සුදු නෙළුම
සුදු නෙළුම කෝ සොරබොර වැවේ
"සුදු නෙළුම කෝ සොරබොර වැවේ
මල් සුවඳ දුන් මහියංගණේ
පුන් පෝය දා පසළොස්වකේ
මල් නෙලා විකුණූ පන්සලේ
වැවට කලුවර කළුවර යා වුණා
සංසාර දුක බෝ බෝවුණා
නෙළුම් මල් මිට ඉහිරුණා
එහා ඉවුරට පාවුණා
සිහින් සිරිපොද වෑහුනා
ඉවුරු දෙකොපුල් සැදුණා
සුදු නෙළුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පාවුණා"
ගායනය - ඩබ්ලිව් ඩී අමරදේව
පද පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - ඩබ්ලිව් ඩී අමරදේව
මෙම ගීතය රත්න ශ්‍රී විජේසිංහ මහතා අත්දැකීමක් ඇසුරෙන් රචනා කරන ලදී. ඔහුට ඔක්කම්පිටිය ජනපද විද්‍යාලයට මාරුවීමක් ලැබුණි. පාසල් ගුරුවරයකු වූ රත්න ශ්‍රී මොණරාගලින් ඔක්කම්පිටියට ගියේය. අතිශය දුෂ්කර පාසලක් වූ මෙම පාසලට ගිය පළමු දිනයේම පැහැබර නමුත් අහිංසක දුප්පත් දැරියකගේ මුහුණ ඔහුගේ මතකයේ රැඳෙන්න විය .ඇය පාසලට පැමිණෙන්නේ දවසක් ඇර දවසක් ය.රත්න ශ්‍රී ඇය පිළිබඳව සොයන්නට විය. පියා නොමැති ඇය කසා රෝගය හැදී ලෙඩ ඇඳේ සිටින තම මව ජීවත් කරවන්නේ මල් කඩා දෙමටමල් විහාරය වඳින්නට එන අයට විකිණීම තුළිනි .ඇය ගමේ ඇති කුඩා වැව් වලින් මල් කඩාගෙන මෙසේ දෙමටමල් විහාරය වඳින්නට එන ඈයන්ට විකුණයි.
ඒ නොවැම්බර් මාසයයි. එය වැසි අධික කාල වකවානුවක් විය. වැව පිරි දින දෙකකට පසු පෝය පැමිණියේය. පෝයට පන්සලට එන සෙනඟ විශාලය. ඇය වැඩියෙන් මල් කඩා විකිණිය හැකි බව කල්පනා කළාය. නමුත් ඇය රෑ වන තෙක් නිවසට පැමිනියේ නැත. මිනිසුන් කළුවර වෙනකොට හුළුඅතු පත්තු කරගෙන ඇයව සොයන්නට විය. නමුත් ඔවුන්ට සොයාගැනීමට නොහැකිවිය. පසුදා උදෑසන ඇගේ මිනිය පාවී වැව් ඉවුරේ ගොඩ ගැසී තිබුණේ ඇගේ අතේ ලිහී ගිය නෙළුම් මල් දෙකක් රැඳී තිබුණි .
පොහොය දවසේ මල් නෙළාගෙන පන්සලට ගොස් ඒවා විකුණා ඒ දැරියගේ ජීවිතය සරි කරන වැවම අවසානයේ ඇගේ ජීවිතය බිලි ගත්තේය. ඇගේ දේහය තැබීමටවත් නිසි ස්ථානයක් නිවසේ නොතිබුණි . මිනිය තැබීමට ගෙදර ඉඩ පහසුකම්ක නොමැති නිසා එළියෙ පොඩි පොල් අත්තක් එල්ලා එහි මිනිය තැබිය. මිනියට අන්දවා තිබුණේ ඇය පාසල් ඇඳ තිබූ වැරහී ගිය සුදු ඇඳුමයි .
මේ සිදුවීම මුල්කරගෙන රත්නශ්‍රී විජේසිංහ මහතා "සුදු නෙළුම කෝ සොරබොර වැවේ "යන ගීතය නිර්මාණය කළේය .වසර 10 කින් පසුව අමරදේව මහතාට මෙය ලබා ලබාදුන්නේය. ගීතය පළමුව ගායනා කර කරන අවස්ථාවේ රැස්ව සිටි පිරිස කඳුළු සැලූ බව සඳහන් වේ.
ගීතයේ මෙම කතාවට අමතරව තවත් සැඟවුණු අර්ථයක් ඇත. රත්න ශ්‍රී විජේසිංහ නම් අසහාය ගේය පද රචකයාගේ නිර්මාණයක් එවන් ගැඹුරු අරුත ගැන්වීම් බොහෝ විට සිදුවේ. ගීතය ඇසෙන විට සිතට ශෝක හැඟීමක් ජනිත වීම නිසගයෙන් ම සිදු වේ. මෙම ගීතයේ කොතනකවත් ළමයෙක් ගැනවත්, ඇය මැරුණු බවත් සඳහන් නොවේ. ඒ තුළින් රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ විශිෂ්ට ගේය හැකියාව ප්‍රදර්ශනය වේ.
ලංකාවේ බිහි වූ අග්‍රගණ්‍ය ගේ ගේය පද රචකයෙකු ලෙස රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ තවත් විශිෂ්ඨ ගණයේ නිර්මාණයක් ලෙස "සුදු නෙළුම කෝ සොරබොර වැවේ "ගීතය පෙන්වා දිය හැක .
නිමි......



👍👍👍
ReplyDeleteLassanii ❤️
ReplyDelete❤️ best
ReplyDelete👍👍
ReplyDelete😕duka hithena eth lassnata පද ගලපපු කතාවක්
ReplyDeleteGood work
ReplyDeleteGood job
ReplyDeleteGreat ❤️🥂
ReplyDeleteNiyamai
ReplyDeleteSuper 👍
ReplyDeleteSuper 👍
ReplyDelete👍👍👍👍
ReplyDeleteLassani💜️💜️💜️
ReplyDeleteVeleuble
ReplyDelete💜️💜️
ReplyDelete👍👍👍
ReplyDelete👍
ReplyDelete🎉️🎉️🎉️🤗
ReplyDelete