Posts

මුතු බෙල්ලා

Image
  මුතු හා මුතු පර වල තිබිරිගෙය සප්ත මහා සාගරයයි. මුතු යනුවෙන් හැදින්වෙන්නේ මැණික් වර්ගයකි. මේ වටා ගෙතී ඇත්තේ හරි අපූරු කතන්දරයකි. මහ මුහුද මුතු සඟවාගෙන විසිරී පැතිරී පවතින රහස් ගුහාවක් වැනිය. මෙය හටගන්නේ මුතුබෙල්ලා කියන සත්වයා තුළින්ය.ස්වභාව දහමෙන් අපට තිළිණ කළ ආකාරයෙන්ම කිසිදු වෙනස්කමකට හෝ ඔප දැමීමකට භාජනය  නොකොට ඒ ආකාරයෙන් ආභරණයකට බහා පැළඳිය හැකි එකම මැණික් වර්ගයද මුතුය. මුතු බෙල්ලාගේ ශරීරය තුළට අහඹු ලෙස ස්වාභාවිකව ඇතුළුවන වැලි කැටයක් හෝ වෙනත් අපද්‍රව්‍ය  නිසා ඔහුට දැනෙන වේදනාව වළක්වා ගැනීමට මුතු මුතුබෙල්ලා විසින් ඔහුගේ ඇඟ තුළින් කැල්සියම් ශ්‍රාවය නිකුත් කරයි. මේ ශ්‍රාවය ඉහත කී ශරීරයට ඇතුළු වී ඇති අපද්‍රව්‍ය  වටා තැන්පත් වේ. එසේ නිරන්තරයෙන් මුතු මුතුබෙල්ලා කැල්සියම් ශ්‍රාවය නිකුත් කිරීම තුළින් එය නිරන්තරයෙන් වර්ධක පටල ලෙස ගුලියක් ආකාරයෙන් ශරීරය තුළ ඇති අපද්‍රව්‍ය වටා තැන්පත් වීම තුළ බෙල්ලාට ඒ මගින් ලැබෙන වේදනාව නැති වී යයි. ස්වභාවික මුතු ඇටයක් වර්ධනය වීම සදහා අවුරුදු 15ත් 20ත් අතර කාලයක් ගතවේ.  මුතු ඇට මිනිස් ඇස ගැටෙන්නේ මීට වසර ගණනාවකට පෙර වෙරළ තීරය මත ආහාර ස...

ගවේෂණාත්මක මාධ්‍ය වාර්තාකරණය

Image
ගවේෂණාත්මක වාර්තාකරණය යනු කිසියම් සිද්ධියක් , අවස්ථාවක් , පුද්ගලයෙක් පිළිබඳ ගැඹුරින් සොයා බලා වාර්තා කිරීමයි. පුවතක් යනු කිසියම් සිදුවීමකි.  මතුපිටින් බැලූ විට ඇසින් දකින දෙය හෝ අසන දේ විය හැකිය. සාමාන්‍යයෙන් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ දී who,what ,when,were ,why යන කරුණු කෙරෙහි අවධානය යොමු කරනු ලබයි. නමුත් how   යන්ට ප්‍රමුඛත්වයක් දී සිදු කරනු ලබන වාර්තා ගවේෂණාත්මක වාර්තා ලෙස හඳුන්වයි.ප්‍රවෘත්තියක් යනු අංකුරයක් නම් ගවේශනාත්මක වාර්තාකරණයේ දී එම අංකුරය අයත් බීජය සහ එහි වර්ධනය පිළිබඳ සොයා බලනු ලබයි. එනම් ගවේශනාත්මක වාර්තාකරණයේ දී සැඟවුණු තොරතුරු සොයා බැලීම සිදුකරයි .මෙහිදී සමාජ අක්‍රමිකතා සහ හොරමැරකම් හෙළිදරව් කොට ඊට එරෙහිව ජනමතයක් ගොඩ නැංවීමට ගවේෂණාත්මක වාර්තාකරණයේ අභිමතාර්ථය විය. මෙය එක්තරා අන්දමක සමාජ සේවයක් වශයෙන් ද සැලකිල්ලට ගනී. එමෙන්ම ගවේෂණාත්මක වාර්තාකරණයේ නියැළෙන්නට වගකීමකින් මෙන්ම මනා කැපවීමකින් යුතුව එම කාර්යයෙහි නියැලීමට සිදුවේ .ගවේෂණාත්මක පුවත් වාර්තාකරණයේ ඉතිහාසය විමසා බැලීමේදී එය විසිවන සියවස තෙක් ඈතට ඇදී යයි. විසිවන සියවස ආරම්භයේ දී පමණ ගවේෂණාත්මක පුවත්පත් වාර්ත...

