මාධ්‍ය ප්‍රතිරූපකරන සහ සමාජ සංවර්ධනය
ඕනෑම සමාජයක මාධ්‍ය විසින් ගොඩනගන ප්‍රතිරූප සමාජ නිශ්පාදනයට සහ ප්‍රතිනිෂ්පාදනයට බෙහෙවින් බලපා තිබේ. මෙය පුද්ගල සංජානනය සහ පුද්ගල ස්මරණය හා බද්ධ වේ.
වර්තමාන ගෝලීය සමාජ ක්‍රමවේදය තුළ ස්වාධිකාරී වූ මාධ්‍ය සහ තොරතුරු සන්නිවේදනය සමාජ සංස්කෘතික සහ මානසික පරිවර්තනය සඳහා බලපා තිබේ. එහි අර්ථය වන්නේ පශ්චාත් නූතනවාදී මිනිසා වෙනත් කවරදාකටත් වඩා සන්හතික මාධ්‍යකරණයට හසුව ඇති බවයි. නූතන කාර්මික හා ධනවාදී සමාජයේ මෙම මාධ්‍ය කරනයට හසු නොවන මිනිස් ජීවිත හා එහි කිසිදු ක්ෂේත්‍රයක් නොමැති බව පැහැදිලි වේ. එතරම් ගෝලීය මාධ්‍යයන්හි සමාජ සහ තාක්ෂණික ක්‍රමවේදයන් ප්‍රබලය.එහෙත් ගැටලුව වන්නේ සමාජ සංවර්ධනය සහ එයට අදාළ පසුබිම් සැලසුම්කරණය සඳහා ජනමාධ්‍ය කොතෙක් දුරට විවර වී ඇත්ද යන්නයි. ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල් දෙස බැලීමේදී පැහැදිලි වන්නේ සංවර්ධනයට උචිත මාධ්‍යයක් හෝ ජනමාධ්‍ය ප්‍රතිරූප නිෂ්පාදිතයක් දැකිය නොහැකි බවයි.මේ ප්‍රතිඵලයක් ලෙස දැකිය හැකි වන්නේ සක්‍රීය සමාජවාදී පුරවැසියෙකුට වඩා විනෝදාස්වාදය මුල්කොටගත් සහ සමාජ ගැටලු සඳහා පාදක වන මනෝභාවයන්ගෙන් යුත් පුද්ගලයාගේ නිර්මාණ කරණයට අදාල මාධ්‍ය සහභාගිත්වයක් ගොඩනැංවී ඇති බවයි. සාමූහික ජීව ගුණය වෙනුවට ජාතිවාදයට අදාල දේශපාලන ක්‍රමවේදයන්ට අදාල ප්‍රතිරූප මාධ්‍ය තුළින් නිෂ්පාදනය වීම සුලබ වන අතර එතරම් හිතකර නොවේ.
පශ්චාත් නූතනවාදී සමාජයේ මතවාදී මූලයන් ගොඩනැගෙන්නේද සංහතික මාධ්‍යයේ සමාජ සංයුතිකරණය සමඟය. එහෙත් නූතන යුගයේදී සමාජ ප්‍රතිසංස්කරණ සඳහා බලපෑවේ විද්‍යාව හා දර්ශනය යි. මධ්‍යකාලීන යුගයේ ආගමත් පුරාණ ලෝකයේ දී පුරාණෝක්ති වේද යත් මේ සඳහා බලපෑවේය. ඒ අනුව වර්තමානයේ මාධ්‍ය හා තොරතුරු ක්‍රමවේදය මගින් ගොඩනගන ප්‍රිස්මය වන්නේ බලය අන්තර්ග්‍රහණය වූ දේශපාලන ගෝලයත් ආර්ථිකය සහ ජනප්‍රිය සමාජ සංස්කෘතික ලක්ෂණයත් ය.මෙම මාධ්‍ය ක්‍රම සහ රටා තුළින් සමාජ නියමයන් ද උල්ලංඝනය කොට තිබේ. වර්තමානය මෙම සංස්කෘතික සංරචක තුළ මානව සමාජ සම්බන්ධතා පිළිබඳව හඳුනා ගැනීමටත් නොහැකිය. මෙම සමාජ සංස්කෘතික මානයන් පුද්ගලයාගේ ප්‍රජාව සහ ජාතියක අනන්‍යතාවයන් සමග ඉතිහාසයේ සිටම ඓන්ද්‍රීයව බැඳී තිබුණි. සමාජයේ ගරුත්වය සහ මිත්‍රත්වයේ සංවර්ධනයට එරෙහි සාධක අතර නුරුස්නාව, වෛරය, උද්දච්චකම, තරගය ආදී මානව ස්වභාවයන් ඉස්මතු කරමින් ඒවා සමාජ ව්‍යුහයන් ගේ පැවැත්ම සහ ප්‍රතිනිෂ්පාදනයට දායක කොට දෙතී. මෙම මාධ්‍ය ප්‍රතිරූප නිෂ්පාදනය තුළ මේවා අදෘශ්‍යමාන ක්‍රම සහ රූප බවට පත්වී තිබේ .
