ගවේෂණාත්මක මාධ්‍ය වාර්තාකරණය
ගවේෂණාත්මක වාර්තාකරණය යනු කිසියම් සිද්ධියක් , අවස්ථාවක් , පුද්ගලයෙක් පිළිබඳ ගැඹුරින් සොයා බලා වාර්තා කිරීමයි. පුවතක් යනු කිසියම් සිදුවීමකි. මතුපිටින් බැලූ විට ඇසින් දකින දෙය හෝ අසන දේ විය හැකිය. සාමාන්‍යයෙන් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ දී who,what ,when,were ,why යන කරුණු කෙරෙහි අවධානය යොමු කරනු ලබයි. නමුත් how යන්ට ප්‍රමුඛත්වයක් දී සිදු කරනු ලබන වාර්තා ගවේෂණාත්මක වාර්තා ලෙස හඳුන්වයි.ප්‍රවෘත්තියක් යනු අංකුරයක් නම් ගවේශනාත්මක වාර්තාකරණයේ දී එම අංකුරය අයත් බීජය සහ එහි වර්ධනය පිළිබඳ සොයා බලනු ලබයි. එනම් ගවේශනාත්මක වාර්තාකරණයේ දී සැඟවුණු තොරතුරු සොයා බැලීම සිදුකරයි .මෙහිදී සමාජ අක්‍රමිකතා සහ හොරමැරකම් හෙළිදරව් කොට ඊට එරෙහිව ජනමතයක් ගොඩ නැංවීමට ගවේෂණාත්මක වාර්තාකරණයේ අභිමතාර්ථය විය. මෙය එක්තරා අන්දමක සමාජ සේවයක් වශයෙන් ද සැලකිල්ලට ගනී. එමෙන්ම ගවේෂණාත්මක වාර්තාකරණයේ නියැළෙන්නට වගකීමකින් මෙන්ම මනා කැපවීමකින් යුතුව එම කාර්යයෙහි නියැලීමට සිදුවේ .ගවේෂණාත්මක පුවත් වාර්තාකරණයේ ඉතිහාසය විමසා බැලීමේදී එය විසිවන සියවස තෙක් ඈතට ඇදී යයි. විසිවන සියවස ආරම්භයේ දී පමණ ගවේෂණාත්මක පුවත්පත් වාර්තාකරණය පිළිබඳ සාකච්ඡා ආරම්භ විය.එම් ටර්බෙල්,ලින්කන් ස්ටෙන්ස් සහ රෙඩ් ටැන්කර්ඩ් යන ඇමරිකන් ජාතික මාධ්‍යවේදීන් තිදෙනා මෙයට මුල් වී කටයුතු කරන ලදී.ටාර්බෙල් විසින් රචිත "History of the standard oil company" සහ Shame of the cities" යන ලිපි පෙල මගින් මෙම වාර්තාකරණය සම්පාදනය ආරම්භ විය.ගවේෂණාත්මක වාර්තාකරණය "හෙලිදරව්ව සාහිත්‍යය" ලෙස හඳුන්වයි.කිසියම් වාර්තාකරණයක් ගවේෂණාත්මක වාර්තාකරණයක් බවට පත්වීමට නම් මූලික නිර්ණායක ත්‍රිත්වයක් තෘප්ත කළ යුතුය. එනම්,
- සඟවාගෙන සිටින රහසක් හෙළි කිරීම.
- එය මහජන උනන්දුව පිණිස හේතුවන කරුණක් වීම.
- වාර්තාකරු හෝ පුවත්පත විසින්ම තොරතුරු ගවේෂණය කොට හෙළිදරව් කිරීම.
කිසියම් පුද්ගලයෙකුගෙන් ලද තොරතුරක් හෝ පර්යේෂණ වාර්තාවක් ප්‍රසිද්ධියට පත් කිරීම හෝ ගවේෂණාත්මක වාර්තාකරණය යටතට නොගැනේ .
