Posts

Showing posts from November, 2021

මුතු බෙල්ලා

Image
  මුතු හා මුතු පර වල තිබිරිගෙය සප්ත මහා සාගරයයි. මුතු යනුවෙන් හැදින්වෙන්නේ මැණික් වර්ගයකි. මේ වටා ගෙතී ඇත්තේ හරි අපූරු කතන්දරයකි. මහ මුහුද මුතු සඟවාගෙන විසිරී පැතිරී පවතින රහස් ගුහාවක් වැනිය. මෙය හටගන්නේ මුතුබෙල්ලා කියන සත්වයා තුළින්ය.ස්වභාව දහමෙන් අපට තිළිණ කළ ආකාරයෙන්ම කිසිදු වෙනස්කමකට හෝ ඔප දැමීමකට භාජනය  නොකොට ඒ ආකාරයෙන් ආභරණයකට බහා පැළඳිය හැකි එකම මැණික් වර්ගයද මුතුය. මුතු බෙල්ලාගේ ශරීරය තුළට අහඹු ලෙස ස්වාභාවිකව ඇතුළුවන වැලි කැටයක් හෝ වෙනත් අපද්‍රව්‍ය  නිසා ඔහුට දැනෙන වේදනාව වළක්වා ගැනීමට මුතු මුතුබෙල්ලා විසින් ඔහුගේ ඇඟ තුළින් කැල්සියම් ශ්‍රාවය නිකුත් කරයි. මේ ශ්‍රාවය ඉහත කී ශරීරයට ඇතුළු වී ඇති අපද්‍රව්‍ය  වටා තැන්පත් වේ. එසේ නිරන්තරයෙන් මුතු මුතුබෙල්ලා කැල්සියම් ශ්‍රාවය නිකුත් කිරීම තුළින් එය නිරන්තරයෙන් වර්ධක පටල ලෙස ගුලියක් ආකාරයෙන් ශරීරය තුළ ඇති අපද්‍රව්‍ය වටා තැන්පත් වීම තුළ බෙල්ලාට ඒ මගින් ලැබෙන වේදනාව නැති වී යයි. ස්වභාවික මුතු ඇටයක් වර්ධනය වීම සදහා අවුරුදු 15ත් 20ත් අතර කාලයක් ගතවේ.  මුතු ඇට මිනිස් ඇස ගැටෙන්නේ මීට වසර ගණනාවකට පෙර වෙරළ තීරය මත ආහාර ස...

ගවේෂණාත්මක මාධ්‍ය වාර්තාකරණය

Image
ගවේෂණාත්මක වාර්තාකරණය යනු කිසියම් සිද්ධියක් , අවස්ථාවක් , පුද්ගලයෙක් පිළිබඳ ගැඹුරින් සොයා බලා වාර්තා කිරීමයි. පුවතක් යනු කිසියම් සිදුවීමකි.  මතුපිටින් බැලූ විට ඇසින් දකින දෙය හෝ අසන දේ විය හැකිය. සාමාන්‍යයෙන් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ දී who,what ,when,were ,why යන කරුණු කෙරෙහි අවධානය යොමු කරනු ලබයි. නමුත් how   යන්ට ප්‍රමුඛත්වයක් දී සිදු කරනු ලබන වාර්තා ගවේෂණාත්මක වාර්තා ලෙස හඳුන්වයි.ප්‍රවෘත්තියක් යනු අංකුරයක් නම් ගවේශනාත්මක වාර්තාකරණයේ දී එම අංකුරය අයත් බීජය සහ එහි වර්ධනය පිළිබඳ සොයා බලනු ලබයි. එනම් ගවේශනාත්මක වාර්තාකරණයේ දී සැඟවුණු තොරතුරු සොයා බැලීම සිදුකරයි .මෙහිදී සමාජ අක්‍රමිකතා සහ හොරමැරකම් හෙළිදරව් කොට ඊට එරෙහිව ජනමතයක් ගොඩ නැංවීමට ගවේෂණාත්මක වාර්තාකරණයේ අභිමතාර්ථය විය. මෙය එක්තරා අන්දමක සමාජ සේවයක් වශයෙන් ද සැලකිල්ලට ගනී. එමෙන්ම ගවේෂණාත්මක වාර්තාකරණයේ නියැළෙන්නට වගකීමකින් මෙන්ම මනා කැපවීමකින් යුතුව එම කාර්යයෙහි නියැලීමට සිදුවේ .ගවේෂණාත්මක පුවත් වාර්තාකරණයේ ඉතිහාසය විමසා බැලීමේදී එය විසිවන සියවස තෙක් ඈතට ඇදී යයි. විසිවන සියවස ආරම්භයේ දී පමණ ගවේෂණාත්මක පුවත්පත් වාර්ත...

ශිල්පීය ක්‍රමවලින් පෝෂිත Citizen kane චිත්‍රපටය

Image
"යථාර්ථවාදය හා ප්‍රකාශන වාදය, නාටකීය කුළු ගැන්වීම් සඳහා කදිම නිදසුනක් ලෙස citizen kane චිත්‍රපටය හැඳින්විය හැකිය." Citizen kane නම් චිත්‍රපටිය  ඇමරිකානු කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ charles foster kaneගේ කතාවකි.බල කාමය හා පෞරුෂත්වයෙන් හෙබි අසාමාන්‍ය වූ ගති ලක්ෂණ පිළිබිඹු කල kaneගේ චරිතය සිනමා වංශ කතාවේ එක්තරා සන්ධිස්ථානයක් පිළිඹිඹු කරන චරිතයක් ලෙස සලකනු ලබයි.kane ගේ ජීවිතයේ සෑම සිදුවීමක් මෙන්ම rosebud නම් වචනයද පුවත්පත්වල ප්‍රධාන සිරස්තලය බවට පත්වේ. චිත්‍රපට වාර්තාකරුවෙක් මෙකී වචනය හා කේන්ගේ ජීවිතය අතර රහස කුමක් දැයි සෙවීම අරඹයි. අහංකාරකම, මමත්වය, විඥානවාදී දෘෂ්ටිය , ප්‍රචාරයට ඇති අසීමිත ආශාව ,පුද්ගලයින් හා මුළු සමාජ සංස්ථාවම සිය  බලයෙන් නතු කර ගැනීමේ අභිලාෂය kaneගේ චරිතයේ ලක්ෂණ වේ. එහෙත් වචනයේ පරිසමාප්තියෙන්ම kane යනු අද්විතීය චරිතයකි. අඩක් උපහාසාත්මක වුත් ,අඩක් උද්වේගකර වූත් චිත්‍රපටයක් වූ මෙම කෘතියට orson welles නම් සිනමාකරුවා වේදිකා නාට්‍යයෙන් ලද පරිචයද එක් කොට ඇති බව පෙනේ. ප්‍රකාශනාත්මක ශෛලිය කලාකෘතියක ඇද ගැනීම තරම් අන්තරාදායක කටයුත්තකි.එහෙත් orson welles පසුබට වන අන්දමේ පු...