ගී පද විවරණය

 


පෙරදිනයක මා පෙම්කළ යුවතිය                                      සිය පුතු නලවනවා                                   මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන්                                      ඈතින් මතු වෙනවා                                  නුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන                                         දයාව වෑහෙනවා                                     සිනාසුනෙමි මම අවිහිංසක ඇය                                          කෝල බැලුම් හෙලුවා                           හිරුට සඳුට නොකියා හොර රහසේ                                     කාලය වියැකෙනවා                              නෙත් අදහන්නට බැරි ලෙස රූසිරි                                         කෙමෙන් මැකී යනවා                              එදා වගේ තවමත් වැට අද්දර                                                   නාමල් පුබුදිනවා                                    නොකා නොබී දුක් වින්ද අතීතය                                             යළි මට සිහිවෙනවා                                                                                                                         *පද රචනය- සුනිල් සරත් පෙරේරා                        * සංගීතය -පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව            *ගායනය -පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව                                    සත්‍ය කල්පිතයක් ඇසුරෙන් නිර්මාණය කළ අපූරු පද පෙරළියක් ලෙස මෙම නිර්මාණය හැඳින්විය හැකිය .මේ ගීතය සම්බන්ධයෙන් බොහෝ දෙනෙක්ට ගැටළු පවතී. මේ ගීතය තුළින් බොහෝ දෙනකු ගන්නා අදහස වන්නේ තමන් විසින් කලින් පෙම්කළ යුවතිය වෙනත් විවාහයක් සිදුකර තමන්ගේ ගීය කියමින් සිය පුතු නලවන බවයි . නමුත් එය එසේ නොවේ. මේ ගීතය තුලින් ඉතා ගැඹුරු අදහසක් මතු කර දෙනු ලබයි  .                                            මෙම ගීතය පුරාවටම පවතින්නේ බෞද්ධ ලක්ෂණයන්ය. අනිත්‍ය ,දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණ මෙම ගීතයෙහි මනාව ගැබ් වී ඇත. ඔහුගේ සෑම ගීයකම දැකිය හැකි පොදු ලක්ෂණයක් ලෙස කාලය, අනිත්‍යතාව හා අනිත්‍යතාවය තුළින් මුසු වූ සුන්දරත්වය ගීතය හරහා ගෙන හැර දැක්වීමට ඔහු සමත් වී ඇත.       "පෙරදිනයක මා පෙම්කළ යුවතිය                                      සිය පුතු නලවනවා"                               අතීතයේ තමන් පෙම් කළ යුවතිය අද ඔහුගේ බිරිඳ බවට පත් වී තමන්ගේම  පුතු නලවයි .පුතා මවට මෙන්ම මව් පුතාටද දක්වන්නේ දැඩි සෙනෙහසකි. තමන්ගේම පුතා නලවන ආකාරය ඔහුට දක්වන ආදරය, උපේක්ෂා සහගත පියකු වශයෙන් හෝ බලා සිටී .                       "මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන්                                    ඈතින් මතු වෙනවා"                                 ඔහු විසින් රචනා කළ ගීතයක්, ඔහු කැමැති ගීතයක් නැතහොත් ඔවුන් දෙදෙනාම  ප්‍රේම කළ කාලයේ ඔහු විසින් ඇයට කියූ ගීතයක් ඇය විසින් දරුවා නැලවීම සඳහා යොදාගෙන යොදා ගෙන ඇත. මේ වන විට එය නැලවිලි ස්වරයකින් ගයන්නට  ඇයට හැකි වී ඇත.                                                                                       