- වෝටගේට් සිදුවීම
ඇමරිකාවේ වෝටර්ගේට් සංකීරණයේ ඩිමොක්‍රටිස් පක්ෂ ජාතික කමිටු කාර්යාලයේ ඉලෙක්ට්‍රොනික් ට්‍රොෆික් මයික්‍රෝෆෝන් සවිකොට එහි සාකච්ඡා පටිගත කොට සවන් දීම සිදු විය. මෙය සී .අයි .ඒ සංවිධානය සහ ඇමෙරිකන් හිටපු ජනාධිපති රිචඩ් නික්සන් පිළිබඳ හෙළි විය. මෙම සිදුවීම අළලා වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ කාල් බන්ස්ටයින් සහ රොබට් වුඩ්වර්ඩ් යන වාර්තාකරුවන දෙදෙනා ලිපි පෙළක් සම්පාදනය කරන ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙස රිචඩ් නික්සන් ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමට සිදුවිය. මෙම සිදුවීමත් සමග ගවේෂණාත්මක වාර්තාකරණය ලෝකෙ පුරා ජනප්‍රිය විය.
- ඇමරිකාවේ පෙන්ටගන් රහස් වාර්තා හෙළිදරව් කිරීම.
පෙන්ටගන් වාර්තා ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ආරක්ෂක ලේකම් රොබට් මැක්නමාරාගේ අධීක්ෂණයෙන් ඇමරිකාවේ වියට්නාමය සම්බන්ධ ප්‍රතිපත්ති පිළිබඳ අධ්‍යයනයකි. එය 1967 වසරේ ආරම්භ කොට 1968 වසරේදී අවසන් කරන ලද පිටු පන්දාහකින් යුතු රහස වාර්තාවකි. මෙමගින් ඇමරිකාවේ දෙබිඩි පිළිවෙත, මනාව ප්‍රදර්ශනය විය. ජෝන් කෙනඩි ගේ පාලන සමයේ වියට්නාමයේ ඩියම් ඩියම්ගේ පාලනය පෙරළා දැමීම පිණිස ආර්ථික සම්බාධක පැනවීමත් සිවිල් ජනයා පිළිබඳ නොසලකා වියට්නාමයට බෝම්බ දැමීම පිළිබඳවත් මෙම පෙන්ටගන් වාර්තා හරහා ඔප්පු වී තිබුණි.
විශ්‍රාමික ආරක්ෂක විචාරකයකු තවත් පුද්ගලයෙක් සමග එක්ව නිව්යෝර්ක් පුවත්පතට ලිපි පෙළක් ලියූ අතර මෙම සිදුවීම පිළිබඳව වොෂින්ටන් පෝස්ට් පුවත්පත වාර්තාකරණයක් සිදුකෙරී ය. රජය මඟින් මෙම පුවත්පත් වලට එරෙහිව තහනම් නියෝග ගැනීම පිණිස දිසා අධිකරණයට ගිය අතර පුවත් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කෙරීය. 1971 වසරේදී මෙහි තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර නව දෙනකුගෙන් යුතු විනිසුරු මඩුල්ලෙන් 6 දෙනෙකු ප්‍රකාශ කළේ ප්‍රකාශන නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති නිසා පුවත්පතට එරෙහිව වාරණ නියෝග නිකුත් කිරීම ව්‍යවස්ථා විරෝධී බවයි. නමුත් මේ පිළිබඳව ග්‍රීන් ප්‍රකාශ කරන්නේ මෙම සිද්ධිය ගවේෂණාත්මක වාර්තාකරණයක් නොවන බවයි. මන්ද පෙන්ටගන් වාර්තාව හරහා මේ පිළිබඳ ලිපි පළ කළ ද එය වාර්තාකරුවෝ පුවත්පතක් විසින් කරුණු ගවේෂණය කොට වාර්තාකරණය කොට නොමැති බැවිනි.
- හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක ගේ සිද්ධිය
වික්ටර් අයිවන් විසින් රාවය පුවත්පත හරහා හිටපු මහේස්ත්‍රාත් වරයෙකු වූ ලෙනින් රත්නායකගේ ක්‍රියාකලාපය පිළිබඳ ගවේෂණය කොට වාර්තා කිරීම ගවේෂණාත්මක ප්‍රවෘත්තිකරණයේ දේශීය උදාහරණයක් තුළ කැපී පෙනෙයි. ලෙනින් රත්නායක මහතා මහව මහේස්ත්‍රාත්වරයකු ව සිටි අවධියේ තමා ඉදිරියේ පැවති නඩුවක විත්තිකරුගේ බිරියව කටඋත්තරයක් ලබා ගැනීමට යැයි කියා තානායමකට කැඳවා සංසර්ගයේ යෙදීමට බලපෑම් කිරීම , තමා ඉදිරියේ විභාග වන නඩුවක විත්තිකාරිය බිය ගන්වා සංසර්ගයේ යෙදීම සහ ඔහු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සේවය කරමින් සිටියදී මූල්‍ය වංචාවකට වැරදිකරු වූ බව හෙළිකොට මහේස්ත්‍රාත් වරයෙකු බවට පත්වීම ලෙනින් රත්නායකට එල්ල වූ චෝදනා ය.
ගවේෂණාත්මක ප්‍රවෘත්ති කලාවට අනුව ප්‍රවෘත්ති කලාවේදියා විසින් සිදු කරනු ලබන්නේද රහස් පරීක්ෂකවරයෙකුගේ වැඩ කොටසකට සමාන කාර්යභාරයකි. එහිදී වාර්තාකරුවාගේ වැයම වන්නේ සිද්ධියකට අදාළ පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර දීම නොව ඔවුන් විසින් සිදුකරන ලද සියලුම අපරාධ ජනතාව හමුවේ අනාවරණය කිරීමයි. එක්දහස් නවසිය ගණන්වල ඇමෙරිකාවේ ඇති වූ සමාජ ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් වශයෙන් බිහි වූ ගවේෂණාත්මක ජනමාධ්‍ය කලාව වඩා ආක්‍රමණශීලී හා ක්‍රියාශීලී වූවකි. බලවතුන්ගේ වැරදි හෙළිදරව් කිරීම මගින් රාජ්‍ය නිලධාරීන් පාලනයට නතු කරමින් ද රජය හා වෙනත් ආයතනවල පමණ ඉක්මවා යෑම මර්දනය කරමින් ද ගවේෂණාත්මක වාර්තාකරණය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ප්‍රබල මූලාශ්‍රයක් ලෙස කටයුතු කරයි. මාධ්‍යකරුවාගේ ගවේෂණාත්මක ලේඛන ඇතැම් අවස්ථාවල පාලක පැළැන්තියේ නොමද දෝෂදර්ශනයට ලක්වූ බවද නොරහසකි. එම තත්ත්වය කොපමණ වර්ධනය වී ද යත් ඇමරිකානු ජනාධිපතිවරයෙකු වූ තියඩෝර් රූස්වෙල්ට් මෙය "කුණුකන්දල් ඇවිස්සීමක්" ලෙස හඳුන්වන ලදී.
ගවේෂණාත්මකශනාත්මක වාර්තාකරණයේ විශේෂිත වූ ලක්ෂණ ගණනාවක් දක්නට ලැබේ.
- සක්‍රීය බව.
- වැරදි හෙළිදරව් කිරීම.
- වගකීම් සහගත බව.
- ප්‍රතිඵල ඉලක්ක කර ගැනීම.
- වැඩි කාලයක් අවශ්‍ය වීම.
- ගැඹුරු බව හා පුළුල් බව.
- වෙනස් කාලාන්ත.
- ප්‍රතිරාමුගත කිරීම.
