තහනම් චිත්‍රපටි කලාව
වාරණය යනුවෙන් හඳුන්වන්නේ දෝෂ පරික්ෂා කිරීමයි. එහි තිබෙන යෝග්යතාවය පරීක්ෂාවට ලක්කර නොගැලපෙන දෑ ඉවත් කිරීම මෙහිදී සිදුවේ. චිත්‍රපට වර්ගීකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ රැඟුම් පාලක මණ්ඩලය යි. චිත්‍රපට වර්ගීකරණය සහතික ලෙස U,X,A පෙන්වා දිය හැක.
U-- අසීමිත මහජන ප්‍රදර්ශනයට සුදුසු වේ. X-- වැඩිහිටියන්ට පමණි . A --වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි.
ලිංගිකත්වය, යුද්ධය හා ආගමට අමතරව දේශපාලනික මැදිහත්වීම නිසා සිනමාකරණය වාරණය වේ.ශ්‍රී ලාංකික සිනමාව තුළ මුලින්ම තහනම් කරනු ලැබූ චිත්‍රපටය බෞද්ධ චිත්‍රපටයකි .ඒ THE LIGHT OF ASIA හෙවත් ආසියාවේ ආලෝකය නමැති චිචිත්‍රපටයයි . සම්පූර්ණයෙන් ම තහනම් කන ලද ශ්‍රී ලංකාවේ පළමු චිත්‍ර පටය1960 තිරගත වූ "නළඟන" චිත්‍රපටය යි .( L.S රාම චන්ද්‍ර) නමුත් එහි ගීතය අතිශය ජනප්‍රිය විය .
උදාහරණයක් ලෙස "පරම රමණී අපේ ආලේ...." හැඳින්විය හැක.
සිංහල සිනමාවේ පළමු ඇනිමේෂන් චිත්‍රපටිය 1979 නිර්මාණය වූ දුටු ගැමුණු චිත්‍රපටය යි .එය දේශපාලනික කාරණයක් හේතුවෙන් වාරණය වීම සිදුවිය. එක් දිනක් පමණක් තිරගත වූ මෙහි සුරනිමල යෝධයා අලියෙකු අල්ලා විසි කරන දර්ශනයක් පැවති හෙයින් එවක ආණ්ඩුව එය තහනම් කළ ලදී .
1981වසරේ ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ "සාගරය මැද "චිත්‍රපටය වාරණය කළේය.1998 වසරෙ නිර්මාණය වූ "තීන්දුව" චිත්‍රපටය දේශපාලනික හේතු මත තහනමට ලක්වූ තවත් එකකි. ගාමිණී ෆොන්සේකාගේ අධ්‍යක්ෂණයක් වූමෙහි මිලිටරිකරණයවන පාලන තන්ත්‍රයක් මගින් රට කරවන අන්දම පිළිබඳව දක්වා ඇත.යුද්ධය පවතින අවස්ථාවක, සෙබළුන් කැපකිරීම් කැප කිරීමක් කර රට වෙනුවෙන් සටන් කරන අවස්ථාවක ඔවුන්ගේ මානසික තත්ත්වයට මේ හරහා බලපෑම් කරන නිසා ආරක්ෂක අමාත්‍යාංශයේ අනුදැනුම මත මෙය තහනම් කළේය.
2005 වසරේ නිර්මාණය වූ "අක්ෂරය" චිත්‍රපටය අශෝක හඳගමගේ තවත් නිර්මාණයකි .එයද තහනමකට ලක් විය.PSYCHO-SEXUALTRANMA තත්ත්වයක් සහිත අධිකරණ විනිසුරු පවුලක් වටාගෙතුණුකතාවකි.මුලින්මමෙය"වැඩිහිටියන්ට පමණි" ලේඛනය යටතේ තිරගත විය.නමුත් ළමා අපයෝජනයක් සිදු වන බව සඳහන් කරමින් සංස්කෘතික ඇමැතිවරයා මෙය තහනම් කිරීමකට නියෝගයක් ලබා දුන්නේය . කුඩා දරුවකු හා මවත් දෙදෙනා එකවර නිරුවතින් නාන බේසමක සිටින දර්ශනයක් අඩංගු වීම නිසා මේ තහනම් විය.