නමුත් මෙම ගීතයේ පවතින නිසි අරුත වටහා නොගන්නා පුද්ගලයා මෙය අනියම් ප්‍රේමයකට සමාන කරයි   .                                                             "නුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන                                   දයාව වෑහෙනවා                                             සිනාසුනෙමි මම අවිහිංසක ඇය                                     කෝල බැලුම් හෙලුවා "                            මාතෘත්වය ලැබෙන යුවතිය,යුවතිය  යන භූමිකාව මරණයට පත්වී කාන්තාව, ගැහැණිය නැත්නම් මවගේ භූමිකාව ට පැමිණේ. තමන් පෙර දිනයේ පෙම්කළ යුවතිය දැන් මවක් වී සිය සියපුතු නලවයි.ක්ෂණයෙන් ජීවිත වෙනස් වීම, පුද්ගලයාට ලැබෙන භූමිකාවන්, එයට පුද්ගලයා අන්තර්ගත වන ආකාරය මේ ගීතය තුලින් අපූර්ව ලෙස දක්වා ඇත.නුරාව වෙනුවට දැන් ඇගේ ලැබෙන්නේ දයාව, කරුණාවයි .මව තුළ සිව්බඹ විහරණය ඇති  බව මෙයින් පෙන්වයි. සැමියාගේ සිනහව නුරාව  පැවති නමුත් ඇගේ බැල්ම තුළ නුරාව නොමැත.ඇය ඊට ප්‍රතිචාර දැක්වූයේ  කෝල  බැල්මකිනි .උපේක්ෂා සහගත සැමියෙක් සහ ආදරණීය බිරිඳක් මෙහිදි අපට හමුවේ.                                                                                  " හිරුට සඳුට නොකියා හොර රහසේ                                කාලය වියැකෙනවා                                        නෙත් අදහන්නට බැරි ලෙස රූසිරි                                   කෙමෙන් මැකී යනවා   "                            හිරුටත් සඳුටත් නොකියාම කාලය කෙමෙන් ගමන් කරයි. කාලය අපට නැවැත්විය නොහැක. කාලය යනු පුද්ගලයා වයසට ගෙන යන්නා වූ දෙයකි. කෙමෙන් කෙමෙන් වයසට ගොස් එදා පැවැති සුන්දර රූ සපුව දැන් දැකගත නොහැක. විශේෂයෙන් කාන්තාවක් දරුවකු ප්‍රසූත කිරීමෙන් පසුව වෙනස් වේ  .ඇය තුළින් ඇයගේ සුන්දරත්වය ගිලිහී යයි . මේ ස්වාමියා තමන්ගේ දරුවා වෙනුවෙන් ඇය දක්වන ආදරේ සහ කරන්නා වූ කැපකිරීම බලා නිහතමානී සතුටක් අත් විඳිනු ලබයි .                                                  "එදා වගේ තවමත් වැට අද්දර                                             නාමල් පුබුදිනවා                                          නොකා නොබී දුක් වින්ද අතීතය                                      යළි මට සිහිවෙනවා "                              අතීතයේ ඔවුන් දෙදෙනාගේ දුක් කම්කටොලුවලින්  පිරුණාවූ ජීවිතය තුළින් නැගුන වූ සුන්දර ආදර කතාව ඔහුට සිහි විය .එදා පැවැති ඒ ආදරය අදත් ඒ අයුරින්ම පවතී. "නාමල් පුබුදිනවා" යනුවෙන් අදහස් කරන්නේ ඔවුන් දෙදෙනාගේ නොබිඳුණු ආදරයයි. මෙය සංකේතාත්මක බසකි .කෙසේ නමුත් යුවතියකට කරන ප්‍රේමයට වඩා උතුම් ආදරයක් දැන්  ඔහුගෙන් ඇයට ලැබේ. නොකා නොබී දුක් වින්ද අතීතයේ  දී තමන්ගේ තනියට සිටිමින් මේ දක්වා ගෙවන්නා වූ සුන්දර යුගදිවිය ඔහුගේ මතකයට නැගෙන්නේ සිනහව පිරුණු සතුටකිනි.                                                                      නිමි......                                                 "ප්‍රේමය වූ කලී වචනාර්ථයක් දිය නොහැකි උත්තරීතර බැඳීමකි  "                            

Comments

Post a Comment

Popular posts from this blog

නව මාධ්‍ය ,සමාජ මාධ්‍ය සහ සමාජය

ගබ්සාව

මුතු බෙල්ලා