සිනමා තිරයේ භාෂා භාවිතය
අර්ථ වේදය යනු සංඥා පිළිබඳව හැදෑරීම විද්‍යාවයි. මෙමගින් සංඥා සංකේතයන්හි සමාජ හා සංස්කෘතික අර්ථ පිළිබඳ අවධානය යොමු කෙරේ. රූපයක් වචනයක් වස්තුවක් හෝ කිසියම් පරිචයාත්මක දෙයක් වශයෙන් සංඥාව හැඳින්විය හැක. අප සියලු දෙනා දන්නා එවැනි එක් සංඥා පද්ධතියක් නම් භාෂාවයි.
සමාජ සංඥා පද්ධතියක් ලෙස භාෂාව විශ්ලේෂණය කිරීමට සංඥා විද්‍යාව විසින් කෙරෙන කාර්යභාරය විස්තර කරන moris භාෂාව වාග් විචාරාත්මක, අර්ථ විචාරාත්මක හා ප්‍රකරණ විචාරාත්මක නීති මගින් පාලනය කරනු ලබන බව පැහැදිලි කරයි.භාෂා නියායක් දියුණු කිරීමේ දී අර්ථ නියායේ කාර්යභාරය විස්තර කරන moris පැහැදිලි කරන්නේ භාෂාව සංඥා සම්බන්ධ කරන නීතීන්ගෙන්, මෙම සංඥා අර්ථ ගන්වන නීතින්ගෙන් මෙන්ම එම සංඥා වල හටගැන්ම, භාවිතාවන් හා එම සංඥා වල බලපෑම් පිළිබද න්‍යායන් මගින් භාෂා විස්තර කරන බවයි. භාෂාව යනු සමාජ චර්යාවට අවශ්‍ය ගති ලක්ෂණ බිහි කරන සංඥා පද්ධතියකි.
moris සඳහන් කරන්නේ සෑම සංඥාවකට ම සංඥාව මඟින් නම් කරන වස්තු වර්ගයක් හෝ වස්තු පන්තියක් තිබිය යුතු වුවත් සංඥා මඟින් ප්‍රකාශ සැබෑ වස්තුවක් හෝ සිදුවීමක් තිබීම අනිවාර්ය නොවන බවයි. සංඥාවක් මගින් යමක් අඟවනු ලබයිද එවිට එහි අගවන වස්තුව හා එයින් අඟවනු ලබන වර්ගය යන දෙකම තිබිය හැකිය.
moris පවසන්නේ සංඥාවක් යනු ප්‍රාරම්භක උත්තේජනයක් බවයි. මෙමගින් මේ වන විට උත්තේජකයක් වශයෙන් නො පවතින යම් දේකට ප්‍රතිචාර දැක්වීමට අදාළ සංඥා අර්ථ කථකයා තුළ කිසියම් චර්යා රටාවක් බිහි කරයි.සංඥාවක් මගින් එහි අර්ථ කථකයා කිසියම් ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් කරයි.
