දළුලන අනියම් පෙම
මෙම මාතෘකාව දුටු සැණින් කෙනෙකුට විපුල දනවන්නක් වෙයි. එහෙත් ශ්‍රී ලංකාව තුල මේ වන විට කතා කළ යුතු මට්ටමෙන් මෙම ගැටළුව පැන නැගී ඇත. එසේම මෙම මාතෘකාව කතා කරන විට විවිධාකාර මතවාද ප්‍රතිචාර මිනිස්සුන්ගෙන් අපට හමුවේ. විවාහ වී සිටින පුරුෂයකු හෝ කාන්තාවක විසින් පිටස්තර ස්ත්‍රියක හෝ පුරුෂයකු සමඟ ඇතිකරගන්නා සම්බන්ධතාවය මෙහිදී අනියම් සම්බන්ධතාවය ලෙස හැඳින්විය හැකිය.ඒ සඳහා විවිධ හේතු සාධක ඇත. අයෙකුට තම ස්වාමිපුරුෂයාගෙන් හෝ බිරිඳගෙන් නොලැබෙන ආදරය, ආරක්ෂාව, රැකවරණය තේරුම් ගැනීම, අනෙකා අපේක්ෂා කරන මූලික අපේක්ෂාවන් නොලැබීයාම අනියම් සම්බන්ධතාවයක් ඇති වීමට හේතුවේ. එකිනෙකාගේ හැඟීම්, සිතිවිලි තේරුම් ගැනීම නිසා මොවුන් තේරුම් ගන්නා තමාට රැකවරණයක් සැලසේ යැයි අපේක්ෂා කරන වෙනත් කෙනෙකු සමඟ ඇතිකරගන්නා මෙම සම්බන්ධතාවය හේතුවෙන් පවුල් ජීවිත අහිමිවීම යම් යම් අවස්ථාවල දිවි අහිමි කිරීම් ද සිදු වේ. මෑතකාලීනව සිදු වූ ඛේදවාචකය හරහා එය මැනවින් පිළිබිඹු වේ. එසේම තමාගේ සහකරු හෝ සහකාරියගේ පිරිසිදුකම, වත් පිළිවෙත් නිසා මෙවැනි සබඳකම් ඇති විය හැකිය. එසේම තම සහකරු හෝ සහකාරිය ඇතිකර ගන්නා අනියම් සම්බන්ධතාවයක් නිසා ඇතිවන සිත් තැවුල මඟහරවා ගැනීමට ද අයෙක් විටෙක මේ ආකාරයේ සබඳකම් ගොඩනගා ගනු ලබයි.
- අනියම් සම්බන්ධතාවය සරල අර්ථ දැක්වුවහොත්,
- විවාහක කාන්තාවක සහ අවිවාහක පුරුෂයකු අතර
- විවාහක කාන්තාවක සහ විවාහක පුරුෂයෙකු අතර
- විවාහක පුරුෂයෙකු සහ අවිවාහක කාන්තාවක් අතර
ඇතිවන යම් කිසි සීමාවන් ඉක්මවූ සම්බන්ධතාවය අනියම් සම්බන්ධතාවය ලෙස සරලව අර්ථ දැක්විය හැකිය. අනියම් සම්බන්ධතා ඇතිවීමට හේතු සාධක කීපයක්ම පවතී.
- කායික අවශ්‍යතා
කාන්තා පිරිමි දෙපාර්ශවයටම ලිංගික අවශ්‍යතාවයන් පවතී. විවාහයත් සමඟ එය වෙනස් වන්නේ නැත. විවාහ වීමත් සමඟ කාන්තාවට දරුවන් ලැබීම හා ඔවුන්ගේ වැඩ වල නිරත වීම හරහා ඔවුන්ගේ කාර්ය බහුල බව වෙහෙසකාරී බව හේතුවෙන් ඔවුන්ගේ ලිංගික ආශාවන් එතරම් උඩට මතු වීමක් සිදු වන්නේ නැත. නමුත් කාන්තාවට සාපේක්ෂව පුරුෂ පාර්ශ්වයට පවුල තුළ විශාල කැපකිරීමක් සිදු නොකිරීම හේතුවෙන් පුරුෂයාට ස්වභාවයෙන්ම ලිංගික අවශ්‍යතාවය කාන්තාවට වඩා වැඩි වේ. මෙහිදී අනියම් සම්බන්ධතාවයකට මූලික වන්නට පිරිමි පාර්ශවයට ඉඩකඩ වැඩිවේ.
