Posts

Showing posts from February, 2021

රිජෙක්ට් වුන නිසා රජෙක් වුණ ඩිස්නි

Image
  යථාර්ථවාදී නොවන හීන වලට යොදන නාගරික කියමනක් තමයි ඩිස්නිලන්ත හීනය කියන යෙදුම. විනෝදයට මෙලෙස කිව්වද ඩිස්නිලන්තයේ ඩිස්නි නාමය පිටුපස තියෙන  සියල්ලෝම හිනාවු වුණු හෙළා දැකපු පුද්ගලයකුගේ චින්තනයකි. ඔහු නමින් වෝල්ට් ඩිස්නි වේ.  1901 වසරේ දෙසැම්බර් 5 වන දින ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉලිනොයිස්  ප්‍රාන්තයේ චිකාගෝ නුවර දී ෆ්ලෝරා සහ  එලියස් disney යුවළගේ සිව්වැනි පුත්‍රයා ලෙස වෝල්ට් එලියස් disney උපත ලැබීය.වෝල්ට්ගේ චිත්‍ර හැකියාව මුලින්ම එළියට එන්නේ marzalin ජීවත් වූ විශ්‍රාමික වෛද්‍යවරයෙකු නිසාය. සතතාභ්‍යාසයෙන් සිතුවම් මැවීම ප්‍රගුණ කරන්නට වෝල්ට් යොදාගත්තේ පුවත්පත්වල පළවන කාටුන් චිත්‍රය. පවුලේ දුර්වල ආර්ථික තත්ත්වය තේරුම් ගත් ඔහු විවිධ චිත්‍ර අඳිමින් අසල්වාසීන්ට නගරබද ජනයාටත් විකුණා යම් මුදලක්  උපයා ගත්තේය.    පාසල් කාලයේ දී වෝල්ට්  ගුරුවරුන්ගෙන් බැනුම් අසන චරිතයක් විය. හේතුව වන්නේ උගන්වන දේවල් අවධානයට යොමු නොකර චිත්‍ර ඇඳීමයි. ගුරුවරුන්ට නොතේරුණද ඔහු ඒ කරමින් සිටියේ අධ්‍යාපනය ලැබීමකි.ඒ ඔහුගේ නිර්මාණශීලී ඤාණය  ප්‍රගුණ කිරීමයි .16 හැවිරිදි...

දෘශ්‍ය රූප අලෙවිකරණය

Image
  අප සැම විටම සෑම ක්‍රියාවලියක්ම අවබෝධ කොට ගනු ලබන්නේ ද විග්‍රහ කර ගනු ලබන්නේද ඒ ඒ ඓතිහාසි  සමාජ සන්දර්භයන් සමඟ වීම සාමාන්‍ය ක්‍රියා පටිපාටියයි. දැන්වීම්කරණය ද වටහාගත යුත්තේ අදාල සන්දර්භයේ සිටයි. මෙහිදී ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂය දැන්වීම්කරණය විග්‍රහ කරනුයේ විකුණුම් ලබා ගැනීමේ මාර්ගයක් තිබේ. එය ප්‍රසිද්ධිය ලබා ගැනීමේ එක් මාර්ගයකි. එය වෙළඳ දැන්වීමයි. ඒ වැඩිදුරටත් විග්‍රහ කරන තෝමස් මැකෝලේ  ප්‍රකාශ කරන්නේ නිෂ්පාදන කර්මාන්තය ශීඝ්‍රයෙන් ඉදිරියට තල්ලු කරන එකම බලවේගය බවත් කිසිවකුටත් දැන්වීම් වලින් තොරව මුදල්  ඉපයිය නොහැකි බවත්ය. එනම් දැන්වීම්කරණයෙන් වියුක්තව අධ්‍යයනය වන විට  නිර්මාණය වී ඇති පරිභෝජනවාදී සමාජ රටාව විග්‍රහ කරගැනීමට නොහැකිය. එනම් අප සිතන පතන සිතුවිලි වලට  සිටම ක්‍රියාත්මක ස්වරූපය දක්වා ගමන් කිරීමේ මාර්ගය ම දැන්වීම්කරණ ක්‍රියාවලිය තුළ සංගෘහිත වී ඇති බව එය නිරීක්ෂණය කිරීමේ දී දැකිය හැකි ප්‍රමුඛ ලක්ෂණයකි . මෙම ක්‍රියාවලිය නිර්ණය වීමට පදනම් සාධක නිර්මාණය වන්නේ විසි වන සියවසයේ සිටය. එනම් විසි වන සියවස යනු සමාජය තුළ ප්‍රශ්න ගැටලු බහුල ලෙස නිර්මාණය වූ යුගයක් විය. ...

