හිපි සංස්කෘතිය
හිපි සංස්කෘතිය තුළ සමාජ සංස්කෘතියට හා සභ්‍යත්වයට විරුද්ධ ව පැවැති ක්‍රියාකාරකම් නිසා හිපියන්ට සමාජයෙන් විරෝධයක් එල්ල වන්නට විය ක්‍රම ක්‍රමයෙන් හිපි සංස්කෘතිය පිරිහී යන්නට සමාජ බලපෑම ප්‍රබල හේතුවක් වූ නමුත් හිපියන් ට ආවේණික ව තිබුණු ගති ලක්ෂණ බොහෝමයක් නවතාවයකින් යුතුව ජනප්‍රිය සමාජයේ මතු වුව ආයේය.
චිත්ත සමාධි උදෙසා මේ හිපියන් මත්ද්‍රව්‍ය භාවිතා කළ අතර එය සාමාන්‍ය සමාජයේ විවේචනයට ලක් විය .හිසකේ වවාගෙන සැහැල්ලු ඇඳුම් පැළඳුම්වලින් සැරසී ගත් හිපියන් සමාජයේ හැසිරෙන්නෙ අනෙකුත් අයගේ සමාජමය වටිනාකම වලට අභියෝග එල්ල කරමිනි . පෞද්ගලික නිදහස අගය කළ හිපියන් සම්මත සමාජයේ වෙසෙන්නන්ගේ නිදහස පිළිබඳ සිතුවේ නැති තරම්ය. මෙවැනි කාරණා නිසා සම්මත සමාජය මෙම උප සංස්කෘතියට එරෙහිව ක්‍රියාත්මක වෙමින් තිබුණි.
1966 ඔක්තෝම්බර් 6 වන දා කැලිෆෝනියාවේ විසූ හිපියන් සංඛ්‍යාව පහළොස් දාහ ඉක්ම වූ අතර ප්‍රාන්ත රජයට ප්‍රති සංස්කෘත මත දරන මොවුන් මහත් හිසරදයක්ව තිබුණි .LSD තහනමට ලක් කිරීම හිමියන්ගෙ දැඩි විරෝධයට හේතු වූයේය. ඔවුහු එම විරෝධය පළ කරනු පිණිස සැන් ප්රැන්සිස්කෝ හි දැවැන්ත රැලියක් පැවැත් වූහ. එහිදී ඔවුන් කියා සිටියේ LSD භාවිතා කරන්නන් අපරාධකරුවන් හෝ මානසික රෝගී නො වේය කියාය . එසේම හිපි සංස්කෘතිය ට එරෙහි ව ගොඩනැගුණු තවත් තර්කයක් වූයේ පවුල් ඒකකයක් රහිත දරුවන් බිහිවීම සමාජයට තර්ජනයක් වන බවයි .
80 දශකය වන විට හිපි සංස්කෘතිය ගරා වැටෙමින් තිබුණි .සමාජය හා ආර්ථිකය වඩාත් සංකීර්ණ වීම සමහර විට ඊට හේතුවන්නට ඇත. අනෙකුත් අතට තුරුණු වියේදී හිපියන් බවට පත්වූ අය වියපත් වෙද්දී එම ජීවන රටාවන් ගෙන් බැහැර වූ අතර තවත් අය මත්ද්‍රව්‍ය වලට පමණක් වඩා ලොල් වී ජීවිත විනාශ කර ගත්හ .