සිනමාපට තුළද භාවිත කරන්නේ මෙවැනි භාෂාවකි. එය සෑදී ඇත්තේ ශබ්ද හා රූප රාමු මගිනි. එහි ශ්‍රේෂ්ටත්වය වන්නේ එය විශ්වීය භාෂාවක් ලෙස හැඳින්විය හැකි වීමයි. ලෝකයේ සෑම අයෙක්ම පාහේ මෙම භාෂා අවබෝධ කර ගැනීමට සමත් වෙයි. විදෙස් භාෂාවක් කතා කරන ඕනෑම අයෙක් දන්නා කරුණක් නම් එම භාෂාව කථා කිරීමට වඩා තේරුම් ගැනීමට පහසු බවයි. චිත්‍රපටි භාෂාව අපට ජීවිතේදි රස විඳීමට අවශ්‍ය වෙයි.අනෙකා අනෙක් සෑම භාෂාවක් සේ චිත්‍රපටි භාෂාවද සංඥා පද්ධතියකි. මෙම භාෂාව විශ්වීය මෙන්ම හැමෝටම තේරුම් ගැනීමට හැකි භාෂාවක් වන්නේ පළමුව දකින විට හැම දර්ශනයක්ම සංඥාවක් වන එහෙයිනි. සෑම දර්ශනයක් මඟින්ම සෘජු අර්ථයක් පළමුව ප්‍රකාශ වෙයි. එහි සැඟවුණු අර්ථයක් නැත. රෝස මලක් සහිත දර්ශනයකින් හුදු රෝසමලක අර්ථය ඉදිරිපත් කරයි. සංඥා විදුලි ලාම්පුව ද එසේමය. මෙහි ඇති වැදගත්කම අප දකින්නේ අපගේ අත්දැකීම් හා දැනුම පාදක කරගෙනය. අප යම් අයෙක්ගේ නළලට දහඩිය දමා ඇති බව දකින විට එම පුද්ගලයා මහන්සි වී සිටින දාහෙන් සිටින අයෙක් යන්න තේරුම් ගනී. රෝස මල පළමුව එම හුදු අර්ථය පමණක් ඉදිරිපත් කළ ද එය යම් අයගේ සුරතේ තියෙනවා දුටුවහොත් එහි අර්ථය වෙනස් වෙයි. ඒ තවදුරටත් රෝස මල යන අර්ථය දෙනවා වෙනුවට එමගින් ආදරය යන්න අර්ථවත් කරයි. එමෙන්ම එය සොහොන් කොතක් මත තබා තිබෙනු දකින විට එමගින් ශෝකය අර්ථවත් කරයි. ඒ අනුව යම් සංඥාවක අර්ථය තව තවත් සංඥාවක් සමග සම්බ වීමේ ප්‍රතිඵලයක් ලෙස ගොඩනැගේ. සිනමා පටයක් මගින් ගොඩ නැගෙන අර්ථය මෙලෙස රූප හා සංඥා පාදක කරගෙන ගොඩ නඟයි. චිත්‍රපටයක් යනු දර්ශන රාමු රාශියක් එකතුවකි. මෙම රූප රාමු අතර ගොඩනැගෙන සම්බන්ධය තුළින් අර්ථ නිෂ්පත්තිය සිදුවෙයි. මේ ඉතා සරලය. ඉතා දුර බලා සිටින මුහුණක් සහිත රූප රාමුවක් පෙනෙයි. ඒ සමඟ මිටියාවතක් සිසාරා කැමරාව රැගෙන යයි. එමගින් පුද්ගලයා ඈත මිටියාවත සිසාරා බලන බැල්මක් පෙන්වීමට උත්සාහ කරයි. ඇත්තෙන්ම මෙම රූප රාමුව ගෙන ඇත්තේ ස්ටුඩියෝ එකක් තුළ විය හැකිය. චිත්‍රපටිය තුළ මනා අමෘත ස්වරූපයක් ඒ අනුව බිහි වේ.