💗VALENTINE'S DAY 💗

Image
  ආදරවන්තයන්ගේ දිනයේ හෙවත් ශුද්ධ වූ වැලන්ටයින් දින සමරනු ලබන්නේ පෙබරවාරි 14 දිනයි. එදින සුබපැතුම් යැවීම, මල් පොකුර යැවීම තම ලබැදියාව  ප්‍රකාශ කරයි.ක්‍රිස්තු වර්ෂ තුන්වන සියවසේ සිට ක්‍රිස්තියානි  පූජකවරයෙකු වැලන්ටයින් තුමාගේ නම අනුසාරයෙන් මේ දිනයට  ඒ නම ලැබීය .ශාන්ත වැලන්ටයින් දිනය හෝ ශාන්ත වැලන්ටයින් මංගල්‍යය ලෙස ද මෙය හඳුන්වනු ලබයි . ලංකාව තුළ වැලන්ටයින් සැලකිය යුතු මට්ටමකින් සැමරීම ආරම්භ වූයේ 1990 දශකයේ දී ය. නමුත් ලංකාවේ වැලන්ටයින් යනු ආගමික මුහුණුවරක් ගත්තක්  නොවේ . වැලන්ටයින් ඉතිහාසය පිළිබඳව මෙසේ දැක්විය හැකිය. ක්‍රිස්තු වර්ෂ තුන්වන සියවසේ රෝමයේ සිටි දෙවන ක්ලෝඩියස් අධිරාජ්‍යයාට තම අධිරාජ්‍යයේ බලය විශාල ප්‍රදේශයකට නතු කර ගැනීමට අවශ්‍ය විය. ඔහු විසින් රටේ සිටින සෑම පිරිමි පුද්ගලයෙකු ම හමුදාවට බැඳීමට නියෝග කළහ.විවාහක පිරිමි  පුද්ගලයන්ට වඩා පවුල් බර නොමැති තනිකඩයා මේ සඳහා බඳවා ගැනීමෙන් යුද්ධය සාර්ථකත්වය වර්ධනය කළ හැකි බව මෙම අධිරාජයාගේ සිතුවිල්ල වි ය . එහෙයින් ඔහු විසින් කසාද බැඳීම  තහනම් කළහ. මෙම තීරණය හේතුවෙන් පෙම්වතුන් පෙම්වතියන් විඳින දුක දැක වැලන...

