හිම්බා ගෝත්‍රය
මොවුන් ඉතා සරල ජීවිතයක් මෙන්ම සාමුහික ව ජීවත් වන ජන කොට්ඨාසයකි. මොවුන් පරිසරයට ඉතා සංවේදීවන හෙයින් ඔවුන් සරල ආර්ථික පිළිවෙතක් අනුගමනය කරයි. කෘෂිකර්මාන්තය පදනම් කරගත් ආර්ථිකයක් ඇත. එහිදී සත්ව පාලනය ප්‍රධාන තැනක් ගනී. බැටළුවන්, එළුවන්, ගවයන් ඇති කරන අතර ඔවුන්ගේ වත් වත්පොහොසත්කම මැන ගන්නේ තමන් සතු ගවයන් ප්‍රමාණයෙනි. කිරි සහ මස් පරිභෝජනයට ගැනීමට වැඩි කැමැත්තක් දක්වන අතර මිලට්, බඩඉරිඟු ආදි බෝග ද වගා කරයි. වර්ෂාව තුලින් වගා කරනු ලබයි. ඊට අමතරව පැළෑටි කොළ සහ මී පැණි පරිසරයේ ආශ්‍රිතයෙන් ලබා ගනී.
මෙම ගෝත්‍රයේ වැඩි ජීවන බරක් දරුණු ලබන්නේ වැඩිහිටි ගැහැනුන් සහ තරුණ ගැහැනු ළමයින්ය. හිරු පෑහීමට ප්‍රථම වැඩ අරඹන හිම්බා කතුන් හිරු බැස ගොස් හෝරා කීපයක් ගිය පසු විවේක ලබා ගනී. පිරිමින්ට වඩා වැඩි වගකීම් ප්‍රමාණයක් ඔවුන්ට පැවරී ඇත. දරුවන් හදා වඩා ගැනීම, ආරක්ෂා කර කරගැනීම, ගමට වතුර ඇදීම, නිවාස වලට බදාම සෑදීම, දර එකතු කිරීම ,සතුන්ට කැවීම, පෙවීම, මෙන්ම සතුන්ගෙන් කිරි දොවා ගැනීම, කෑම පිසීම ,ආහාර වලින් සංග්‍රහ කිරීම, ගෙත්තම් කිරීම, ඇඳුම් පැළඳුම් ආභරණ සැකසීම ආදිය සිදු කරනු ලබයි .සත්ව සම්වලින් ඇඳුම් පැළඳීමට මොවුන් විශේෂ කැමැත්තක් දක්වයි.විසිතුරු ආභරණ පැළඳීමට කැමතිය. ඒවා ඉතා සංකීර්ණ මෝස්තර රටා හා වියමන් වලින් සමන්විත වේ.
ඔවුන්ගේ දේශගුණයට ආවේණික ගැළපෙන විලාසිතාවන් අතර කොණ්ඩ විලාසිතා ප්‍රධාන තැනක් ගනී. එලුවන්ගෙ කෙඳී, බටර් සහ මඩ මිශ්‍ර කොට සාදා ගන්නා මිශ්‍රණය කොණ්ඩෙ සඳහා භාවිතා කරයි. ඇතැම් විට මේ සඳහා ඉන්දියානුවන්ගේ කෙස් යොදා දාගැනීම කරනු ලබයි.
හිම්බා කාන්තාවන්ගේ විවාහක අවිවාහක බව, මල්වර වීම කොන්ඩා විලාසිතා අනුව නිගමනය කළ හැකි ය. විවාහයේදී පිරිමියෙකුට කාන්තාවන් ඕනෑම සංඛ්‍යාවක් කාන්තාවට ඕනෑම පිරිමින් සංඛ්‍යාවක් විවාහ කරගත හැකිය .මල්වර නොවූ දැරියක් මඩ නොතැවරුනු කොන්ඩා කරල් දෙකකින්ද , මල්වර වූ අලුත් දැරියක් මුහුණ වැසෙන සේ මඩ තැවරුණු කොණ්ඩා කරල් ගණනාවක් දමා සිටිනු දැකගත හැකිය . විවාහයට සුදුසු වයසේ තරුණියන් කොණ්ඩා කරා කිහිපයක් මුහුණ ඉදිරියටද පිටුපසට දමා ගෙන ඇත. විවාහ වී වසරක් ගත වූ පසු දරුවකු බිහි කළ පසු මඩ තැවරුණු කොණ්ඩා මෝස්තරය ට අමතරව සත්ව සම්වලින් සෑදූ කුඩා ඔටුන්නක් හිස මුදුනේ සවි කර ගනී. කුඩා දරුවන්ගේ හිස බූ ගා ඇත .නිවුන් දරුවන්ගේ එක් කොන්ඩා කරලක් ඇත. අවිවාහක පිරිමි හිස කෙස් ගොතන්නේ තනි කරලට ය. එය හිස පිටුපස සිට ඉදිරියටය.විවාහක පිරිමි කොණ්ඩය ගොතන්නේ නැත .ඔවුහු තොප්පියක් හෝ ජටාවක් හිසේ රඳවාගනී. බැඳපු පිරිමි එසේ නොකරයි. ඔවුන් හිස බූ ගා ගැනීම සිදුකරනු ලබයි.
