත්තියක් සකස්කර ගැනීම වැදගත් වේ. සුවයං වාරණය මාධ්‍යවේදී මාධ්‍යවේදීන් සතු පැවතිය යුතුය .
ප්‍රතිපත්තියක් යනුවෙන් සරලව හඳුන්වන්නේ කිසියම් නිශ්චිත ක්ෂේත්‍රයක ඥානාත්මක ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට යම් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට ඉවහල් වන මාර්ග මාර්ගෝපදේශයයි. විචක්ෂණ තාවය ,රාජ පාලන විධි ආණ්ඩුව හෝ පක්ෂ උපයෝගී කරගන්නා ක්‍රියාමාර්ග ලෙස ඒ විවිධ අනුවර්තන නාමයන්ගෙන් හැඳින්විය හැකිය. විවිධ ප්‍රතිපත්තීන් දක්නට ලැබේ. ඒ අතර මාධ්‍ය ප්‍රතිපත්තිය අවශ්‍යවන්නේ මාධ්‍ය ක්‍රියාවලියෙහි ඥානාන්විත ලෙස හැසිරීම සඳහා මාර්ගෝපදේශයක් හෝ මාර්ගෝපදේශන මාලාවක් අනුගමනය කිරීම සඳහාය.
මාධ්‍ය ප්‍රතිපත්තිය මාධ්‍ය වෘත්තිකයින්ට ම සකස් කරගත හැකි අතර ආණ්ඩුව හෝ පාලකයෙකු විසින් ද නිර්මාණය කළ හැක.ලෝකයේ බොහෝ රටවල් මාධ්‍ය ප්‍රතිපත්ති භාවිතා කරයි. මාධ්‍ය ප්‍රතිපත්ති බිහි වන්නේ පුද්ගලයාගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පදනම් කරගෙනය. නමුත් නිදහස් අදහස් ප්‍රකාශ කිරීම සීමා කරන ප්‍රතිපත්තීන් ද තිබිය යුතුවේ.
සියලුම පුරවැසියන් ගරු කරන අවනත වනු ලබන ප්‍රතිපත්තියක් තිබිය යුතුය. ඇමරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් මාධ්‍ය ප්‍රතිපත්ති මාධ්‍යවේදීන්ටම නිර්මාණය වී ඇත. ජනමාධ්‍ය අපේක්ෂාවන් ඉටු කර ගන්නවාට අමතරව සාරධර්ම සුරැකීම, නිවැරදිව කටයුතු කිරීම, විනිවිද පෙනෙන ආකාරයට ක්‍රියා කිරීම ආදීය ද තිබිය යුතුවේ .
ප්‍රතිපත්ති මාලාවක මූලික අංග කිහිපයක් පෙන්වා දිය හැක.
සත්‍ය හා නිවැරදි බව සාධාරණත්වය හානිය අවම කිරීම ස්වාධීනත්වය හා වගකීම් සහිත බව
වර්තමානය වන විට බහුතර මාධ්‍ය ආයතනයෙන් මුදලට විකිණීම සිදු වේ. බොහෝ රූපවාහිනී නාලිකා අමු අමුවේ පක්ෂග්‍රාහී පුවත්බෙදීම සිදුකරනු ලබයි. බොහෝ මාධ්‍යවේදීන්ට අදාළ ආයතනයන්ගේ න්‍යාය පත්‍රයට අනුව වැඩ කිරීමට සිදු වේ. රැකියාව තුළ ඔවුන් සීමා වීම වීමට ලක් වී ඇත. එම නිසා මාධ්‍ය නියාමනය කිරීමක් අවශ්‍ය වේ. නියාමනය යනු පාලනයක් නොව. ආචාර ආචාර ධර්ම පද්ධතියක් සමඟ නියාමනය වීම් ඉතා වැදගත් වේ. රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශය යන දෙඅංශයටම පොදු ප්‍රතිපත්ති මාලාවක් ගෙන ඒම සිදු කළ යුතු වේ. ඒ හරහා මාධ්‍ය තුළින් සිදුවන්නා වූ අකටයුතුකම් නවතාලිය හැක.
Superb
ReplyDeleteGood
ReplyDelete😍😌❤️
ReplyDelete👍 ❤
ReplyDelete👍 👍 👍
ReplyDelete👍👍
ReplyDeleteGood article 👍👍
ReplyDeleteVery good
ReplyDeleteAwashyama article ekak
ReplyDeleteAwashyama article ekak
ReplyDelete👍
ReplyDelete👌👍
ReplyDelete🌟🌟🌟🌟 ලස්සනයි
ReplyDeletegood...
ReplyDeleteNiyamai nanga.hodata karagena yanna suba pathanava
ReplyDeleteNiyamai akki superd
ReplyDeleteගොඩක් වැදගත් ❤️🥂
ReplyDelete👍👍
ReplyDeleteGreat❤️
ReplyDelete👍👍
ReplyDelete👍👍👍👍
ReplyDelete❤❤❤
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteSuper 👍
ReplyDeleteBest
ReplyDelete