Posts

Showing posts from January, 2021

මත්ද්‍රව්‍ය උවදුර පිටු දකිමු

Image
ශ්‍රී  ලංකාවේ  මත්ද්‍රව්‍ය ගැටලුව මෑතකාලීන සංසිද්ධියක් නොවේ .ක්‍රිස්තු වර්ෂ 1505දී ලංකාව පෘතුගීසීන් විසින් ද ඉන් පසුව ලන්දේසින් හා ඉංග්‍රීසින් විසින් ද ආක්‍රමණය කරන ලදී .ප්‍රථමයෙන් පෘතුගීසීන් විසින් අබිං කෑම ලංකාවට හඳුන්වා දෙන අතර පෘතුගීසි හා ලන්දේසි සොල්දාදුවෝ බහුල වශයෙන් අබිං කෑමට පුරුදු වී සිටියහ. 1829 දී එකල සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාරතුමා විසින් ශ්‍රී ලංකාවේ අබිං වගාව සංවර්ධනය සඳහා ගොවීන් දිරිමත් කිරීම පිණිස අනුබල දෙන ලදී .මෙයට විශේෂයෙන් හේතු වූයේ වතුකරයේ සේවය කළ ද්‍රවිඩ ජනතාවගේ අවශ්‍යතාවය සඳහා අබිං ගෙන්වීම කරන අතරම ලංකාවේ වගා කිරීමට උනන්දු කිරීමයි .එසේම මේ වන විට අබින් වෙළඳාම  ක්‍රමවත් කිරීම සඳහා ලයිසන් ක්‍රමය හඳුන්වා දී තිබූ අතර එමගින් රජයට විශාල බදු ආදායමක් ලැබුණි. අබිං කෑම සමාජ ප්‍රශ්නයක් වූ හෙයින්  1867 අංක 19 දරණ අබිං සහ කංසා ආඥා පනත පනවන ලදී. එක්දාස් නවසිය තිස් ගණන්වල ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම භාවිතා කළේ අබිං සහ ගංජා ය. 1948 වන විට ශ්‍රී ලංකාවට නාමික නිදහස ලබාදී තිබූ නමුත් විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමට 1955 වන තෙක් ම උත්සාහ නොගෙන තිබුණි.අබිං සහ අන්තර...

හිංසනයෙන් බැට කන කාන්තාව

Image
  කාන්තාව යනු සමාජයට විශාල මෙහෙවරක් කරන්නා වූ තැනැත්තියකි. ලංකාව තුළ පමණක් ගත් කල කාන්තාව විදෙස් ගත ශ්‍රමය තුළ මෙරට ආර්ථිකයට සියයට 65 ක දායකත්වයක් ලබාදෙයි.  කෙසේ නමුත් වර්තමානය තුළ කාන්තාවට හිමි වී ඇත්තේ දුක්ඛ දායක තත්වයකි. කුමන හෝ කාන්තාවක් කුමන රටක වේවා හිංසනයට හා ලිංගික අතවරයට ලක්වීම දෛනිකව සිදුවේ. කාන්තාවක් මාර්ගයේ යන විට එහි සිටින බොහෝ ගැටවරයන් " hey beautiful "හෝ " hey sexy " යන නම්වලින් සිනාමුසුව ආමන්ත්‍රණය කරයි. මෙවැනි දේ මගින් ආරම්භ වන කාන්තා හිංසනය දූෂණයකින් හෝ ශාරීරික වද දීමකින් බොහෝ අවස්ථාවල අවසන් වේ. ලෝකයේ කාන්තාවන්ගෙන් සියයට 35ක් ශාරීරික හෝ ලිංගික හිංසනයට ලක් වේ. ස්ත්‍රී දූෂණය යනු ලිංගික හිංසනය අවසන් ප්‍රතිඵලයයි . සමස්ත කාන්තාවන්ගෙන් මිලියන 750ක් තරුණියන් වයස අවුරුදු  18 දී විවාහ ගතවේ. එමෙන්ම තරුණියන් මිලියන එකසිය විස්සක් ලිංගික හිංසනය පිළිබඳ නීතිමය වශයෙන් පැමිණිලි ඉදිරිපත් කර ඇත .        ආසියාවේ කාන්තා හිංසනය වැඩිම රට වන්නේ වියට්නාමය යයි.       කාන්තාවක් ඇගේ කැමැත්තකින් තොරව වැළඳගැනීම, හේත්තු වීම, තට්ටු දැමීම, මිරිකී...