හමුදා නිල ඇඳුම් භාවිත කරමින් එයට හානි කළා යැයි 2011 දී තිර ගත වූ "ඉගිලෙනමාලුවෝ" චිත්‍රපටය තහනම් විය. සංජීව පුෂ්පකුමාරගේ අධ්‍යක්ෂණයක් වූ මෙය එල්ටීටීඊ සංවිධානයේ මුදල් ආධාර ලබා නිර්මාණය වූවක් හෙයින් එයට චෝදනා එල්ල විය .එහි පිටපත් රාජසන්තක කර ශිල්පීන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමක් ද සිදු කර ඇත.විශේෂයෙන්ම ලිංගිකත්වය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා ලිංගික නැඹුරුතාවය ආදිය සිනමාවේ ප්‍රධාන මාතෘකාවන් වූ හෙයින් එයට දැඩි ලෙස විවේචන එල්ල විය. 2003 වසරේ අසෝක හඳගමගේ නිර්මාණයක් වූ "තනි තටුවෙන් පියාඹන්න" චිත්‍රපටයේ ගැහැනිය දුම්බීම හා කාන්තාවක් සමඟ සමලිංගික සම්බන්ධතා පැවැත්වීම ආදී කරුණු අඩංගු වීම හේතුවෙන් තහනමකට ලක්විය.
2016 දී තිරගත වූ "සය පෙති කුසුම" චිත්‍රපටයට ද බොහෝ විවේචනයන් එල්ල විය.1997 දී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ "පුරහඳ කළුවර" චිත්‍රපටය ද තහනම් විය. නමුත් 2091 වසරේදී මේ චිත්‍රපටය නැවත මහජන ප්‍රදර්ශනයට ලබාදීම සිදුවිය.2004 වසරේ දී සත්‍යජිත් විසින් අධ්‍යක්ෂණය කළ "බොරදිය පොකුණ" 2010 වසර වන තෙක් රැඟුම් පාලන මණ්ඩලයේ තිරගත කිරීමට අවසර නොදුන් අතර 2015 වසරේ මෙය තිරගත වීම සිදුවිය.
නොයෙකුත් ක්ෂේත්‍රයන්ගේ කතාබහට ලක්වූ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ "උසාවිය නිහඩයි" වාර්තා චිත්‍රපටයට නඩු විභාගයක් ද සිදු කරන ලදී .නමුත් පසුව එය ඉවත් කර ගැනීමට හැකියාව ලැබී ය.
මේ ආකාරයට ශ්‍රී ලංකාවේ බොහෝ චිත්‍රපට තහනමට හා වාරණයට ලක් වී තිබුණද මේ චිත්‍රපට බහුතරයක් අන්තර්ජාලය හරහා නැරඹීම සිදුකරනු ලබයි.
නිමි......




Great one 👍👍
ReplyDeleteලස්සනයි
ReplyDeleteWow 🔥
ReplyDeleteGood...❤️
ReplyDelete👍
ReplyDeleteNiyamai
ReplyDelete👍🤟
ReplyDelete👌👌
ReplyDeleteGreat👌👌
ReplyDeleteImportant article ❤️👍
ReplyDeleteEkanm super
ReplyDeleteGood article ❤️👍
ReplyDeleteVery nice👌👌👌
ReplyDeleteSuper.
ReplyDeleteSuperb
ReplyDelete❤️🔥
ReplyDeleteGREAT 👌
ReplyDeletegood
ReplyDeleteGood 👍👍
ReplyDeleteLassanaiiiii
ReplyDeleteGreat❤️
ReplyDelete