හිංසනයෙන් බැට කන කාන්තාව

 


කාන්තාව යනු සමාජයට විශාල මෙහෙවරක් කරන්නා වූ තැනැත්තියකි. ලංකාව තුළ පමණක් ගත් කල කාන්තාව විදෙස් ගත ශ්‍රමය තුළ මෙරට ආර්ථිකයට සියයට 65 ක දායකත්වයක් ලබාදෙයි.  කෙසේ නමුත් වර්තමානය තුළ කාන්තාවට හිමි වී ඇත්තේ දුක්ඛ දායක තත්වයකි. කුමන හෝ කාන්තාවක් කුමන රටක වේවා හිංසනයට හා ලිංගික අතවරයට ලක්වීම දෛනිකව සිදුවේ. කාන්තාවක් මාර්ගයේ යන විට එහි සිටින බොහෝ ගැටවරයන් "hey beautiful "හෝ "hey sexy " යන නම්වලින් සිනාමුසුව ආමන්ත්‍රණය කරයි. මෙවැනි දේ මගින් ආරම්භ වන කාන්තා හිංසනය දූෂණයකින් හෝ ශාරීරික වද දීමකින් බොහෝ අවස්ථාවල අවසන් වේ. ලෝකයේ කාන්තාවන්ගෙන් සියයට 35ක් ශාරීරික හෝ ලිංගික හිංසනයට ලක් වේ.
ස්ත්‍රී දූෂණය යනු ලිංගික හිංසනය අවසන් ප්‍රතිඵලයයි . සමස්ත කාන්තාවන්ගෙන් මිලියන 750ක් තරුණියන් වයස අවුරුදු  18 දී විවාහ ගතවේ. එමෙන්ම තරුණියන් මිලියන එකසිය විස්සක් ලිංගික හිංසනය පිළිබඳ නීතිමය වශයෙන් පැමිණිලි ඉදිරිපත් කර ඇත .

       ආසියාවේ කාන්තා හිංසනය වැඩිම රට වන්නේ වියට්නාමයයයි.       කාන්තාවක් ඇගේ කැමැත්තකින් තොරව වැළඳගැනීම, හේත්තු වීම, තට්ටු දැමීම, මිරිකීම පමණක් නොව කෙනිත්තීමක් වුවද දණ්ඩ නීති සංග්‍රහයේ 345 වන වගන්තියට අනුව ලිංගික හිරිහැරයකි . එපමණක් නොව බරපතළ වැඩ සහ හෝ රහිතව වසර 5ක සිරදඬුවමක් ද හිමිවේ.  එසේම වාචිකව සිදුවන කාන්තා හිංසනයන් ද පවතී .සමහරු කාන්තාවන්  අපහසුතාවයට පත් කරවන වචන පාවිච්චි කරයි .කාර්යාලය වල දී මෙන්ම මහ මගදී බඩුව, ගෙඩිය, කෑල්ල වැනි වචන ආදිය භාවිතා කරමින් කාන්තාවන්ට හිංසාවන් කරනු ලබයි.අභිනය මගින් මෙන්ම දුරකථන කෙටිම පණිවිඩ ,ඊමේල් මෙන්ම සමාජ මාධ්‍ය භාවිතා කරමින් කාන්තාවන් හිංසාවට පත් කරනු ලබයි. මෙයට එරෙහිව නීතිමය පියවර ගැනීමට වර්ථමානයේ කාන්තාවට හැකිවී ඇත.
2015 වසරේ ලබාගත් දත්ත වලට අනුව ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය භාවිත කරන කාන්තාවන්ගෙන් සියයට අනූවක විධ ලිංගික අතවරයන්ට ලක් වන බව පෙන්වා දී ඇත. පෙන්වාදී ඇත පොදු ප්‍රවාහනය භාවිතා කරන කාන්තාවන්ට  වන හිරිහැර වලදී ගත යුතු ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ ශ්‍රී ලංකාවේ  නීති ප්‍රතිපාදන තුළ දක්වා නොමැත. එහිදී කාන්තාවන් වෙනුවෙන් වෙනම ප්‍රවාහන සේවයක් යොදා ගැනීම යොදා ගැනීම තාවකාලිකව පිළියමක් පමණක් බව පෙනී යයි. ඒ තුළින් කාන්තාව හිංසනය වලක්වාලිය නොහැක.