කෙසේ වෙතත් හිපියන්ගේ ප්‍රති සංස්කෘත ලක්ෂණ ප්‍රධාන සමාජයටද කාන්දු වෙමින් තිබුණි .හිසකේ හා රැවුල වැවීම, වෛවර්ණ සැහැල්ලු ඇඳුම් වලින් සැරසීම ,ටයි and ඩයි කමිස හා ටී ෂර්ට් එසේ ප්‍රධාන සමාජයට කාන්දු වූ ලක්ෂණ ලෙස සැලකීමට පුළුවන.එමෙන් ම ආධ්‍යාත්මික වටිනාකම් සෙවීමට, සෞඛ්‍ය සම්පන්න ආහාරයන්ට නැඹුරුවීමට, මස් මාංශ වලින් තොර වීමට සාමාන්‍ය ජනතාවද පුරුදු පුරුදු වෙමින් සිටි නමුත් ඔවුන් හිපියන් මෙන් එඬේර ජීවිතයක් ගත කිරීමට නැඹුරු වූයේ නැත. ප්‍රධාන සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කර ගන්නා අතරතුර ඔවුන් උපසංස්කෘතියෙන් තමන්ට ලැබෙන කාරණා උකහා ගත්හ.
1950-1960 දශකවල ටයිපටිය අත්‍යවශ්‍ය අංගයක් ලෙස සැලකුණ ද හිපියන්ට ටයි පටිය ප්‍රතික්ෂේප කළහ .ප්‍රධාන සමාජය ද ක්‍රමයෙන් ටයි පටිය රහිතව ඇඳුම් කට්ටලයන්ගෙන් සැරසීමට 60 දශකයේ අගදී නැඹුරු වූයේ හිපියන් ගෙන් එම ආභාෂය ලබා ගනිමිනි. අදටත් එම තත්ත්වය එසේම දක්නට ලැබේ .
වඩාත්ච ප්‍රචලිත නැතත් අදත් හිපියන් හා සාමාන තරුණ කොටස් ලෝකයේ විවිධ රටවල දී දැක ගන්නට පුළුවන හිපියන් ට සමානව නව යුගයේ තරුණ කල්ලි අද එංගලන්තයේ වෙසෙන නමුත් ඔවුන් තමන් හිපියන් ලෙස හඳුන්වනවාට ඔවුන් කැමැති නැත. ඔවුහු තමන් සාමය රැගෙන යන්නන් යනුවෙන් හඳුන්වා ගනිති .
මේ හා සමාන කණ්ඩායම් ලොව විවිධ රටවල දැකගත හැකි නමුත් 60 හා 70 දශකවල මෙන් දැන් අතිවිශාල සහභාගිත්වයකින් යුතු රැලි හෝ සංගීත සංදර්ශන දැක ගන්නට නැත. නමුත් එම කණ්ඩායම්ද සැහැල්ලු ඇඳුම් පැළඳුම් සැහැල්ලු ජීවන රටා අගය කරති. ඔවුන් පාවිච්චි කරන්නේද හිපියන් ගේ වාහන වලට සමාන වාහනය. සංගීතයට ප්‍රිය කරන ඔවුහු හිපියන් මෙන් මත්ද්‍රව්‍ය කෙරෙහි එතරම් නැඹුරුවක් පළ නො කරති. ලිංගික විප්ලවය අසාර්ථක එකක් ලෙස පිළිගන්නා ඔවුන් සමාන ලිංගික ජීවිත ගත කරති. කෙසේ වෙතත් මේ අය අතර ප්‍රචණ්ඩකාරී ව හැසිරෙන කල්ලි ද නැතුවාම නොවේ .ජනප්‍රිය සංස්කෘතියේ වැදගත් මාතෘකාවක් ලෙස හිපි සංස්කෘතිය අධ්‍යයනය ඔබට වැදගත් වේ .
නිමි .....



👍 ggreat article
ReplyDeleteNiyamai
ReplyDeleteහොඳ දෙයක්..
ReplyDeleteGood article
ReplyDelete👌👌👌👌
ReplyDelete❤😍
ReplyDelete👍👍👍👍
ReplyDeleteGood jb😍
ReplyDelete👍❤️
ReplyDeleteවටිනවා👍👍
ReplyDeleteGood....😍
ReplyDeletewedagath lipiyak
ReplyDeleteGodak hodai
ReplyDeleteGood
ReplyDeleteBest
ReplyDelete👍👍👍
ReplyDelete👍👍👍
ReplyDeleteGreat article
ReplyDeleteNiymai
ReplyDelete💪💪💓
ReplyDelete💜️💜️💜️
ReplyDelete