රිජෙක්ට් වුන නිසා රජෙක් වුණ ඩිස්නි

 


යථාර්ථවාදී නොවන හීන වලට යොදන නාගරික කියමනක් තමයි ඩිස්නිලන්ත හීනය කියන යෙදුම. විනෝදයට මෙලෙස කිව්වද ඩිස්නිලන්තයේ ඩිස්නි නාමය පිටුපස තියෙන  සියල්ලෝම හිනාවු වුණු හෙළා දැකපු පුද්ගලයකුගේ චින්තනයකි. ඔහු නමින් වෝල්ට් ඩිස්නි වේ. 

1901 වසරේ දෙසැම්බර් 5 වන දින ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉලිනොයිස්  ප්‍රාන්තයේ චිකාගෝ නුවර දී ෆ්ලෝරා සහ  එලියස් disney යුවළගේ සිව්වැනි පුත්‍රයා ලෙස වෝල්ට් එලියස් disney උපත ලැබීය.වෝල්ට්ගේ චිත්‍ර හැකියාව මුලින්ම එළියට එන්නේ marzalin ජීවත් වූ විශ්‍රාමික වෛද්‍යවරයෙකු නිසාය. සතතාභ්‍යාසයෙන් සිතුවම් මැවීම ප්‍රගුණ කරන්නට වෝල්ට් යොදාගත්තේ පුවත්පත්වල පළවන කාටුන් චිත්‍රය. පවුලේ දුර්වල ආර්ථික තත්ත්වය තේරුම් ගත් ඔහු විවිධ චිත්‍ර අඳිමින් අසල්වාසීන්ට නගරබද ජනයාටත් විකුණා යම් මුදලක් උපයා ගත්තේය.  

 පාසල් කාලයේ දී වෝල්ට්  ගුරුවරුන්ගෙන් බැනුම් අසන චරිතයක් විය. හේතුව වන්නේ උගන්වන දේවල් අවධානයට යොමු නොකර චිත්‍ර ඇඳීමයි. ගුරුවරුන්ට නොතේරුණද ඔහු ඒ කරමින් සිටියේ අධ්‍යාපනය ලැබීමකි.ඒ ඔහුගේ නිර්මාණශීලී ඤාණය  ප්‍රගුණ කිරීමයි .16 හැවිරිදි  walt disney මැක් කිංස්ලි විද්‍යාලයට ගොස් පාසලේ පුවත්පත් කනිෂ්ඨ කලා සංස්කාරක බවට පත්විය.

දෙවන ලෝක යුද්ධයට වසරක දායකත්වයක් ලබා දි අවුරුදු දහඅටේදී වෝල්ට් පුවත්පත් කාටූන් ශිල්පියෙක් ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කරයි.ඔහුගේ සහෝදරයෙක් වන රෝයි disney හරහා pesmen-rubin art studio ආයතනයේ  කාටුන් ශිල්පියෙකුගේ තනතුරට පත්වේ. නමුත් ටික කලෙකින් එම ආයතනයෙන් ඔහුව නෙරපා හරි.

ඔහු උත්සාහය අත් නොහැර තම මිතුරෙකු වන Ud iwerk සමග එකතු වී Iwerk disney commercial නම් ආයතනයක් අරඹයි. එයද මාසෙකින් බංකොලොත් වේ. මෙලෙස ව්‍යාපාරික අවස්ථා පිටපිටම අසාර්ථක වන අතර සජීවීකරණ හෙවත් ඇනිමේෂන් කලාවෙන් සිනමා නිර්මාණය කිරීමට මේ කාලය තුළදී ඔහු යොමු වේ .