කිනම් සමාජයක වුවද මාධ්‍ය විසින් ගොඩනඟන ප්‍රතිරූප සමාජ නිෂ්පාදනයන්ට සහ ප්‍රතිනිෂ්පාදනයට බෙහෙවින් බලපා තිබේ. මෙය පුද්ගල සංජානනය සහ පුද්ගල ස්මරණයන් හා බද්ධ වේ. ඒ අනුව පශ්චාත් නූතනවාදී සමාජය තුළ මාධ්‍ය ප්‍රතිරූප නිෂ්පාදනය වීම සවිඥානික කර්මාන්තයක් බවට ද පත්වී ඇත. මාධ්‍ය සමාජයේ ප්‍රතිරූප ගොඩ නැංවීමට හේතු වන්නාක් මෙන්ම සමාජ සන්දර්භය තුළ මාධ්‍යයේ ප්‍රතිරූප කරණය ද සිදුවේ. ඉන් ජනමාධ්‍යයට කිසිසේත් ඉවත් විය නොහැකිය. යම් රටක හෝ සමාජයක මාධ්‍ය දෙස බලා සිටීමෙන් එම රටෙහි සමාජ සංස්කෘතික තත්ත්වය කියවීමට හැකි වන්නාක් මෙන්ම එම සමාජයන් කියවීමෙන්ද එම රටේ සමාජයේ මාධ්‍ය පිළිබඳ නිශ්චිත අවබෝධයක් ලබාගත හැකිවේ.
මේ අනුව මාධ්‍ය ප්‍රතිරූප යනු මාධය තුළින් ගොඩ නගන නිෂ්පාදනයකි. තමන්ගේ ප්‍රතිරූප ගොඩ නැංවීමේදී මාධ්‍ය සංවිධාන පමණක් නොව මාධ්‍ය අධිකාරිවාදය ද ප්‍රබල හේතු කාරණයක් බවට පත්වී තිබේ. මේ තුළින් පැහැදිලි වන්නේ මාධ්‍ය අධිකාරියත් මාධ්‍ය ප්‍රතිරූප නිෂ්පාදනයත් අතර සම්බන්ධතාවක් ගොඩ නැගී ඇති බවයි. වර්තමාන ගෝලීය මාධ්‍ය විසින් ආර්ථික හා දේශපාලන බලයන්හි අධිපතිවාදි ක්‍රමයන්ට අනුව ගොඩනගන ප්‍රතිරූප දක්නට ලැබේ. එම ප්‍රතිරූප බලය හා සම්බන්ධවේ. එමෙන්ම මාධ්‍ය විසින් ගොඩනඟන ප්‍රතිරූපයන් ට සමාජ ආකෘතිගත කිරීමට ප්‍රතිව්‍යුහගත කිරීමට සහ ප්‍රති අර්ථකථනය කිරීමට ද හැකියාව පවතී .
වර්තමාන මාධ්‍ය ප්‍රතිරූපකරණය සමාජ සංවර්ධනයට එතරම් හේතුකාරකයක් නොවන බව පැහැදිලිය. වර්තමාන මාධ්‍ය තුළින් නිෂ්පාදනයවන ප්‍රතිරූප වල හුදෙක් දැකිය හැකි වන්නේ බලය හා ප්‍රචණ්ඩත්වය වැනි කාරණා පමණි. මාධ්‍ය ප්‍රතිරූප නිර්මාණකරණය යනු එක් අතකින් බල සම්පන්න වූ ද ගැඹුරු වූ ද මානවවාදී ව්‍යාප්තියක් බැව් ද පෙනේ. මෙම මානවවාදී ව්‍යාප්තිය ලෝක මානව සංහතියට ම බලපෑම් එල්ල කරයි. තවදුරටත් පැහැදිලි වන්නේ වර්තමාන මාධ්‍යයන්හි ප්‍රතිරූප නිෂ්පාදිතය සමස්ත සමාජ විඥානය නියෝජනය ස්වරූපයකට වඩා විශේෂිත වූ සමාජ කොටසක නියෝජනයක් ගන්නා බවයි. ඒ අනුව වර්තමානය වර්තමාන මෙම ප්‍රතිරූප යනු සමාජ විනිශ්චයන්ගේ, ආකල්පයන්ගේ මතවාදයන්ගෙන් නිශ්චිත ලෙස ගොඩනැඟුණක් නොවේ. එහෙත් මේ සමාජ විඥානය ප්‍රායෝගිකකරණය සදහා යොදා ගන්නා බැව් පැහැදිලිය.
දිල්..🖋️🖋️🖋️


Godak wadagath lipiyak.obata jaya
ReplyDeleteGreat
ReplyDeleteGreat😍
ReplyDeleteGodak wedagath
ReplyDeleteVeleuble ❤️❤️
ReplyDeleteSuper
ReplyDeleteNiyamai nangi👌👌👌
ReplyDeleteGood article 👍👍
ReplyDelete👍👍
ReplyDeleteGreat 💛🥂
ReplyDelete💜️💜️💜️💜️
ReplyDeleteGreat
ReplyDeleteNiyamai
ReplyDeleteBest
ReplyDeleteGreat
ReplyDeleteGood
ReplyDeleteNiyamai
ReplyDeleteGood
ReplyDelete