- මානසික අවශ්‍යතා අවශ්‍යතාවය
කාන්තාව යනු සියුමැලි මෘදු මොළොක් චරිතයකි. ඇයට නිතරම, නිරන්තරයෙන්ම තවත් කෙනෙකුගේ ආදරය,රැකවරණය අපේක්ෂා කරයි. බොහෝ පිරිමින් සිය විවාහයෙන් පසූව බිරිඳ කාර්යබහුල වීම හා දරුවන් කෙරෙහි යොමුවී සිටීම නිසා ඇය වෙතින් දුරස් වේ. බිරිඳ ඔහුගේ එම නොසලකා හැරීම් වලට හුරු වේ. නමුත් ඇයට උපතින්ම ලැබී තිබෙන ආදරය, රැකවරණය අපේක්ෂා කරන ස්වභාවය යටපත් වී නොමැත. එය තම ස්වාමියාගේ නොලැබුණු කල එය ලබාදෙන පිරිමියෙකු වෙත ඇය නිතරගයෙන්ම ඇදී යයි.
සහකරු හෝ සහකාරිය අයාලේ යෑම හෝ අනියම් සබඳතා ඇති කිරීමට විශාල පෙළඹවීමක් අවශ්‍යවන්නේ නැත. අනියම් සම්බන්ධතාවයක් පැන නගින බවට අනතුරු ඇඟවීමේ ලකුණු දැනගැනීමට sherlock holmes වන්නට අවශ්‍ය වන්නේ ද නැත. අයිවර්ස් පැහැදිලි කරන්නේ සහකරු සහකාරිය පිළිබඳ විශ්වාසය අධික වීම නිසා බිරිඳ, සැමියා බොහෝ සංඥාවලට අන්ධව සිටින බවයි. කාන්තාවට අනියම් සම්බන්ධතාවය ගැන දැනගැනීමේ සහජ බුද්ධියක් ඇති බව ඇය තවදුරටත් ප්‍රකාශ කරයි.
දෙකඩ වුණ පවුල් වලින් පැමිණෙන දරුවන් හැදෙන වැඩෙන විට ඔවුන්ගේ සහකරුවන්ට වංචා කිරීමට වැඩි ප්‍රවණතාවයක් ඇති බව 2015 වසරේ අධ්‍යනයකින් හෙළි වී ඇත. එසේම කරදරකාරී ළමාවියක් ගත කරපු පුද්ගලයන් ද මේ සඳහා යොමුවීමේ ප්‍රවණතාවය වැඩිය. විධිමත් හෝ දැඩි අණසක යටතේ හැදී වැඩුණු දරුවන්ගේ ලිංගික කුතුහලය වැඩිවීම නිසා ලිංගික ගවේෂණයට යොමු වීමේ ප්‍රතිශතය වැඩිය. ඒ හරහා ද ඔවුන් මෙලෙස අනියම් සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට පෙළඹේ.
නව යොවුන් වියේ ලිංගිකත්වය වර්ධනය වීම කෙරෙහි සමාජ සාධක හා පාරිසරික සාධක ඉතා වැදගත් වේ.අයිවර්ස් කාන්තාවගෙන් ඉල්ලා සිටින්නේ විවාහයට පෙර ඔවුන්ගේ සහකරුවන්ගේ හැසිරීම ගැන ගැඹුරින් සොයා බැලිය යුතු බවයි. උදාහරණයක් ලෙස,
- මීට පෙර ප්‍රේම සම්බන්ධතාවයක් තිබුණාද?