ශිල්පීය ක්‍රමවලින් පෝෂිත Citizen kane චිත්‍රපටය

Image
"යථාර්ථවාදය හා ප්‍රකාශන වාදය, නාටකීය කුළු ගැන්වීම් සඳහා කදිම නිදසුනක් ලෙස citizen kane චිත්‍රපටය හැඳින්විය හැකිය." Citizen kane නම් චිත්‍රපටිය  ඇමරිකානු කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ charles foster kaneගේ කතාවකි.බල කාමය හා පෞරුෂත්වයෙන් හෙබි අසාමාන්‍ය වූ ගති ලක්ෂණ පිළිබිඹු කල kaneගේ චරිතය සිනමා වංශ කතාවේ එක්තරා සන්ධිස්ථානයක් පිළිඹිඹු කරන චරිතයක් ලෙස සලකනු ලබයි.kane ගේ ජීවිතයේ සෑම සිදුවීමක් මෙන්ම rosebud නම් වචනයද පුවත්පත්වල ප්‍රධාන සිරස්තලය බවට පත්වේ. චිත්‍රපට වාර්තාකරුවෙක් මෙකී වචනය හා කේන්ගේ ජීවිතය අතර රහස කුමක් දැයි සෙවීම අරඹයි. අහංකාරකම, මමත්වය, විඥානවාදී දෘෂ්ටිය , ප්‍රචාරයට ඇති අසීමිත ආශාව ,පුද්ගලයින් හා මුළු සමාජ සංස්ථාවම සිය  බලයෙන් නතු කර ගැනීමේ අභිලාෂය kaneගේ චරිතයේ ලක්ෂණ වේ. එහෙත් වචනයේ පරිසමාප්තියෙන්ම kane යනු අද්විතීය චරිතයකි. අඩක් උපහාසාත්මක වුත් ,අඩක් උද්වේගකර වූත් චිත්‍රපටයක් වූ මෙම කෘතියට orson welles නම් සිනමාකරුවා වේදිකා නාට්‍යයෙන් ලද පරිචයද එක් කොට ඇති බව පෙනේ. ප්‍රකාශනාත්මක ශෛලිය කලාකෘතියක ඇද ගැනීම තරම් අන්තරාදායක කටයුත්තකි.එහෙත් orson welles පසුබට වන අන්දමේ පු...