මාතෘමූලික මෙන්ම පීතෘමූලික කණ්ඩායම් ද ඇත. පිරිමින්ට පැවරෙන්නේ සතුන් ප්‍රවාහය වැඩි කරගැනීම ,සතුන් දඩයම් කිරීම, නිවෙසක් තනා ගැනීම,ඊට අමතරව ඔවුහු තමන් ජීවත්වන ප්‍රදේශයේ ආසන්නයේ ගම්වලට ගොස් එහි ප්‍රධානීන් සමග එක්ව ගැටලු නිරාකරණය කරගනී. ජීවත් වීමට සුදුසු බිම් තෝරා ගන්නේ පිරිමින් විසින් ය.
ඔවුන් ජීවත්වන්නේ උෂ්ණාධික කලාපයක හේතුවෙන් දැඩි හිරු එළියෙන් තමන්ගේ සමට වන හානිය අවම කර ගන්නට ඔවුහු රතු මැටි හෙවත් යමුසු මැටි මිශ්‍රණය ශරීරවල හා හිසකෙස් වල තවරා ගනී. ඒ රතු පැහැය පොළොව සහ රුධිරය සංකේතවත් කරන බව ඔවුන් විශ්වාස කරයි.
මුකුරු නැමැති දෙවි කෙනෙකු හැරුණු විට මියගිය මුතුන් මිත්තන් වන්දනාමාන කිරීම සිදුකරනු ලබයි. ඊට අමතරව අදෘශ්‍යමාන බලවේගයන් විශ්වාස කරනු ලබයි .
කාන්තාව ලී කොට්ටා වල නිදා ගනු ලබන අතර බටර් හා ඔක්‍රේ මිශ්‍රණය හිරු එළියෙන් හා කෘමීන්ගෙන් සම රැක ගැනීමට යොදා ගනී. ඔවුන් වතුර ඇති කාලයට ඇඟ සෝදන අතර ඇඳුම් සේදීමට ජලය නොමැති නිසා ගස් වලින් සාදාගන්නා සේදුම් කාරකයක් මේ සඳහා යොදා ගනී.
මොවුන් අදිනු ලබන්නේ කෙටි වස්ත්‍රය. හරක් සම්වලින් හෝ රෙදි වලින් මැසූ කෙටි සායවල්ය. සෑම කාන්තාවකගේම ගෙලෙහි විශාල සුදු මාලයක් ඇත. එය "ඔහුම්බා" නමින් හඳුන්වයි. එය මවගෙන් දියණියට පරම්පරාවෙන් උරුම වේ.එය යකඩ හෝ තඹ වලින් සෑදූ බර මාලයකි .ඔමන්ග්ගෙට් වලින් සෑදූ ආභරණ වලට වැඩි කැමැත්තක් දක්වයි. එය පැළඳ ඇවිද යනවිට ශබ්දයක් නැගේ.
නමුත් ගෝලීයකරණයත් සමග තාක්ෂණය ලෝකයේ අස්සක් මුල්ලක් නෑර ව්‍යාප්ත වී ඇත. ඔවුන්ගේ සමාජය ද නූතන නවීකරණ සමාජයට අනුගත වේ එම නිසා ඔවුන්ද ලෝකයේ තවත් එක් සාමාන්‍ය ජන කොට්ඨාසයක් පමණක් වන්නට වැඩි කල් ගත වන්නේ නැත.


Good article 👍
ReplyDeleteSuper👍👍
ReplyDelete👉💜️💜️💜️
ReplyDeleteEka niymai...
ReplyDeleteSupper👌👌👌👌
ReplyDeleteBest 👍👍
ReplyDeleteEla
ReplyDelete❤️👍
ReplyDelete❤️🥂
ReplyDeleteSuper 👍
ReplyDeleteGreat❤️
ReplyDeleteGreat❤️
ReplyDeleteGood job
ReplyDelete