මාධ්‍ය සහ ත්‍රස්තවාදය

Image
  ත්‍රස්තවාදය හා මාධ්‍ය  අතර සම්බන්ධයට දිගු  ඉතිහාසයක් ඇත. ත්‍රස්තවාදී  සංවිධාන සිය පණිවිඩ සදහා  නිරන්තරයෙන් යොදාගනු ලබන්නේ මාධ්‍යයි. එබැවින් ත්‍රස්තවාදය පැවැත්ම සඳහා මාධය නැතිවම බැරි තත්ත්වයක් අද වන විට උදා වීඇත .බහුත්වාදී මාධ්‍ය භාවිතය ඇතුළත විවිධ පන්නයේ මාධ්‍ය  ක්‍රියාත්මක වේ. ඇතැම් මාධ්‍ය මහජන සේවා මාධ්‍ය වන අතර තවත් මාධ්‍ය වාණිජ මාධ්‍යය වේ. බහුත්වාදය තුළදී විවෘත වෙළඳපොළ සඳහා ඇත්තේ වැඩි ඉඩකි. එබැවින් නිර්බාධි තත්වයන් යටතේ තරඟකාරීත්වය සඳහා වැඩි ඉඩක් යොමු කෙරේ. මෙම තරගකාරී මාධ්‍ය පරිසරය තුළ දී  එක් මාධ්‍යයක් අනෙක් මාධ්‍යයට කලින් තොරතුරු වාර්තා කිරීමට උත්සුක වෙයි. බහුත්වාදී  සමාජය තුළ ඇති වී තිබෙන මෙම ප්‍රවණතාවය ත්‍රස්තවාදී සංවිධාන තව තවත් ප්‍රයෝජනයට ගන්නා බවක් පෙනී යයි. එබැවින් වඩ වඩාත් ප්‍රචණ්ඩ ප්‍රහාර අමානුෂික ප්‍රහාර කෙරෙහි  ඔවුන් යොමු වන අතර ජනමාධ්‍ය විසින් ඒවා තරගකාරී  ආකාරයෙන්  වාර්තා කෙරේ .එය ත්‍රස්ත සංවිධාන වලට ස්ථාපිත වීම සඳහා වැඩි ඉඩක් සපයන්නකි. නිදසුනක් ලෙස අල්කයිඩා සංවිධානය ක්‍රියාත්මක වූ ආකාරය වඩා වෙනස් ආකාරයෙන් අයි එ...

නව මාධ්‍ය ,සමාජ මාධ්‍ය සහ සමාජය

Image
  අප මේ වන විට පරිගණක යුගයකට පැමිණ ඇතැයි ඇතැමෙක් කියති. අප දැන් තොරතුරු යුගයක ජීවත් වන්නේ යැයි තවත් අයෙක්  අයෙක් කියති. අප සිටින්නේ තොරතුරු සන්නිවේදන යුගයක ඇයි තවත් පිරිසක්ඟේ මතයයි. කෙසේ වෙතත් පසුගිය සමය තුල දී ලෝකය තුළ තොරතුරු ගලනය සහ සන්නිවේදනය සුවිශාල වෙනස්කම් සිදු වී තිබෙනවා. විශේෂයෙන් පසුගිය දශකයේ පමනක් ලෝකයේ තුළ  තොරතුරු ගලනය සහ සන්නිවේදනයේ සිදු වූ වෙනස්කම් අති ප්‍රබලය.  එහිදි සමාජ වෙබ් අඩවි සඳහා විශේෂ තැනක් හිමිවේ. සමාජ වෙබ් අඩවියක් යනු  නව මාධ්‍යයේ කොටසකි.නව මාධ්‍ය යැයි කියනු ලබන්නේ සරල අර්ථයෙන් පැවසුවහොත් ඩිජිටල්  ක්‍රමවේදයක් අනුගමණය කරමින් සන්නිවේදනය කෙරෙන ඕනෑම මාධ්‍යයකි. මාධ්‍ය සංයුක්ත තැටි  චන්ද්‍රිකා රූපවාහිනී, අන්තර්ජාලය, ජංගම දුරකතනය මේ ආදිය ඩිජිටල්  ක්‍රමයක් භාවිත වන නව මාධ්‍ය වශයෙන්  ගණන් ගනු ලැබේ. සමාජ මාධ්‍ය යනු නව මාධ්‍යයේ කොටසක් වන අතර සමාජ මාධ්‍ය වල අති විශේෂිත ලක්ෂණ වන්නේ අන්තර් ක්‍රියාකාරී ගුණයයි. සමාජ මාධ්‍ය සඳහා මනා නිදසුනක් ලෙස ෆේස්බුක් වෙබ් වෙබ් අඩවිය පෙන්වා දීමට පුළුවන. අයකුට ෆේස්බුක් භාවිතා කරමින් බොහෝ දෙනකු සමග ...

