වෙළඳ දැන්වීම හා කාන්තාව





  කාන්තාව යනු උත්තරීතර මව් පදවියට උරුමකම් කියන්නියක්  වන අතර එසේ වූ කාන්තාවට හිමිවිය යුතු නිසි ස්ථානය ලබා නොදීම අද සමාජය තුළ දක්නට ලැබෙන කාරණයකි .නවීකරණයෙන් යුක්ත අද සමාජය තුළ මාධ්‍යකරණයට හසුවූ  පුරවැසියා කාන්තාව දකිනු ලබන්නේ වෙළඳ භාණ්ඩයක් ලෙස ය.මුද්‍රිත, රූපවාහිනිය ,ගුවන්විදුලිය සහ නව මාධ්‍ය තුළ වෙළෙඳ භාණ්ඩ බවට පත් වී ඇත්තේ කාන්තාවයි .

  පුවත්පතේ මුල් පිටුවේ වෙළඳ දැන්වීම් ටෙලි නාට්‍යය සියල්ලක්ම ඔවුන්ගේ රූප මාධ්‍යය බවට පත්කරගෙන ඇත්තේ කාන්තාවන් ය. මේ නිසා කාන්තා හිංසනය වර්තමානය වන විට උග්‍ර ලෙස සමාජය තුළ උඩුදුවා ඇත  ලෝ ප්‍රකට වෙළඳ සන්නාමයන් වෙළඳ ලෝකයේ වෙළඳ දැන්වීම් වලට පදනම් කරගෙන ඇත්තේ කාන්තාවයි .වර්තමානය වන විට වෙළඳ දැන්වීම් කරුවන්   සහ ආයතනයන් විසින් කාන්තාවගේ සුන්දරත්වය පහත් අන්දමින් මේ සඳහා භාවිතා කරනු ලබයි.   

  මෙහිදී කාන්තාවගේ නිරුවත, අඩ නිරුවත යොදා ගැනීම  ඛේදනීය තත්වයකි. කෙසේ වුවද වර්තමානය වෙළඳපොල තුළ ටයරයක්  විකිණීම ද යොදාගෙන ඇත්තේ කාන්තාවයි. කාන්තාව සහ  ටයරය  අතර පවතින්නාවූ සමානකම කුමක්ද යන්න මෙහිදී ගැටලුවක් පැන නගී . අහස පොළොව වැනි වස්තූන් දෙකක් එකිනෙකට සම්බන්ධ කිරීමෙන් දැන්වීම්කරුවා දරන උත්සාහය සාධාරණීකරණය කළ නොහැක.මෙට්ටයක් උඩ කාන්තාව අඩ නිරුවතින් වැටී සිටින්නේ මෙට්ටේ සිනිඳු බව ඉස්මතු කිරීමට ය.පිරිමියාගේ සුවඳ විලවුන් වල සුවඳට ඇදී එන තරුණිය පිරිමින්ගේ සුවඳට වශීවී  ඔහු ස්පර්ශ කරන්නේ සරාගීව ය. මෙවැනි වෙළඳ දැන්වීම් හරහා පාඨකයා විඳිනු ලබන්නේ ලිංගිකත්වයක් පමණි.  

පිරිමියාට සාපේක්ෂව කාන්තාවන්  වැඩි වශයෙන් වෙළෙඳ දැන්වීම් සඳහා යොදා ගනී .පිරිමි වෙළඳ දැන්වීම් වල රූප රාමුවල දී ඔහුගේ ශක්තිමත් භාවය ,නිර්භීතභාවය ,කඩිසරකම පෙන්වා ඒ සඳහා ඉතා වේගවත් සංගීත කණ්ඩායම් යොදා ගනී. නමුත් කාන්තාවගේ මෘදු මොළොක් ,සිවුමැලි ,රූමත් භාවය සඳහා මන්දගාමී සංගීතය යොදා ගනී.. 

 කාන්තාවගේ ලාලිත්‍ය පවා අද වන විට මුදලට විකිණෙන වූ වෙළෙඳ භාණ්ඩයකි .                


 පසුගිය දශක කීපය තුළ  වෙළඳ දැන්වීම සඳහා කාන්තාවගේ ලිංගිකත්වය හුවා දක්වමින් දැන්වීම් කරකරණය කර තිබීම හාස්‍යයට කරුණකි .    

කාන්තා ලිංගිකත්වය සමාජය තුළ වෙළෙඳ භාණ්ඩයක් බවට පත් වීම තුළ අර්බුද ගණනාවක් ම පැන නගී. විවාහයට පෙර ලිංගික සම්බන්ධතා පැවැත්වීම, විවාහයෙන් පසු අනියම්  සම්බන්ධතාවයන් පවත්වාගෙන යාම, දූෂණයන් වැඩිවීම, අසභ්‍ය දර්ශනයන් බැලීමට යොමු වීම ආදිය පවා සමාජය තුළ වැඩි වෙන්නේ මේ හරහාය.  

 ලෝකයට වීර කාන්තාවන් පහළ වන්නේ, ශ්‍රේෂ්ඨ මිනිසුන් ලෝකයට දායාද කරන්නේ මේ කාන්තාවයි. නමුත් දැන්වීම්කරණය තුළ දී කාන්තාව ආරක්ෂා කිරීම නොව තවත් සමාජයකට විකිණීම සිදු වන්නේ ඔවුන් ඔවුන්ගේ මව් පාර්ශ්වයන් අමතක කරමින් ද යන්න ඔවුන් ගෙන් ඇසිය යුතු.

දැන්වීම්   කරුවාගේ හා මාධ්‍ය වගකීම විය යුත්තේ කාන්තාව සතු වූ අසහාය ශක්තිය ලෝකය ඉදිරියේ අනාවරණය කිරීමය .කාන්තාවගේ මෙකී ශක්තිය ගැලපෙන අයුරින් දැන්වීම්කරණය ට භාවිත කළ යුතු වේ .කාන්තාවට සිදු වන්නා වූ මේ ඛේදවාචකය පිළිබඳව බලධාරීන් විසින් පිළියමක් යොදා තිබීම හරහා කාන්තා හිංසනය අවම කිරීම කළ හැකිය .  

                                                                                             නිමි .........

Comments

  1. Good job.. keep it up 👍

    ReplyDelete
  2. Maru nangi.digatama karagena yanna

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නව මාධ්‍ය ,සමාජ මාධ්‍ය සහ සමාජය

ගබ්සාව

මුතු බෙල්ලා