සිනමා භාෂාව ද සාමාන්‍ය ස්වභාවික භාෂා සේම සංඥා සංකේත පද්ධතියකි. කැමරා කාචයට හසුකර ගන්නා දර්ශනයක් රූප රාමුවකි. අධ්‍යක්ෂවරයා කැමරාව ක්‍රියාත්මක කිරීමට අණ දුන් අවස්ථාවේ සිට එය නැවැත්වීමට සංඥා දෙන අවස්ථාව අතර සිදුවන කැමරාකරණය එක් රූපයකි. චිත්‍රපටයක් යනු මෙවැනි රූප රාශියක එකතුවකි. මෙම රූප කැමරාවට හසුකර හසු කර ගැනීමේදී කැමරාව විවිධ ආකාරයට හැසිරවීම සිදු කරනු ලබයි. මෙහි දී කැමරාව ස්ථානගත කරන ස්ථානය රූප රාමුවට හසු කර ගන්නා දර්ශනයට ඒ දක්වන සම්බන්ධය විවිධ අර්ථ බිහිකිරීමේදී ඉතා වැදගත්ය. කැමරාව සහ දර්ශනය අතර පවතින දුර ප්‍රමාණය විවිධ අර්ථ බිහිකරයි. දුර රූප ගැනීම අදාළ දර්ශනයට සැලකිය යුතු දුරකින් කැමරාව තබා රූපගත කිරීම සිදුකරයි. අදාල දර්ශනය එහි වටපිටාව සමග පුළුල් පරාසයක් ආවරණය කරමින් පසුබිම සහිතව මෙහිදී පෙන්නුම් යි. මධ්‍ය රූපයක් මගින් කැමරාව ඇස් මට්ටමේ සිට සෘජුව දර්ශනය හසුකර ගනී. මීට අමතරව සමීප රූපයක් ගැනීම කැමරාව ඉතා සමීපයේ තබා සිදුකරනු ලබයි. අදාල තේමාව පැහැදිලිව හසුකර ගැනීම මෙම සමීප රූප ගැනීම මගින් අපේක්ෂිතයි. මෙලෙස කැමරාව අදාල දර්ශනයට සහ පක්ෂව තබන ස්තානය අනුව ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරන අර්ථය පොදු බවේ සිට විශේෂ කිරීම දක්වා හසුරවයි.
කැමරාව චලනය කරන ආකාරය ද අර්ථ නිශ්පාදනයේදී අධ්‍යක්ෂවරයාට ඉතා වැදගත් වේ. කැමරාවට හසුකර ගන්නා දර්ශනය හසුකර ගන්නා විට සිරස්ව හා තිරස්ව හෝ හරහට ආදී වශයෙන් කැමරාව චලනය දර්ශන රූප තල කිරීමේදී භාවිතා කරයි. මෙම චලනය මගින් ප්‍රේක්ෂකයා තුළ බිහි කරන බලපෑම විවිධ ය.මෙමගින් පෞද්ගලිකත්වය, මිත්‍රත්වය, වටපිටාව ප්‍රේක්ෂකයා තුළ හැඟීම් තීව්‍ර කිරීමට බලපායි. මෙසේ දර්ශන රූප තල කිරීමේදී කැමරාව හැසිරවීම හා සමානවම එහි පසුබිම, ශබ්ද පරිපාලනය අදාල අපේක්ෂිත අර්ථ ඉදිරිපත් කිරීමේ දී සිනමාපට තුළ මනාව භාවිත කරනු දක්නට ලැබේ.සිනමාපට තුළට ම ආවේණික භාෂා ව්‍යාකරණය හඳුනාගැනීමේදී මෙලෙස ගොඩනැගෙන රූපාත්මක භාෂාව චිත්‍රපටය තුළින් ගෙනෙන සෘජු මෙන්ම වක්‍ර අර්ථ වටහා ගැනීමේදී වැදගත් වේ.
සොසියෝ, චාල්ස් සැන්ඩර්ස්, චාල්ස් විලියම්, මෝරිස් විසින් ඉදිරිපත් කරන සංඥාර්ථ විග්‍රහය සිනමා භාෂාව අවබෝධ කර ගැනීමේ දී ඉතා වැදගත්කමක් උසුලන අතර මෙය සිද්ධාන්තමය වශයෙන් පිළිගත හැකිය.
නිමි.....



Veleuble
ReplyDeleteNiyamai
ReplyDeleteවැදගත් මතෘකාවක්....
ReplyDeleteNiyamai
ReplyDeleteවටිනවා ඈ
ReplyDelete👍👍
ReplyDeleteElama
ReplyDeleteGreat
ReplyDeleteSUPER 👍
ReplyDeleteBest
ReplyDeleteValuable post.Thank you.✌️
ReplyDelete