ගවේෂණාත්මක ජනමාධ්‍යකරන සතුව විශේෂ ලක්ෂණ ඇතුවා සේම එය ක්‍රියාත්මක කරන්නා සතුවද විශේෂ ගති ලක්ෂණ ඇත. ගවේෂණාත්මක වාර්තාකරුවෝ පොදුවේ සාමාන්‍යයෙන් වසර ගණනාවක් තිස්සේ ප්‍රගුණ කරන ලද යම් යම් විශේෂ ගති ලක්ෂණ පෙන්නුම් කරති.
- විචාරාත්මක චින්තනය.
- හඹායෑම
- ධෛර්යවන්ත බව.
- විචක්ෂණශීලී බව.
- ක්‍රමවත් බව හා සාධාරණ බව.
ගවේෂණශීලී ප්‍රවෘත්ති කලාවේ නියැලෙන වාර්තාකරුවන් දීර්ඝ කාලයක් එකම පර්යේෂණ වල නිරත වෙමින් යයි. ඊට අදාළ ඔහු පර්යේෂණ වල නිරත වෙමින් තොරතුරු රැස් කර ගනී. මෙම කාලසීමාව සති ගණනක් විය හැකිය. එසේ නැතිනම් මාස ගණනක් විය හැකිය. සම්මුඛ සාකච්ඡා පැවැත්වීම මෙන්ම විවිධ ස්ථානවලට යාමට මොවුන්ට සිදුවෙයි. ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ට තියුණු බුද්ධියක් ද විශ්ලේෂණාත්මක මනසක් ද පැවතිය යුතුය. තමන් රැස්කරගන්නා තොරතුරු මනා ලෙස විශ්ලේෂණය කිරීමට ඔහු සමත් විය යුතුය.
කෙසේ වෙතත් මෙම ගවේෂණාත්මක වාර්තාකරණය හරහා බොහෝ විට සිදුවන්නේ දේශපාලනයට සම්බන්ධ පුද්ගලයන් මහජනතාවගෙන් වසන් කරන්නා වූ සිද්ධි හෙළිදරව් කිරීම ය.මෙහිදී දේශපාලන ජනමාධ්‍යයට බලපාන්නාවූ ආකාරය වන අධිපතිවාදී ජනමාධ්‍ය පාලනය හරහා හිමිකාරීත්වය මගින් ආදී වශයෙන් ජනමාධ්‍යයට බලපෑම් කිරීමට දේශපාලනය කටයුතු කටයුතු කරයි. තමන්ගේ දූෂණ වංචාවන් හෙළිවීම වැලැක්වීම හා ඔවුන් තම ආධිපත්‍යය මගින් මෙම ආකාරයට මාධ්‍ය පාලනය කරයි. එමගින් ජනමාධ්‍ය ආයතන වලට පහර දීම, මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම , ඝාතනය කිරීම ආදිය පවා සිදුවේ.
ගවේෂණාත්මක මාධ්‍යකරණයට අද වන විට විශාල සමාජ පිළිගැනීමක් ලැබී ඇත. දිගින් හා පළලින් යුත් සාමාන්‍ය ප්‍රවෘත්තියකට ගැඹුරක් ලබා දෙන්නේ ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරුවන්ය. ජනතාවගේ හදවතට සමීප වුණු බොහෝ මාධ්‍යවේදීන් මේ ගවේෂණාත්මක ප්රවෘත්ති වාර්තාකරණයහි නියුතු වූවන්ය. එහි අවශ්‍යතාවය වෙන කවරදාකටත් වඩා වර්තමාන සමාජයට හොඳින් දැනී තිබේ.
නිමි....
This comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete👍👍
ReplyDeleteBest
ReplyDelete👍👍👍
ReplyDeleteSuper
ReplyDeleteNiyamai 👍👍👍👍❤️🔥❤️🔥
ReplyDelete😍😍
ReplyDelete