දිනෙන් දින දූෂණයට පත් වන්නා වූ කැළණි ගඟ

Image
  මධ්‍යම කඳුකරයේ පොල්පිටියේදී ආරම්භ වන කැලණි ගඟ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්  18.7%, මහනුවර දිස්ත්‍රික්කයෙන් 0.2% ,රත්නපුර දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයෙන් 3%, කළුතර දිස්ත්‍රික්කයෙන්  0.5%, කෑගල්ල දිස්ත්‍රික් 44%, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 14% හා කොළඹ දිස්ත්‍රික්කයෙන්  19.9% ආවරණය කරමින් ගලා ගොස් කොළඹ මෝදර ප්‍රදේශයෙන් මුහුදට එක්වේ. කැලණි ගඟෙ මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 233,335.කැලණි ගඟේ දිය  දළ වශයෙන් කිලෝමීටර් 145 ක් පමණ වේ. වාර්ෂිකව ගඟට ලැබෙන ජලස්කන්ධය අක්කර අඩි 7,019,000 පමණ වන අතර එයින්  64% කට ආසන්න ප්‍රමාණයක් මුහුදට ගලා බසී. වර්ග කිලෝමීටර් 2292 ගංගා වර්ගඵලයක් ඇති කැලණි ගඟ ඒ ආශ්‍රිතව ඇති කර්මාන්තයන්හි සීඝ්‍ර වර්ධනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඉතා දූෂිත බවට පත්වී ඇත.  කැලණි ගඟ දූෂණය වීමේ ප්‍රධාන මූලාශ්‍රය ගොඩබිම පදනම් කරගත් හේතු නිසා වේ. පිරිපහදු නොකළ කර්මාන්ත අපද්‍රව්‍,ය කෘෂි කර්මාන්ත ,ගෘහාශ්‍රිත  සහ නගරාශ්‍රිත බැහැර කිරීමේ ආදිය ඒ අතර වේ. කැලණි ගඟේ ජල මිනුම් පරීක්ෂාකර බලන විට ජල දූෂණයේ බැරෑරුම්කම කැපී පෙනේ. මෙම ජලය කොළඹ නගරයේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලී...

ලෝක සාගර දිනය අදයි.

Image
  ලෝක සාගර දිනය අදට එනම් 8 වන දිනට යෙදී ඇත. සමුද්‍රිය පරිසරය එහි වැදගත්කම පිළිබඳව ලෝක ප්‍රජාවට දැනුවත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2009 වසරේ සිට සෑම  වසරකම ජුනි අට වන දින ලෝක සාගර දිනය ලෙස නම් කරනු ලැබීය. කෙසේ නමුත් සාගර දූෂණය වීම සම්බන්ධව වර්තමානය වන විට, මේ මොහොත වන විට ශ්‍රී ලංකාව දැඩි ඛේදවාචකයකට පත්වී තිබෙන්නේ x press pearl නෞකාව ගිනිබත්  වීම නිසා ශ්‍රී ලංකාවේ සාගරික කලාපයට සිදු වූ දැවැන්ත ව්‍යසනය හේතුවෙනි.  ලෝක සාගරික දිනය සමරන මේ මොහොතේ ශ්‍රී ලංකාවේ සාගරික කලාපයට අත් වී ඇති ඉරණම සුළු පටු නොවේ. ලෝක සාගර දිනය යනු කුමක්ද? 1992 අවසානයේ බ්‍රසීලයේ පැවති planet earth නම් ලෝක සමුළුවකදී ලෝක සාගර දින  නමින් ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද අතර එය ජූනි 8 වන දින සැමරීම සඳහා ලෝක සාගර දිනය නිව්ගසර්  නිවාඩු දිනයක් ආරම්භ කරන ලදී. වර්තමානයේ රටවල් 124  ලෝක සාගර දින සැමරීම සඳහා නියෝගයක් අත්සන් කර ඇත. වර්තමානයෙහි  පරිසරවේදීන්, ජල සම්පත්ව්වවේදීන්, ඩොල්ෆිනාරියම් සහ සත්වෝද්‍යානවල කම්කරුවන් මුහුදු ජීවීන්ගේ අයිතිවාසිකම් සුරැකීමට මෙන්ම සාගරයේ හා මුහුදේ පාර...