රෙගේ සංගීතයේ සංකේතය

Image
 බොබි මාලේ  "අයාලේ නිශ්චිත ඉලක්ක අහිමිකරගත් පාරිභෝජනවාදය  මුල්කරගත්  ජනතාවක් වෙසෙන සමාජයකට මෙන්ම මර්දනය, පීඩනය ,උරුමය අහිමි වූ අහිංසක ජනතාවක් වෙසෙන සමාජයකට වුව ද ,නිවැරැදි දෙසට ඔවුන්  ගමන් කරවන්නට,  ආදරය අහිමි වූ සමාජයකට ආදරය පිළිබඳ පෙන්වා දෙන්නට, පරමාදර්ශී චරිත වලට ඇත්තේ ඉහළ ශක්‍යතාවයකි. මෙසේ හව්හරණක් නොමැති ශත වර්ෂ දෙකක් පමණ ජීවත් වූ ජනතාවට හඬක් වන්නට  ඔවුන් පෙළෙන්නා වූ  පීඩාකාරීත්වය ලෝකයට පෙන්වා දෙන්නට සංකේතීය  පියාගේ භූමිකාව රඟ දක්වන්නට, පරමාදර්ශය වන්නට සමත් වූවෙක් ලෙස bob marley හැඳින්විය හැකිය ." මෙම සංවාදය හරහා ඔහුගේ නිර්මාණ සඳහා පසුතල වී ඇති සමාජ දේශපාලන කරුණු හා ජනප්‍රිය සංස්කෘතියට  ඔහුගේ නිර්මාණ මඟින්මා ලබාදී ඇති දායකත්වය  පෙන්වා දී ඇත . ඔහුට තරු සංකල්පනාවන් නොතිබුණි. සිය වර්ගයාගේ ජීවන ගැටළු විග්‍රහ කිරීමට ඔහුට අවශ්‍ය විය. ඔහු ඒ හෙයින් නිර්භය චරිතයක් ලෙස ප්‍රසිද්ධිය ඉසිලීය . සුදු ජාතිකයන්ගේ යකඩ සපත්තු වලට පෑගුන තම ජනතාව වෙනුවෙන් බිහි කළ  නිර්මාණාත්මක ආදර්ශයන් රැසක් ඔහුගේ ගීතය තුළින් තුලින් පෙන්වා දෙයි. ඔහු ඉතා ජනප්‍රි...

හිපි සංස්කෘතිය

Image
  හිපි සංස්කෘතිය තුළ සමාජ සංස්කෘතියට හා සභ්‍යත්වයට විරුද්ධ ව පැවැති ක්‍රියාකාරකම් නිසා හිපියන්ට සමාජයෙන් විරෝධයක් එල්ල වන්නට විය  ක්‍රම  ක්‍රමයෙන් හිපි සංස්කෘතිය පිරිහී යන්නට සමාජ බලපෑම ප්‍රබල හේතුවක් වූ නමුත් හිපියන් ට ආවේණික ව තිබුණු ගති ලක්ෂණ බොහෝමයක් නවතාවයකින් යුතුව ජනප්‍රිය  සමාජයේ මතු වුව ආයේය. චිත්ත සමාධි උදෙසා මේ හිපියන් මත්ද්‍රව්‍ය භාවිතා කළ අතර එය සාමාන්‍ය සමාජයේ විවේචනයට ලක් විය .හිසකේ වවාගෙන සැහැල්ලු ඇඳුම් පැළඳුම්වලින් සැරසී ගත් හිපියන් සමාජයේ හැසිරෙන්නෙ අනෙකුත් අයගේ සමාජමය වටිනාකම වලට අභියෝග එල්ල කරමිනි . පෞද්ගලික නිදහස අගය කළ හිපියන් සම්මත සමාජයේ  වෙසෙන්නන්ගේ නිදහස පිළිබඳ සිතුවේ නැති තරම්ය. මෙවැනි කාරණා නිසා සම්මත සමාජය මෙම උප සංස්කෘතියට එරෙහිව ක්‍රියාත්මක වෙමින් තිබුණි.  1966 ඔක්තෝම්බර් 6 වන  දා කැලිෆෝනියාවේ විසූ හිපියන් සංඛ්‍යාව පහළොස් දාහ ඉක්ම වූ අතර  ප්‍රාන්ත රජයට ප්‍රති සංස්කෘත මත දරන මොවුන් මහත් හිසරදයක්ව තිබුණි .LSD තහනමට ලක් කිරීම හිමියන්ගෙ දැඩි විරෝධයට හේතු වූයේය.  ඔවුහු එම විරෝධය පළ කරනු පිණිස සැන් ප්‍රැන්සිස්කෝ හි දැ...