Posts

Showing posts from March, 2021

දළුලන අනියම් පෙම

Image
 මෙම මාතෘකාව දුටු සැණින් කෙනෙකුට විපුල දනවන්නක් වෙයි. එහෙත් ශ්‍රී ලංකාව තුල මේ වන විට කතා කළ යුතු මට්ටමෙන් මෙම ගැටළුව පැන නැගී ඇත. එසේම මෙම මාතෘකාව කතා කරන විට විවිධාකාර මතවාද ප්‍රතිචාර මිනිස්සුන්ගෙන් අපට හමුවේ. විවාහ වී සිටින පුරුෂයකු හෝ කාන්තාවක විසින් පිටස්තර ස්ත්‍රියක හෝ පුරුෂයකු සමඟ ඇතිකරගන්නා සම්බන්ධතාවය මෙහිදී අනියම් සම්බන්ධතාවය ලෙස හැඳින්විය හැකිය .ඒ සඳහා විවිධ හේතු සාධක ඇත. අයෙකුට තම ස්වාමිපුරුෂයාගෙන් හෝ බිරිඳගෙන් නොලැබෙන ආදරය, ආරක්ෂාව, රැකවරණය තේරුම් ගැනීම, අනෙකා අපේක්ෂා කරන මූලික අපේක්ෂාවන් නොලැබීයාම අනියම් සම්බන්ධතාවයක් ඇති වීමට හේතුවේ. එකිනෙකාගේ හැඟීම්, සිතිවිලි තේරුම් ගැනීම නිසා මොවුන් තේරුම් ගන්නා තමාට රැකවරණයක් සැලසේ යැයි අපේක්ෂා කරන වෙනත් කෙනෙකු සමඟ ඇතිකරගන්නා මෙම  සම්බන්ධතාවය හේතුවෙන් පවුල් ජීවිත අහිමිවීම යම් යම් අවස්ථාවල දිවි අහිමි කිරීම් ද සිදු වේ. මෑතකාලීනව සිදු වූ ඛේදවාචකය හරහා එය මැනවින් පිළිබිඹු වේ. එසේම තමාගේ සහකරු හෝ සහකාරියගේ පිරිසිදුකම, වත් පිළිවෙත් නිසා මෙවැනි සබඳකම් ඇති විය හැකිය. එසේම තම සහකරු හෝ සහකාරිය ඇතිකර ගන්නා අනියම් සම්බන්ධතාවයක් නිසා ඇතිව...

ග්‍රාමීය සමාජයේ නූතන මාධ්‍ය භාවිතය

Image
  ලංකාව තුළ නූතන  මාධ්‍ය බිහි වීමට පෙර පැවති සන්නිවේදන ක්‍රමය වන්නේ සාම්ප්‍රදායික සන්නිවේදන රටාවකි. සාම්ප්‍රදායික මාධ්‍ය ක්‍රියාවලිය තුළ ගොඩනැගෙන අන්තර් පුද්ගල සන්නිවේදනය මෙම සමාජ සන්නිවේදන ක්‍රියාවලියෙහි ප්‍රබල ක්‍රමවේදයක් බවට පත්වී ඇත.සමූහ සන්නිවේදනය සහ සංස්ථාව තුළින් ගොඩනැඟුණු සමාජ ව්‍යුහයෙහි මූලික සමාජ කාරණාව අන්තර් පුද්ගල සන්නිවේදන ක්‍රම රටා තුළින් සංයෝජනය වී සමාජ ප්‍රගමන ක්‍රියාවලිය හා බද්ධ විය. එහි සාම්ප්‍රදායික සංනිවේදනය අභිභවනය කරමින් ගොඩ නැඟුණු නූතන මාධ්‍ය සහ එහි ක්‍රම භාවිතය සමාජ සංයෝජන රටාව වෙනස් කිරීමට හේතු සාධකයක් විය. ගුවන්විදුලිය, පුවත්පත, රූපවාහිනිය සමාජවල කේන්ද්‍රය බවට පත්වෙමින් සමාජය ක්‍රමයෙන් සංවර්ධනීය පරිවර්තනයකට ළඟා කරවීය. වර්තමානයේ තුළ පුද්ගලයා තොරතුරු ලෝකයක සජීවී කිරීමට අවශ්‍ය ක්‍රමවේදීය කාරණා හා තාක්ෂණික දියුණුව නූතන මාධ්‍ය විසින් හිමිකරගෙන ඇති බව පැහැදිලිව පෙනේ.දෙදහ වර්ෂයේ මුල් දශකය තුළ එම බටහිර ආකෘතිය අපේ සමාජ ක්‍රමවේදයට විසරනය වෙමින් ජනප්‍රිය සමාජ සහ සංස්කෘතික නිර්මාණකරණය සඳහා ජන විඥානය සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් මෙහෙයවූ ආකාරය පර්යේෂණ තුලින් ඔප්පු ...

සිනමා තිරයේ භාෂා භාවිතය

Image
 අර්ථ වේදය යනු සංඥා පිළිබඳව හැදෑරීම විද්‍යාවයි. මෙමගින් සංඥා  සංකේතයන්හි සමාජ හා සංස්කෘතික අර්ථ පිළිබඳ අවධානය යොමු කෙරේ. රූපයක් වචනයක් වස්තුවක් හෝ කිසියම් පරිචයාත්මක දෙයක් වශයෙන් සංඥාව හැඳින්විය හැක. අප සියලු දෙනා දන්නා එවැනි එක් සංඥා පද්ධතියක් නම් භාෂාවයි. සමාජ සංඥා පද්ධතියක් ලෙස භාෂාව විශ්ලේෂණය කිරීමට සංඥා විද්‍යාව විසින් කෙරෙන කාර්යභාරය විස්තර කරන moris භාෂාව වාග් විචාරාත්මක, අර්ථ විචාරාත්මක හා ප්‍රකරණ විචාරාත්මක නීති මගින් පාලනය කරනු ලබන බව පැහැදිලි කරයි.භාෂා නියායක් දියුණු කිරීමේ දී අර්ථ නියායේ කාර්යභාරය විස්තර කරන moris පැහැදිලි කරන්නේ භාෂාව සංඥා සම්බන්ධ කරන නීතීන්ගෙන්, මෙම සංඥා අර්ථ ගන්වන නීතින්ගෙන්  මෙන්ම එම සංඥා වල හටගැන්ම, භාවිතාවන් හා එම සංඥා වල බලපෑම්  පිළිබද න්‍යායන් මගින් භාෂා විස්තර කරන බවයි.  භාෂාව යනු සමාජ චර්යාවට අවශ්‍ය ගති ලක්ෂණ බිහි කරන සංඥා පද්ධතියකි. moris සඳහන් කරන්නේ සෑම සංඥාවකට ම සංඥාව මඟින් නම් කරන වස්තු වර්ගයක් හෝ වස්තු පන්තියක් තිබිය යුතු වුවත් සංඥා මඟින් ප්‍රකාශ සැබෑ වස්තුවක් හෝ සිදුවීමක් තිබීම අනිවාර්ය නොවන බවයි. සංඥාවක් මගින් යමක් ...