- ලිංගික හෝ ඩේටින්ග් app වලට ඇබ්බැහි වූ පුද්ගලයෙක් ද?
- කාමුක දර්ශන වැඩිපුර නැරඹූ පුද්ගලයෙක්ද?
- ලිංගික හැසිරීම් වලට ඇබ්බැහි වී සිටින පුද්ගලයෙක් ද?
ඇය පවසන්නේ මින් කිහිපයක් හෝ තිබෙන සහකරු ඇයට වංචා කිරීමේ ප්‍රවණතාවක් ඇති බවයි. ඔහු ආශ්‍රය කරන මිතුරන් අනිසි ලෙස හැසිරෙන පුද්ගලයන්වනේ නම් ඔහු ද ඒ සඳහා නැඹුරුවක් දක්වයි.අයිවර්ස් යෝජනා කරන්නේ ආත්ම විශ්වාසය වෙනස් වීම නිසා ලිංගික සම්බන්ධතා ගවේෂණය සඳහා ඇති ආශාව වැඩි විය හැකි බවයි. එසේම මෙවැනි අවස්ථාවල දී ඔහුගේ හෝ ඇයගේ හැසිරීම පැහැදිලි වෙනසක් පෙන්වයි. පෙනුම ගැන වැඩි අවධානයක් හා කාලයක් ගත කරයි. සමාජ මාධ්‍ය වලට දැඩි ලෙස ඇබ්බැහි වේ. සමාජයේ කවරෙකු හෝ ගැන ඕනවට වඩා කතා කරන්නේ නම් ඔහු හෝ ඇය පිළිබඳව වැඩි ආකර්ෂණයක් ඇති වී ඇත.එසේම දෙපාර්ශවය අතර සම්බන්ධතාවයේ පරතරයක් තිබේ නම් සහකරු හෝ සහකාරියට වෙනත් තැනක ආදරය සෙවීමට හේතුවක් විය හැකිය.
ලංකාව වැනි සිංහල බෞද්ධ රටක අනියම් සම්බන්ධතාවය ලෙස නරක ඇසකින් බලන ඔවුන් සිතන්නේ අනියම් සම්බන්ධතාවය තුළ ලිංගිකත්වය පමණක් ඇති බවයි. නමුත් එය එසේ නොවේ. තවත් දෙයක් වන්නේ අනියම් සම්බන්ධතාවය පවතින පාර්ශව දෙක විසින් තම තමන්ගේ පවුලට විය යුතු යුතුකම් මග හරි .එහිදී තම අනියම් සැමියා බිරිඳ කෙරෙහි තදින් ආකර්ෂණය වීම නිසා පවුල් සාමාජිකයින්ට තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් කොටස් පැහැර හැරීම නිසා ඔවුන් අගතියට පත් වේ. මිනිසා කියන සත්වයා අයිතිකර ගැනීමේ අවශ්‍යතාවය තුළ තමන් විවාහ කරගන්නා බිරිඳ හෝ සැමියා වෙනත් කෙනෙකු සමඟ මානසිකව හෝ ලිංගිකව එක්වීම දරා ගැනීමට නොහැකි වූ විට ගැටුම් ඇතිවේ. විවාහයෙන් පසුව ජීවිතය තුළ සබඳකම් සාමාන්‍ය වේ. විවාහ වීමට පෙර දෙපාර්ශවයටම ලෝකයටම පේනට ආදරේ කරයි. අත් අල්ලාගෙන තුරුල්වී ආදරේ සුවඳ විඳී.තරහ වේයැයි බියෙන් ආදරයෙන් කතා බහ කිරීම සිදුකරයි. කෑම බීම පිළිබඳව නිරන්තරයෙන් සොයා බලයි.