මාධ්‍ය ප්‍රතිරූපකරන සහ සමාජ සංවර්ධනය

Image
 ඕනෑම සමාජයක මාධ්‍ය විසින් ගොඩනගන ප්‍රතිරූප සමාජ නිශ්පාදනයට සහ ප්‍රතිනිෂ්පාදනයට බෙහෙවින් බලපා තිබේ. මෙය  පුද්ගල සංජානනය සහ පුද්ගල ස්මරණය හා බද්ධ වේ. වර්තමාන ගෝලීය සමාජ ක්‍රමවේදය තුළ ස්වාධිකාරී වූ මාධ්‍ය සහ තොරතුරු සන්නිවේදනය සමාජ සංස්කෘතික සහ මානසික පරිවර්තනය සඳහා බලපා තිබේ. එහි අර්ථය වන්නේ පශ්චාත් නූතනවාදී මිනිසා වෙනත් කවරදාකටත් වඩා සන්හතික මාධ්‍යකරණයට හසුව ඇති බවයි. නූතන කාර්මික හා ධනවාදී සමාජයේ මෙම මාධ්‍ය කරනයට හසු නොවන මිනිස් ජීවිත හා එහි කිසිදු ක්ෂේත්‍රයක් නොමැති බව පැහැදිලි වේ. එතරම් ගෝලීය මාධ්‍යයන්හි සමාජ සහ තාක්ෂණික ක්‍රමවේදයන් ප්‍රබලය.එහෙත් ගැටලුව වන්නේ සමාජ සංවර්ධනය සහ එයට අදාළ පසුබිම් සැලසුම්කරණය  සඳහා ජනමාධ්‍ය කොතෙක් දුරට විවර වී ඇත්ද යන්නයි. ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල් දෙස බැලීමේදී පැහැදිලි වන්නේ සංවර්ධනයට උචිත මාධ්‍යයක් හෝ ජනමාධ්‍ය ප්‍රතිරූප නිෂ්පාදිතයක් දැකිය නොහැකි බවයි.මේ ප්‍රතිඵලයක් ලෙස දැකිය හැකි වන්නේ සක්‍රීය සමාජවාදී පුරවැසියෙකුට වඩා විනෝදාස්වාදය මුල්කොටගත් සහ සමාජ ගැටලු සඳහා පාදක වන මනෝභාවයන්ගෙන් යුත් පුද්ගලයාගේ නිර්මාණ කරණයට අදාල මාධ්‍ය...

දේශීය සම්පත් පිටරැටියන්ට දී රට සුරපුරයක් කළ හැකිද?

Image
  වර්තමානය වන විට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන විදේශීය රාජ්‍යයන්ගේ මැදිහත්වීම් වලට අදාල පසුබිම අවබෝධ කරලීම පහසු කිරීම පිණිස වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ කටයුතු සඳහා චීනය, ඇමරිකාව සහ ඉන්දීය රාජ්‍ය මැදිහත් වීමට බලපා සිටින බව පෙනේ .ඒ ඇතැම් විට ශ්‍රී ලංකාවේ පිහිටීම හා ලංකාවට අයත්  සම්පත් ඉහත කී රටවල දේශපාලන හා ආර්ථික ක්‍රියාවලියට අත්‍යවශ්‍ය වන බැවිනි .මෙරට සම්පත් විදේශීය සමාගම් වලට පැවරීම පිළිබඳ ප්‍රශ්න සඳහා  1977 න් පසු මෙරට බලයට පත් ඇතැම් ආණ්ඩු වගකිව යුතුය. 1977න් පසු බලයට පත් ඇතැම් ආණ්ඩු මෙරට සම්පත් විදේශීය රටවලට විකිණීමෙන් ලැබෙන මුදලින් මෙරට ජන ජීවිතය නගා සිටුවීම " ආර්ථික සංවර්ධනය" ඇති කිරීම වශයෙන් සිතා දිගින් දිගටම මෙම සුදු වේ නියැලීම විනෝදාංශයක් බවට පත්කරගