රෙගේ සංගීතයේ සංකේතය

 බොබි මාලේ 


"අයාලේ නිශ්චිත ඉලක්ක අහිමිකරගත් පාරිභෝජනවාදය  මුල්කරගත්  ජනතාවක් වෙසෙන සමාජයකට මෙන්ම මර්දනය, පීඩනය ,උරුමය අහිමි වූ අහිංසක ජනතාවක් වෙසෙන සමාජයකට වුව ද ,නිවැරැදි දෙසට ඔවුන්  ගමන් කරවන්නට,  ආදරය අහිමි වූ සමාජයකට ආදරය පිළිබඳ පෙන්වා දෙන්නට, පරමාදර්ශී චරිත වලට ඇත්තේ ඉහළ ශක්‍යතාවයකි. මෙසේ හව්හරණක් නොමැති ශත වර්ෂ දෙකක් පමණ ජීවත් වූ ජනතාවට හඬක් වන්නට  ඔවුන් පෙළෙන්නා වූ  පීඩාකාරීත්වය ලෝකයට පෙන්වා දෙන්නට සංකේතීය  පියාගේ භූමිකාව රඟ දක්වන්නට, පරමාදර්ශය වන්නට සමත් වූවෙක් ලෙස bob marley හැඳින්විය හැකිය ."

මෙම සංවාදය හරහා ඔහුගේ නිර්මාණ සඳහා පසුතල වී ඇති සමාජ දේශපාලන කරුණු හා ජනප්‍රිය සංස්කෘතියට  ඔහුගේ නිර්මාණ මඟින්මා ලබාදී ඇති දායකත්වය  පෙන්වා දී ඇත .

ඔහුට තරු සංකල්පනාවන් නොතිබුණි. සිය වර්ගයාගේ ජීවන ගැටළු විග්‍රහ කිරීමට ඔහුට අවශ්‍ය විය. ඔහු ඒ හෙයින් නිර්භය චරිතයක් ලෙස ප්‍රසිද්ධිය ඉසිලීය . සුදු ජාතිකයන්ගේ යකඩ සපත්තු වලට පෑගුන තම ජනතාව වෙනුවෙන් බිහි කළ  නිර්මාණාත්මක ආදර්ශයන් රැසක් ඔහුගේ ගීතය තුළින් තුලින් පෙන්වා දෙයි.

ඔහු ඉතා ජනප්‍රිය ගායකයෙකි. ඔහු දැවැන්ත චරිතයක් වීමට හේතු ගණනාවක් පවතී .ඔහු තමන්ගේ මිනිස්සුන්ගේ ප්‍රශ්න සියල්ල ලෝකයට ප්‍රකාශ කරනු ලැබුවේ ගීතය හරහා ය. ඔහු ප්‍රේම ගීත ගායනා කර ඇත්තේ එකක් හෝ දෙකක් පමණි. අනෙක් හැම ගීතයකම තියෙන්නේ තමන්ගේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න, ජීවන ගැටලු පිළිබඳවයි. ඔහු අපූරු මානව හිතවාදියෙකි. තවත් සමහරු ඔහු දකින්නේ ෆැෂන් එකක් ලෙසය. තවත් සමහරු ඔහුව ගංජාකාරයෙකු  ලෙස දකී. ඔහුගේ කොණ්ඩෙ, ඇඳුම් ,පැළඳුම් මෙන් ම රේගේ ගීත ශෛලිය ද ෆැෂන්  එකක් විය.

මෙලඩියක් නොමැති ඔහුගේ ගීත ශෛලිය මිනිසුන් කොතරම් වැලඳගත්ත ද කිවහොත් කාලයක් ලොව රෙගේ උන්මාදයක් පවා බිහි විය ."ගායකයෙක් කියනවාට වැඩිය මං කැමතියි මං speecher කෙනෙක් කියනවට. මොකද මං ගන්නෙ කතා විලාසෙන්." ඒ ඔහුගේ ශෛලියයි .Welcome this is land of reggae  ඔහුව සිය රටට විදේශිකයන් පිළි ගත්තේ  එලෙසය. එකල ලොව ඉහළ ගීත දර්ශන වල ජනප්‍රිය වූ රේගේ ගීත නිසා ජාත්‍යන්තර සම්මාන  උළෙලවලදී රෙගේ නැමැති කැටගරි එකක් ද නිර්මාණය විය .මානව හිතවාදී ගුණය, මහපොළොව හා ඇති බැඳීම ඔහුගේ ගීතවල නිබඳ  තේමා සැපයීය.


තමන්ගේ ගීත කලාව තුළින් විරෝධාකල්ප ගීත කලාව නව මානයක් කරා ගෙන යන්නට ඔහු සමත් විය. හුදෙකලාව සටන් නොකර ජන සමූහයක් වශයෙන් සටන් කිරීම තුළින් තම විමුක්තිය උදාකර ගැනීමට හැකි බව ඔහු විශ්වාස කළේය.

