දෘශ්‍ය රූප අලෙවිකරණය
අප සැම විටම සෑම ක්‍රියාවලියක්ම අවබෝධ කොට ගනු ලබන්නේ ද විග්‍රහ කර ගනු ලබන්නේද ඒ ඒ ඓතිහාසි සමාජ සන්දර්භයන් සමඟ වීම සාමාන්‍ය ක්‍රියා පටිපාටියයි. දැන්වීම්කරණය ද වටහාගත යුත්තේ අදාල සන්දර්භයේ සිටයි. මෙහිදී ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂය දැන්වීම්කරණය විග්‍රහ කරනුයේ විකුණුම් ලබා ගැනීමේ මාර්ගයක් තිබේ. එය ප්‍රසිද්ධිය ලබා ගැනීමේ එක් මාර්ගයකි. එය වෙළඳ දැන්වීමයි. ඒ වැඩිදුරටත් විග්‍රහ කරන තෝමස් මැකෝලේ ප්‍රකාශ කරන්නේ නිෂ්පාදන කර්මාන්තය ශීඝ්‍රයෙන් ඉදිරියට තල්ලු කරන එකම බලවේගය බවත් කිසිවකුටත් දැන්වීම් වලින් තොරව මුදල් ඉපයිය නොහැකි බවත්ය.
එනම් දැන්වීම්කරණයෙන් වියුක්තව අධ්‍යයනය වන විට නිර්මාණය වී ඇති පරිභෝජනවාදී සමාජ රටාව විග්‍රහ කරගැනීමට නොහැකිය. එනම් අප සිතන පතන සිතුවිලි වලට සිටම ක්‍රියාත්මක ස්වරූපය දක්වා ගමන් කිරීමේ මාර්ගය ම දැන්වීම්කරණ ක්‍රියාවලිය තුළ සංගෘහිත වී ඇති බව එය නිරීක්ෂණය කිරීමේ දී දැකිය හැකි ප්‍රමුඛ ලක්ෂණයකි .
මෙම ක්‍රියාවලිය නිර්ණය වීමට පදනම් සාධක නිර්මාණය වන්නේ විසි වන සියවසයේ සිටය. එනම් විසි වන සියවස යනු සමාජය තුළ ප්‍රශ්න ගැටලු බහුල ලෙස නිර්මාණය වූ යුගයක් විය. යටත්විජිතකරණය සමග තවත් ගැටලු නිර්මාණය වෙමින් පවතින කාල වකවානුවක නව බෙදීම සහ නව සංවිධාන ගත වීම් ද බහුල ලෙස සමාජය තුළ දක්නට ලැබුණි.නිවුටන්ගේ නියම අතික්‍රමණය කරමින් අය්න්ස්ටය්න් වාදය නැගී සිටීමත් ප්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේශනවාදය පැතිරවීමත් වික්ටෝරියානු සුචරිතවාදය අතික්‍රමණය කරමින් කලා නිර්මාණ බිහිවීමත් මේ සමත් ම මානව සමාජය තුළ අතිරික්තයක් නිර්මාණය විය. එම අතිරික්තය පිරවීමට සමාජය තුළ නව උපක්‍රමයක් නිර්මාණය වී තිබෙන බවත් අලෙවිකරණය එසේත් නැතිනම් දැන්වීම්කරණය තුළට මෙය ආගමනය වන්නට විය .
මෙලෙස ආරම්භ කරන ලද අලෙවිකරණ ව්‍යාපාරයට ප්‍රතිපත්තිමය රාමුවක් අවශ්‍ය වන්නේද මේ හේතුව නිසාවෙනි. අපට යම් රාමුවක් අවශ්‍ය වන්නේත් යම් යම් කොන්දේසි අවශ්‍ය වන්නේත් වඩාත් යහපත් පැවැත්ම පවත්වා ගැනීම සඳහාය. මෙහිදී ගෙන එන ලද තර්කය වන්නේ කාන්තාව සම්ප්‍රදායික බවින් දුරස්ව කාමුක භාණ්ඩයක් වී ඇති බවයි. අද වන විට දැන්වීම්කරණය තුළ හැගුම්බර බව, තාර්කික බව, සාඩම්බර බව, රාගික බව, හාස්‍ය මෙන්ම බිය මෙන්ම ආහාර රුචිය වඩව ප්‍රයෝගයන් භාවිත කිරීම බහුල සාධකයකි.
වර්තමානය වන විට මෙසේ පතුරුවා හරින පණිවිඩවලින් වැඩි බලපෑමක් සිදුවන්නේ දරුවන්ට බව බබාසාබ් පටෙල් විසින් විස්තර කරයි. එනම් සමාජ වටිනාකම් නොතකන වෙළඳ දැන්වීම් මත විශාල බලපෑමක් වන්නේ කුඩා දරුවන් කෙරෙහි බව වෙළෙඳ දැන්වීම් තුළ වන බලපෑම් නම් කෘතියෙහි සඳහන් කර තිබෙනවා. මෙයින් ගම්‍ය වෙන අදහස නම් සමාජය තුළ බාල මහලු තරුණ භේදයකින් තොරව පාරිභෝගික ප්‍රජාව අවිඥානිකව ගමන් කිරීමේ සුක්කානම ලංකාවේ දැන්වීම්කරණ ආයතන විසින් භාරගෙන තිබීමත් මෙම අලෙවි කරණයත් නැතිනම් දැන්වීම්කරණයත් අපේක්ෂිත අරමුණු සමඟ සසඳා බැලීමේදී මෙහි පවතින ලිහිල් ස්වභාවය වටහා ගත හැකිය
නිමි....


Best
ReplyDelete👍👍👍
ReplyDeleteVeleuble
ReplyDelete👍👍👍👍👍
ReplyDeleteවැදගත් ලිපියක්
ReplyDeleteNiyamai
ReplyDelete👌👌👌👌
ReplyDeleteGood👍👍
ReplyDeleteBest
ReplyDeleteGood job
ReplyDeleteBest
ReplyDeleteBest
ReplyDeleteBest
ReplyDeleteGreat
ReplyDeleteවැදගත් ලිපියක් 🥂💛
ReplyDelete👍 👍👍👍
ReplyDeleteBest
ReplyDelete