නමුත් කසාද බැඳලා අවුරුදු දෙකක් තුන ක් යන විට දෙන්න ඔහේ ඉන්නවට ඉන්නවා. ආදරෙන් කතා කරපු කාලයක් වත් නැහැ. අතින් අල්ලපු දවසක් වත් නැහැ. මහත්තයා වැඩට යනකොට නෝනා නිදි නැත්තං පෝන් එකේ, එක්කො කුස්සියෙ.... මහත්තයා වැඩට යනකොට කුස්සියට ඇවිත් මම යනවා කියලා යන්නෙත් නැහැ. බඳින්න කලින් තිබුණු ආදරය නැති වෙලා යනවා.මෙහෙම වෙන්නේ ඇයි? ඇයි මහත්තයට බැරි නෝනගේ ඔළුව අතගාලා ඔළුව සිඹලා" මම ගිහින් එන්නම්" කියන්න.ඇයි නෝනට බැරි "පරිස්සමට ගිහින් එන්න" කියලා දෙකම්මුල් සිඹින්න. මහත්තයට එහෙම ආදරේ කරලා ගෙදරින් යවන්න නෝනට පුලුවන්නම් මහත්තයාගේ හිතේ දවසම නෝනා ඉන්නවා. වෙන කෙනෙක් ගැන, වෙන කෙනෙක්ගෙ දිහා බලන්නෙවත් ඔහුට එවිට නොසිතෙයි. නෝනටත් ආදරය කරලා ඔලුව සිඹලා යන්න මහත්තයට පුලුවන්නම් නෝනගේ ආදරේ පිරුණු හිතට ඇතුළු වෙන්න කාටවත්ම නොහැකිය.
එසේම තමන් කන බොන වෙලාවට තමන්ගේ සැමියා බිරිඳ කෑවද බීවද කියලා කෝල් එකක් දීලා හොයා බැලීමට හැකි වන්නේ නම් තමාගේ ආදරේ දුර ඉඳන් වුණත් ඔහුට ඇයට විදීමට හැකියාව ලැබෙනවා. ආදරේ අඩුවක් නොදැනෙන හිතකට කවදාවත් වෙන කෙනෙක් අවශ්‍ය වන්නේ නැහැ. තම බිරිඳ සැමියා අනියම් පෙමක පවත්වන බව ඇසූ විට ඔහු ඇය අහන්නේ "මගෙන් උන අඩුපාඩුව මොකක්ද?" කියලා. බිරිඳ හිතන්නේ තමන්ගේ සැමියාට උයලා ඇඳුම් හෝදලා දුන්නම ඔක්කොම හරි කියලා, සැමියා හිතන්නේ බිරිඳට ඇඳුම් ගන්න සල්ලි දුන්නා ම ඔක්කොම හරි කියලා. නමුත් ඒ දේවල් හැරෙන්න තව ගොඩක් ලොකු අඩුපාඩු දෙන්න අතින්ම සිද්ධ වෙනවා.
විවාහයක් නිරවුල්ව පවත්වා ගෙන සතුටින් ගත කරන්න ඕන කරන මූලික සාධකය ලිංගික සම්බන්ධතාවය යි. විවාහය පරණ වීම, දරුවන් ලැබීම හරහා අඹුසැමියන් ලිංගික සම්බන්ධතා වලින් ඈත් වෙනවා ඉඳහිට එලෙස ලිංගිකව හැසිරෙන ද එය ඕනෑවට එපාවට රාජකාරියක් කරනවා වගේ සිද්ධවෙන්නේ. සැමියාට ඕන දෙයක් කරගන්න ඉඩ දීලා මළකඳක් වගේ වැටිලා ඉන්න බිරින්දෑවරු තමන්ගෙ සැමියා වෙන කෙනකු ඇසුරු කළ විට "මම මොනවද තමුසෙට නොදුන්නේ" කියලා අහනවා. බිරිඳව ඇදල අරන් තමන්ට ඕන දේ කරගෙන අනිත් පැත්තට හැරිලා නිදා ගන්න සැමියන් තමන්ගේ බිරිඳ වෙන කෙනකු ඇසුරු කලාම අහනවා "තමුසෙට මාව මදි වුනාද" කියලා.