Could be love  ගේ වැනි විශේෂ ගීතයකි. එහි එන ,Don't let the fool කිසිවෙකුට ඔබව මෝඩයෙකු කරවන්නට දෙන්න එපා. එවකට සිටි පූජකයින් සහ ඊනියා ආගමික නිකායන් එක්ව ජනතාවට ඔවුන් සතුව ඇති පින් මදිකම නිසා තමන් දුක් විඳින බවත්, දෙවියන් පැමිණ ඔබ මුදා ගන්නා බවත් පවසා ජනතාව මුලා කිරීමට එරෙහිව ඔහු මෙය රචනා කර ඇත.

Even try to school ya oh no යන්නෙන් ඔහු ඉදිරිපත් කර ඇත්තේ ජැමෙයිකාවේ පැවති අධිරාජ්‍ය ගැති අසාධාරණ අධ්‍යාපන ක්‍රමය ජනතාවට කියා පෑමයි. පාසල්වල උගන්වන  දෙයෙහි  ඇති වලංගු භාවය පිළිබඳව මේ ගීතය තුළින් විග්‍රහ කරයි .සුදු ගවේශකයින් වීරයන් ලෙසත් වහලුන්ගේ පැවත එන ජනතාවට විමුක්තිය උදාකර දුන්නේ සුදු මිනිසුන් බවත් කියා දෙමින් බ්‍රිතාන්‍ය තමන්ගේ ගැලවුම් කාරයෙක් ලෙසත් කෙරෙන ඉගැන්වීම් වලට ඔහු දැඩි විරෝධය ගීතය හරහා ඉදිරිපත් කළහ.

එවකට සමාජය පැවැති දුර්මත අසාධාරණ  පෙන්වාදෙන්නට මෙම ගීතයට හැකිවී තිබේ. ඉතාමත් වැරදි සහගත දේ සමාජයට ලබා දීම මගින් මනස වෙනස් කරන්නට හැකියාව ඇති බව  වටහාගන්නා බොබ්  මිනිස්සුන්ගේ මනස උගුල් වලට හසු නො කරන ලෙස දැනුම් දෙනු ලබයි.

ඔහුගේ catch afire නැමැති ගීතය තුළින්  ඔහු කියනු ලැබූවේ අතිශය දේශපාලනික කරුණු ය.දේශපාලනයේ සිදුවන අකටයුතු ක්‍රියාකාරකම් ඔහු දක්ෂ ලෙස ගීතයට නංගා ඉදිරිපත් කිරීමට සමත් වී ඇත.

Buffalo solder යන ගීතය තුළින් වහලුන්ගෙන් පැවත එන අප්‍රිකානුවන් පිළිබඳව පවසයි. තමන් වහල් සේවයට යොදවා ගැනීමට එරෙහිව ඔවුන් උපරිමයෙන් හඬ නැගීය . ඒ පිළිබඳව මෙම ගීතය හරහා ඔහු ඉතා සාර්ථක ලෙස ඉදිරිපත් කර ඇත.

I shot the sheriff  මඟින්  ලෝකෙ ක්‍රියාත්මක වන්නාවූ  නිලධාරීවාදය පිළිබඳව පෙන්වා දෙයි.මේ ගීතය තුලින් කියවෙන්නේ එවන් නිලධාරියෙකුගේ එවන් මහන්තත්ත ක්‍රියාවන් හේතු කොටගෙන එය ඉවසාගත නොහැකි තැන කතා නායකයා විසින් ඝාතනය කිරීමයි. ලොව දේශපාලන අරගල හටගන්නේද බල අරගල දක්වා වර්ධනය වන්නේ ද අවසානයේ මහත් විනාශකාරී තත්වයන් උද්ගත වන්නේ ද මෙවැන්නන් හි ප්‍රතිඵලයක් ලෙස ය.  මෙම ගීතය තුළින් කුළු ගන්වන්නේ එයයි.

මොහුගේ මෙම ගීත තුළින් පුළුල් සමාජ මෙහෙවරක් ඉටු කර ඇත. ගීතය මෙහෙය වන භාෂාව සංගීතයයි. සංගීතයට භාෂාවක් නැත. ඉතා කෙටි කලකින් විශාල  සහෘද පිරිසක් ඇදබැඳ තබාගත හැකි ප්‍රබලතම සාහිත්‍ය අංගයක් වශයෙන් ගීතයට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි.බොබ්  මාලේ එය සාර්ථක ලෙස  තමන්ගේ ගීතයට උපයෝගී කරගැනීමට  දක්ෂ වී ඇත.ගීතය තුළින්  වින්දනයක් සතුටක් මෙන්ම සමාජයට ආදර්ශයක් සපයන්නේ නම් එවන් ගීතයන් නිර්මාණය කළ  විශිෂ්ට ගායකයෙක් ලෙස බොබ් මාලේ හැඳින්විය  හැක.


නිමි ..... 

Comments

Post a Comment

Popular posts from this blog

නව මාධ්‍ය ,සමාජ මාධ්‍ය සහ සමාජය

ගබ්සාව

මුතු බෙල්ලා