Posts

Showing posts from November, 2020

වෙළඳ දැන්වීම හා කාන්තාව

Image
  කාන්තාව යනු උත්තරීතර මව් පදවියට උරුමකම් කියන්නියක්  වන අතර එසේ වූ කාන්තාවට හිමිවිය යුතු නිසි ස්ථානය ලබා නොදීම අද සමාජය තුළ දක්නට ලැබෙන කාරණයකි .නවීකරණයෙන් යුක්ත අද සමාජය තුළ මාධ්‍යකරණයට හසුවූ  පුරවැසියා කාන්තාව දකිනු ලබන්නේ වෙළඳ භාණ්ඩයක් ලෙස ය.මුද්‍රිත, රූපවාහිනිය ,ගුවන්විදුලිය සහ නව මාධ්‍ය තුළ වෙළෙඳ භාණ්ඩ බවට පත් වී ඇත්තේ කාන්තාවයි .   පුවත්පතේ මුල් පිටුවේ වෙළඳ දැන්වීම් ටෙලි නාට්‍යය සියල්ලක්ම ඔවුන්ගේ රූප මාධ්‍යය බවට පත්කරගෙන ඇත්තේ කාන්තාවන් ය. මේ නිසා කාන්තා හිංසනය වර්තමානය වන විට උග්‍ර ලෙස සමාජය තුළ උඩුදුවා ඇත  ලෝ ප්‍රකට වෙළඳ සන්නාමයන් වෙළඳ ලෝකයේ වෙළඳ දැන්වීම් වලට පදනම් කරගෙන ඇත්තේ කාන්තාවයි .වර්තමානය වන විට වෙළඳ දැන්වීම් කරුවන්   සහ ආයතනයන් විසින් කාන්තාවගේ සුන්දරත්වය පහත් අන්දමින් මේ සඳහා භාවිතා කරනු ලබයි.      මෙහිදී කාන්තාවගේ නිරුවත, අඩ නිරුවත යොදා ගැනීම  ඛේදනීය තත්වයකි. කෙසේ වුවද වර්තමානය වෙළඳපොල තුළ ටයරයක්  විකිණීම ද යොදාගෙන ඇත්තේ කාන්තාවයි. කාන්තාව සහ  ටයරය  අතර පවතින්නාවූ සමානකම කුමක්ද යන්න මෙහිදී ගැට...

තහනම් චිත්‍රපටි කලාව

Image
ශ්‍රී ලංකාවේ වාරණය ඉතිහාසය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී මුල් කාලයේ දී වාරණය භාවිතා කර ඇත්තේ නාට්‍ය හා සිනමා කර්මාන්තයටයි. විශේෂයෙන්ම සිනමාව වාරණය සඳහා නෛතික ප්‍රතිපත්ති  සැලසෙන්නේ  වර්ෂ 1910 අංක 6 දරණ නාගරික ආඥා පනතේ  110 ඡේදය 15 වැනි උපවගන්තිය  යටතේ ය. මේ යටතේ වේදිකා නාට්‍ය ,චිත්‍රපට, මැජික් , දර්ශන ආදී සියලුම ප්‍රසිද්ධ රැගුම් පාලනය විය .වර්තමානයේ 1912 අංක 7 දරණ රැඟුම් පාලන ආඥා පනත මගින් එය  සිදුවිය .   වාරණය යනුවෙන්  හඳුන්වන්නේ දෝෂ පරික්ෂා කිරීමයි. එහි තිබෙන යෝග්යතාවය පරීක්ෂාවට ලක්කර නොගැලපෙන දෑ ඉවත් කිරීම මෙහිදී සිදුවේ. චිත්‍රපට වර්ගීකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ රැඟුම් පාලක මණ්ඩලය යි. චිත්‍රපට වර්ගීකරණය සහතික ලෙස U,X,A පෙන්වා දිය හැක.      U-- අසීමිත මහජන ප්‍රදර්ශනයට සුදුසු වේ.        X-- වැඩිහිටියන්ට පමණි .                                          A --වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි....

හිම්බා ගෝත්‍රය

Image
  උතුරු නැමීබියාවේ අතිශයින්ම දුෂ්කර ප්‍රදේශවල ජීවත්වන හිම්බා  ගෝත්‍රිකයන් ඉතා සුවිශේෂී ජන කොට්ඨාසයකි. මේ වන විට ඔවුන්ගේ ජන කොට්ඨාසය පනහක් පමණ වේ. මේ ගෝත්‍රයේ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරනු ලබන්නේ කාන්තා පාර්ශවය යි. "මඩ සෝදා ගත් කල ගොවියා රජකමට ද සුදුසුයි" යන්න කියමනක් ඇත. එසේම මඩ නො සෝදා ගත් කල රැජිනක් වන කතුන් ද ඇත. ඔවුන් හිම්බා ගෝත්‍රික කතුන්ය.  ඔවුන් කිසි දිනක ඇඟ සේදීම, ස්නානය කිරීම සිදු නොකරයි .මොවුන් අසල  සිටින කිසිම කෙනෙකු නාසය වසා ගැනීම  නොකළ යුතු ය.  මන්ද යත් ඔවුන් මඩ සිරුරේ ආලේප කර පිරිසුදු වන බැවිනි. එය  ඔවුන්ට අභිමානයක් ගෙන දෙයි. මොවුන්  ඉතා සරල ජීවිතයක් මෙන්ම සාමුහික ව ජීවත් වන ජන කොට්ඨාසයකි. මොවුන් පරිසරයට ඉතා  සංවේදීවන හෙයින් ඔවුන් සරල ආර්ථික පිළිවෙතක් අනුගමනය කරයි. කෘෂිකර්මාන්තය පදනම් කරගත් ආර්ථිකයක් ඇත. එහිදී සත්ව පාලනය ප්‍රධාන තැනක් ගනී. බැටළුවන්, එළුවන්, ගවයන් ඇති කරන අතර ඔවුන්ගේ වත් වත්පොහොසත්කම මැන ගන්නේ තමන් සතු ගවයන් ප්‍රමාණයෙනි. කිරි සහ මස් පරිභෝජනයට ගැනීමට වැඩි කැමැත්තක් දක්වන අතර මිලට්, බඩඉරිඟු ආදි  බෝග ද වගා ...