විවාහ ජීවිතය හැම දෙයක්ම මෙන්ම ලිංගික ක්‍රියාවලිය තුලද සතුට දෙදෙනා අතර බෙදී යා යුතුය. එක් අයෙකුට පමණක් ආත්මාර්ථකාමී ලෙස සතුටක් සොයා අනෙකා ගැන නොසලකා හැරීම තුළ ගැටුම් මතුවේ.අනියම් සම්බන්ධතා ඇතිවෙන්නේ හා ඇති කරගන්නේ ගැටලු සහිත විවාහකන් අතරය. ප්‍රශ්න වලින් ගහන වූ විවාහ සංස්ථා වලය.
ඒ සඳහා බලපාන සාධක බොහෝය. එහිදී ප්‍රාථමික සහකරු හෝ සහකාරියගෙන් ලිංගික ක්‍රියාවලිය සඳහා දක්වන උනන්දුව අඩුවීම, ප්‍රතිචාර ප්‍රතික්‍රියා අඩුවීම වීම,හැඟීම් වලට තෘප්තිමත් භාවය අඩුවීම, ආදරය ප්‍රේමය අඩුවීම, අලුත් අයගෙන් අලුත් අත්දැකීම් ලබා ගැනීමේ ආශාව,නියමිත වයසට පෙර එනම් ලිංගික පරිණතියට පෙර සිදුවන විවාහ, කාගේ හෝ බලපෑම මත තම කැමැත්ත නොමැතිව, ආර්ථික, සමාජ තත්වය ගැන නොසලකා, තමා අතින් වරදක් වීම හෝ වරදක් කර ඊට වන්දි ගෙවීමක් ලෙස විවාහයට යොමු වීම, වයසත් කාලයත් සමඟ කායික වෙනස්කම්, මානසික වෙනස්කම්, විශේෂයෙන්ම ස්ත්‍රී පාර්ශවය කායික වශයෙන් සිදුවන ආකර්ෂණීය බව, හැඩරුව පිරිහීම, ආර්ථික අමාරුකම් ආදී බොහෝ කාරණා දෙදෙනා අතර බැඳීම් ලිහිල් කිරීමට හා අනියම් පෙමකට පැටලීමට පෙළඹවීමක් සිද්ධ වේ. සිද්ධවේ ඉහත කරුණු කාරණා එකින් එකට නිදර්ශන අප සමාජය තුළ ඕනෑවටත් වඩා ඇත.
විවාහය ඇත්තේ විඳින්නටය. එය විඳිය යුතුය. විවාහය තුල කිසිදු දිනක විඳවිය යුතු නැත. නමුත් අනියම් සම්බන්ධතා මා අනුමත කරන්නේ නැත. නොගැළපෙන්නේ නම් වෙන් විය හැකිය. පසුව තමාට රිසි ජීවිතයක් සොයා යා හැකිය. එසේම තමන් අමාරුවෙන් ගොඩ නගා ගන්නා සම්බන්ධතා තුළ අවංක විය යුතුය. අනෙකාගේ ආදරේට වටිනාකමක් දිය යුතුය. විශ්වාසය රැකිය යුතුය. අනෙකාව තේරුම්ගත යුතුය.එවිට දෙදෙනාට ම යහපත් ජීවිතයක් ගත කිරීමේ හැකියාව පවතී.
" ජීවිතය තුළ ලස්සන අලුකොබෙයියා ලක් ලෙස ජීවත් වන්න."
නිමි....




Important for the life lessons
ReplyDeleteකාලීන වැදගත් ලිපියක් 👍👍
ReplyDeleteGood
ReplyDeleteBest
ReplyDeleteEla
ReplyDelete❤️❤️❤️❤️
ReplyDeleteNiyamai
ReplyDeletegood
ReplyDeleteGood
ReplyDeleteEk mrui
ReplyDelete