සියලු දෙනා මවිත කරමින් ලොව පළමු කථානාද සජීවීකරණ චිත්‍රපටය ලෙස snow white and the seven dwarfs 1937 දී ඩොලර් මිලියන අටක 8 ක ආදායමක් මෙන්ම ඔස්කා සම්මාන අටක් ද දිනා ගනිමින් disney සන්නාමය සදාකාලිකවම  ස්ථාවර කිරීමට සමත් විය. අද වන විට disney සන්නාමයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන එකසිය තිහකි.



disney mickey mouse cartoon හි කීර්තිමත් මැවුම්කරුවෙකු මෙන්ම පළමු ශබ්ද කාටුන් පළමු තාක්ෂණික කෞතුකාගාරය සහ පළමු විශේෂාංග දිගු කාටුන් ආදිය තුළ ප්‍රබලයෙකි. ඔහුගේ ජීවිත කාලය තුළ ඇකඩමි සම්මාන විසි දෙකක් දිනාගත්හ. ඔහුගේ ප්‍රියතම කතුවරුන් වූයේ මාක් ටේන් සහ චාල්ස් charles dickensය.

1947 දී disney විසින් සීල් දූපත නම් වූ ඇලස්කන් සීල්  පිළිබඳ වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කිරීමට තීරණය කළේය. හොඳම රංගන කෝෂය සඳහා academic සම්මානය ඔහු දිනා ගත්තේය. පසු ඔහුගේ සම්භවය දක්ෂතා සින්ඩරෙල්ලා, ඇලිස්හි  ප්‍රාන්තය සහ පීටර් පෑන් ආදිය තුළින් ඉදිරිපත් කළහ.


යුද්ධය අවසන් වීමෙන් පසුව 1950 දී ප්‍රථම සජීවී ක්‍රියාකාරී චිත්‍රපටය වන iceland සහ තවත් සිනමාපටයක් වන සින්ඩරෙල්ලා  නම් චිත්‍රපටය ඔහුගේ හැරවුම් ලක්ෂය පෙන්නුම් කළේය.

වර්ෂ 1951දී disney විසින් nbc නමින් හැඳින්වෙන නයිට් ක්වීන්ස් නමින් නත්තල් ටීවී නාට්‍යයක් නිෂ්පාදනය කළහ. මෙහි දර්ශන ප්‍රේක්ෂකයා ඇද ගත් අතර ඩිස්නි  රූපවාහිනීවල අලෙවිකරණය වටිනාකම  වැඩි වීය .1955 ඔක්තෝම්බර් මස තුන් වෙනි දින disney මව්ස් කූටරීස්  නමින් හඳුන්වන කුඩා ළමුන්ගේ චරිතයක් සමග රූපවාහිනිය ඔස්සේ minnie mouse සමාජයීය දර්ශනය හඳුන්වා දුන්නේය.

වර්ෂ 1966 දී ඔහුගේ වයස අවුරුදු 65 ක් වූ අතර ඔහුට පෙනහළු පිළිකාවක් වැළඳී  ජීවිතයෙන් සමු ගන්නට සිදු වූහ.

වෝල්ට් ඩිස්නි නම් චරිතය පහළ නොවුනානම් ළමා ලෝකය හීන වල රජ කරන චරිත බොහොමයක් බිහි නොවන්නේය.කිසිම creative idea එකක් නැහැයි කියා එලවපු disney අද ලෝක කාටූන් ඉතිහාසයේ creative king  වී ඇත. 

අද ලෝකය තුළ  කිසිදු සුදුසුකමක් නැති අයට තමන්ට වඩා තැනක් නිර්මාණය වී ඇත. නමුත් තමන් ඒ පිළිබඳව දුක් නොවී ඉවසා සිටිය යුතුය. තමන්ගේ වාරය එනතෙක් තමන්ගේ හැකියාවන් වැඩි දියුණු කරගත යුතුය. රජෙක් වෙන්නම් වෙන්න නම්, දියුණු ලෝක බලවතෙකු වීමට අවශ්‍ය නම් මුලින් ම ප්‍රතික්ෂේප වී සිටිය යුතුය. ඒ හරහා තමන්ගේ දියුණුව සලසාගත හැකිය.එවන් සුවිශේෂී චරිතයක් ලෙස වෝල්ට් ඩිස්නි  හැඳින්විය හැකිය.

දිල් 🖊️.... 

Comments

Post a Comment

Popular posts from this blog

නව මාධ්‍ය ,සමාජ මාධ්‍ය සහ සමාජය

ගබ්සාව

මුතු බෙල්ලා