නිධානයේ පරිකල්පනීය විචාරය

නිධානය චිත්‍රපටයේ ප්‍රථම රංගනය ඇරඹි නොබෝ වේලාවකින් ප්‍රථම වාස්තුවිෂයික අවස්ථාව වූ උපන් ලප තුනක් සහිත කන්‍යාව හෙවත් අයුරින් විලි අබේනායක ට හමුවේ .ඇය විවාහ කර තෙදිනකට පසු විලි අබේනායක නිවසින් පිට වී කිසියම් ගමනක් යයි. එතැන් සිට අඳුරු ,සුවිසල් ,ගුප්ත වලව්වට සීමා වී ගූඩ ඇවතුම් පැවතුම් ඇති මෙහෙකරුවෙකු සමග තනිවූ අයරින් චිත්‍රපටයේ නිරූපණය කරයි.එහි වාසය කිරීමට නොහැකිව ඇය විලී අබේනායක පැමිණීමට පෙර තම මව කරා යාමට තීරණය කරයි. විලි නිවසට පැමිණි පසු ඇය නොසිටි හෙයින් ඇයව මාව ගේ නිවසට ගොස් නැවත කැඳවාගෙන එයි. මේ අතරතුර කාලයේ දී අයරින් තම මවට පවසන්නේ තමන් තවමත් නිවසින් පිටව ගිය නොඉඳුල් තරුණියව සිටින බවයි. දෙවැනි වර නිවසට ගිය ඇය නැවත විලි පොළඹවා ගැනීමට හැසිරීම් දැක්වුවද විලි එය ප්‍රතික්ෂේප කරයි.ඊට හේතුව ලෙස ඔහු පවසන්නේ විවාහයට පෙර වූ භාරයක් ඔප්පු කරන තුරු අඹුසැමියන් ලෙස එක්විය නොහැකි බවයි. එය ඔප්පු කරන තුරු කිලිටි නොවී සිටිය යුතු යැයි ඔහු මෙහිදී අඟවයි. මේ ප්‍රකාශයන් දෙක මගින් ඔහු අරමුණු දෙකක් ඉටුකර ගැනීමට අපේක්ෂා කරයි. එනම් නිධානයට ගෙන ආ නර බිල්ල ආරක්ෂා කිරීම හා අයරින් රවටා බිලිදෙන ස්ථානයට රැගෙන යාමයි.
ප්‍රථම රංගනයෙහි අයරින් ගේ කන්‍යාභාවය දැඩි ලෙස සංවාදයට පත් වුව ද දෙවන හා තෙවන කලාපයේ දී ඒ පිළිබඳව නොසලකා හැරීම නිසා සිනමාඛ්‍යානය දුර්වල ස්වභාවයක් ගනී .
නිධානේ ගැනීමට පෙර විලි අසනීප වන අතර අයරින් ගේ උපස්ථාන හමුවේ සුවය ලබයි. පසුව ඇය බාර ඔප්පු කිරීමට යෑමට යෝජනා කරයි ඇය ද එහි ගොස් බාරයක් වීමට අපේක්ෂා කරයි. ඒ දරු සැපතක් පිළිබඳවයි.ක්‍රමයෙන් සුවය ලබන විට ඔවුන් දෙදෙනාගේ ප්‍රේමයද ඇරඹෙන්නට විය.
විලි පාලම් කොන්ත්‍රාත් වැඩ වලට යොමු වන අතර පාලම් වැඩ අවසන් කිරීමට දින නියම කරයි. නමුත් ඔහුට එය ඉටු කළ නොහැකි වෙයි. වලව්ව උකස්කර කොන්ත්‍රාත් ව්‍යාපාරයට මුදල් යොදවා ගැනීම නිසා වලව්ව සින්න වීමට දින නියම වී තිබේ. මේ කාල පරාසය මාස දෙකක් පමණ වෙතැයි චිත්‍රපටයෙන් අඟවනු ලබයි. බාරය ඔප්පු කිරීම පිළිබඳව මේ කාලවකවානුවේ සඳහන් නොවේ. අයරින් වරින් වර අවස්ථා කිහිපයකදීම එය පවසයි. නමුත් ඔහු පවසන්නේ තමන් බාර ඔප්පු කිරීමේ අදහස අත්හැර දැමූ බවයි. තමන් අසනීප වූ අවස්ථාවේදී දෙවියන් පිහිටනු නොවූ හෙයින් දෙවියන් පිළිබඳ විශ්වාසය ඔහුට නැති වූ බව අඟවයි .නමුත් අයරින් ගැන ඔහුට ආදරයක් ඇති වූයේ ද යන්න තහවුරු නොවේ.ඔවුන් දෙදෙනා ආදරයෙන් වෙළී ජීවත් වූ මේ කාලය තුළදී අයරින් ගේ කන්‍යා භාවය රැකෙන්නේ කවර හේතු මතද යන සිනමාඛ්‍යානයෙන් ඉදිරිපත් නොවේ.