අද වන විට කාන්තාව වෙළෙඳ භාණ්ඩයක් බවට පත් වී ඇත. මේ හරහා කාන්තාවට ගරු කරන සමාජයක් වෙනුවට හිංසාකරන පුද්ගල සමූහයක් නිර්මාණය වීම සිදු වී ඇත.පොදු මගී සේවා, මහමග සහ වෘත්තිය ස්ථානයේදී කාන්තාවන්ට මුහුණ පෑමට සිදුවන ලිංගික හිංසනය පිළිබඳ ලොව පුරා විශාල අවධානයක් යොමුවී ඇත. මෙම ගැටළුව සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙන්ම සංවර්ධිත රටවලට ද පොදු තත්ත්වයකි.  කාන්තා හිංසනය මැඩලීම සඳහා ලොව පුරා රටවල් විවිධ ක්‍රියා මාර්ග වලට යොමු වෙමින් සිටි. ශ්‍රී ලංකාවේ කාන්තා හා ළමා ආරක්ෂක අමාත්‍යාංශයක් පිහිටුවා 1929  යන ක්ෂණික දුරකථනය දුරකතන අංකයක් පවා ලබාදී ඇත. 

විශේෂයෙන් ම ලොව පුරා සිවිල් සංවිධාන මෙන්ම කලා හා ක්‍රීඩා ඇතුළු විවිධ ක්ෂේත්‍රවලට අයත් සුපිරි තරු කාන්තා හිංසනයට එරෙහිව හඬ නගමින් සිටී. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයන් දෙපලක් වූ මහේල ජයවර්ධන හා කුමාර සංගක්කාර කාන්තා හිංසනය වෙනුවෙන් නැගී සිටි  ප්‍රබලයන් අතර වේ.  

මේ අතර හොලිවුඩ් පුරවරයේ බලගතු නිෂ්පාදකයකු වන හරි වයින්ස්ටීන් ස්ත්‍රී දූෂණයක් හා ලිංගික හිංසනයක්  සිදුකර ඇති බවට බරපතළ මට්ටමේ චෝදනා එල්ලවීම කාන්තා හිංසනය පිළිබඳ ලෝක අවධානය යොමු වීමට ප්‍රධාන වශයෙන් හේතුවක් විය. ඒ සමගම ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන්   # Metoo හෑෂ් ටැගය යොදා ගනිමින් තමන්ට  විඳින්නට සිදු වූ ලිංගික හිංසනයන් පිළිබඳව හෙළි කිරීමේ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කළහ. 

හිංසනයට එරෙහිව නීති රීති  දැඩිකිරීම හා වැරදිකරුවන්ට දඬුවම් නියම කිරීම රජයක් වශයෙන් සිදුකළ යුතුවේ. එහිදී විවිධ සංවිධාන පිහිටුවා ඒ හරහා කාන්තා හිංසනය සම්බන්ධ හඬ නැගිය යුතුය. කාන්තාවන්ට නිදහසේ ජීවත්වීමට ඇති සමාජයක් නිර්මාණය කරදීම හරහා කාන්තාවට, නිදහස් රටක වාසය කිරීමට හැකියාව ලැබේ.

නිමි ....

Comments

  1. ස්ත්‍රියට හිංසා හෝ ගැරහුම් කරන පුරුෂයාටද උපත දුන්නේ ස්ත්‍රියක්මයි..
    තේරුම් ගන්නාවිට හුදෙක් බොහෝ පව් සමා කිරීම් පමණක්
    ඉතිරිවේවි

    ReplyDelete
  2. කතා කළ යුතු මාතෘකාවක් ගැන වටින ලිපියක්

    ReplyDelete
  3. කාලීන මාතෘකාවක් 🥂❤️

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නව මාධ්‍ය ,සමාජ මාධ්‍ය සහ සමාජය

ගබ්සාව

මුතු බෙල්ලා