ගබ්සාව

Image
  ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූ ගැටලු අතර ප්‍රධාන ගැටලුවක් වශයෙන් ගබ්සාව හඳුන්වා දිය හැකිය. බොහෝ රටවල එය සදාචාරාත්මක හා සමාජ ගැටලුවක් වී ඇති අතර ලංකාව වැනි රටවල් වල එය නෛතික ගැටලුවකි. ගබ්සාව පිළිබඳ විවිධ අර්ථකථනයන් බිහිවුවද එහි පොදු අර්ථය ගත් කල ගබ්සාව යනු " කාලය නොමේරූ අවදියේම ගර්භාෂයෙන් ස්වභාවිකවම ඉවත් වීම හෝ ඉවත් කිරීමයි." එය ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට සිදු විය හැකිය. එනම්,   නිතැත් ගබ්සාව  ස්වභාවිකවම කාලය ගර්භාෂයෙන් පිටතට පැමිණීම. ප්‍රේරීත ගබ්සාව  බාහිර බලපෑමක් මගින් කලලය ගර්භාෂයෙන් ඉවත් කිරීම.  ලෝකය තුළ අනවසර ගැබ් ගැනීම් වලින් අතිශය බහුතරයක් ගබ්සා කිරීම් සිදු වේ. මෙයට බලපාන ප්‍රධානතම හේතු කීපයකි.  ක්‍රමවත් පවුල් සැලසුම් ක්‍රමයක් නොවීම. අනපේක්ෂිත කාලයේදී සිදුවන හදිසි ගැබ් ගැනීම් ආදිය වේ.  විශේෂයෙන් ම සාම්ප්‍රදායික පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව විශ්වාසයක් තැබිය හැකි නොවේ. එහෙත් ලංකාව වැනි බොහෝ රටවල කාන්තාවන් අතර විශ්වාසය තැබිය හැකි නවීන පවු සැලසුම් ක්‍රම වලට වඩා සාම්ප්‍රදායික ක්‍රම ප්‍රචලිතව පැවතීම මෙයට හේතු වේ. ලෝකයේ ඇතැම් රටවල ගබ්සාව නීත්‍යා...

දළුලන අනියම් පෙම

Image
 මෙම මාතෘකාව දුටු සැණින් කෙනෙකුට විපුල දනවන්නක් වෙයි. එහෙත් ශ්‍රී ලංකාව තුල මේ වන විට කතා කළ යුතු මට්ටමෙන් මෙම ගැටළුව පැන නැගී ඇත. එසේම මෙම මාතෘකාව කතා කරන විට විවිධාකාර මතවාද ප්‍රතිචාර මිනිස්සුන්ගෙන් අපට හමුවේ. විවාහ වී සිටින පුරුෂයකු හෝ කාන්තාවක විසින් පිටස්තර ස්ත්‍රියක හෝ පුරුෂයකු සමඟ ඇතිකරගන්නා සම්බන්ධතාවය මෙහිදී අනියම් සම්බන්ධතාවය ලෙස හැඳින්විය හැකිය .ඒ සඳහා විවිධ හේතු සාධක ඇත. අයෙකුට තම ස්වාමිපුරුෂයාගෙන් හෝ බිරිඳගෙන් නොලැබෙන ආදරය, ආරක්ෂාව, රැකවරණය තේරුම් ගැනීම, අනෙකා අපේක්ෂා කරන මූලික අපේක්ෂාවන් නොලැබීයාම අනියම් සම්බන්ධතාවයක් ඇති වීමට හේතුවේ. එකිනෙකාගේ හැඟීම්, සිතිවිලි තේරුම් ගැනීම නිසා මොවුන් තේරුම් ගන්නා තමාට රැකවරණයක් සැලසේ යැයි අපේක්ෂා කරන වෙනත් කෙනෙකු සමඟ ඇතිකරගන්නා මෙම  සම්බන්ධතාවය හේතුවෙන් පවුල් ජීවිත අහිමිවීම යම් යම් අවස්ථාවල දිවි අහිමි කිරීම් ද සිදු වේ. මෑතකාලීනව සිදු වූ ඛේදවාචකය හරහා එය මැනවින් පිළිබිඹු වේ. එසේම තමාගේ සහකරු හෝ සහකාරියගේ පිරිසිදුකම, වත් පිළිවෙත් නිසා මෙවැනි සබඳකම් ඇති විය හැකිය. එසේම තම සහකරු හෝ සහකාරිය ඇතිකර ගන්නා අනියම් සම්බන්ධතාවයක් නිසා ඇතිව...