දිනක් අසුපිට නැගී ගමනක් ගොස් වලව්වට පැමිණෙන විලීට දකින්නට ලැබෙන්නේ වලව්ව වෙන්දේසි කරවන නෝටීස් අලවා ඇති බවයි. එය ඉරා දැමූ ඔහු තුළ වලව්ව කෙරෙහි අනුරාගයක් හටගණී. එදින රාත්‍රියේම නිධානය ගැනීමේ වැඩපිළිවෙළ සැලසුම් කිරීම ඔහු විසින් සිදුකරනු ලබයි.
ඒ අනුව අයිරින්ගේ හා විලීගේ චරිත නිරූපණය පිළිබඳව අපට පහත නිගමන වලට එළඹිය හැකි ය .
1-- අයිරින් බිලිදී නිධානය ගැනීමේ ඒකායන චේතනාවක් විලී අබේනායකගේ සිත තුළ මුල් කාලයේ සිටම පැවැතියේය.
2--විලි අයිරින් අඹු සැමි සබඳතා නොපැවැත් වූයේ නිධානය ගැනීමේදී කන්‍යාභාවය අවශ්‍ය වූ හෙයිනි.
3-- විලී අබේනායක මුල සිටම ඒකායන චරිතයක් දුෂ්ට චේතනාවක ගිලී ගිය තිර රචකයා අතර ආරූඪයක් වූ මිනීමරුවකු ලෙස නිරූපණය වූවා මිස සමාජ ආර්ථික හා ක්මානසික හේතු ප්‍රත්‍ය මත වේදනීය ඉරණමකට ගොදුරු වන්නා වූ මනුෂ්‍යයකුගේ සංකීර්ණ චරිතයක් නිරූපණය නොවේ.
නිධානය චිත්‍රපටය ශෝකජනකයක් ලෙස සැළකිය හැකිය. ශෝකජනකයක මූලික අපේක්ෂාව ප්‍රේක්ෂකයා තුළ "කරණ රසය" දැන්වීමයි. එනම් උපන් ලප තුනක් සහිත කන්‍යාවක් වූ අයරින් බිලිදී නිධානය ගැනීමට ගිය විලීට වලව්වද රැක ගැනීමට නොහැකි වීමයි. අයරින්ගේ ආදරය ද ඔහුට අහිමි වේ.
කෙටි කතාවේදී මිනීමරුවෙකු වීමේ නියත ඉරණමක නොහැසිරෙන කතානායකයා චිත්‍රපටයේ දී නියත මිනීමරුවෙකු ලෙස හැසිරේ. ඔහු මිනීමරුවකු වීමට වෑයම් කරන්නේ සිය දිවිය නසා ගැනීමෙනි. ඒ සඳහා තමාගේ පාපොච්චාරණය ලියා අවසන් කර තම හදෙහි දුක ලෝකයාට දැනෙන්නේ නම් තමාට මිනිසෙකු වීමට එය ප්‍රමාණවත් යැයි පවසයි.
නමුත් චිත්‍රපටයේ නරඹා අවසාන වන විට ප්‍රේක්ෂකයා තුළ විලී කෙරෙහි ගැඹුරු කම්පාවක් නොපවතී. අයිරින් කෙරෙහි අනුකම්පාවක් උපදී. භයංකාර මනුෂ්‍ය ඝාතනයක් නැරඹීමේ "බාබේරියානු භීතිය" පමණක් ඉතිරි වේ.
කෙටි කතාවේ දී මිනීමරුවෙකු වූ මිනිසෙකුගේ මානසික ස්වභාවය හෙළිදරව් වේ. තමන් තුළ මනුෂ්‍ය ඝාතනයට ආත්ම අනුකම්පාවක් යදින මිනිසකු පෙන්නුම් කරයි.
කවර සංස්කෘතියක වුවද පහසුවෙන් දක්නට නො ලැබෙන විරල ගණයේ මිනී මරුවෙක් පිළිබඳව එම චිත්‍රපටයෙන් පෙන්වා දෙයි.

Good job.
ReplyDeleteGood
ReplyDeleteGood...
ReplyDeleteSuper bn❤️❤️
ReplyDelete👌👌👌
ReplyDeleteGood article 👍👍
ReplyDeleteela❤️
ReplyDeleteela❤️
ReplyDeleteela❤️
ReplyDeleteNidanaya mn balala ne .eth hodata oya liyala tiynava
ReplyDeleteNice...
ReplyDeleteලස්සනයි 😊😊😊😊
ReplyDeleteGood job
ReplyDeleteGood job
ReplyDeleteVeleuble
ReplyDelete👍👍
ReplyDeleteBest
ReplyDeleteGreat❤️
ReplyDeleteBEST 👍
ReplyDeleteBest
ReplyDelete💜️💜️
ReplyDelete❤❤❤
ReplyDeleteSuper 👍
ReplyDelete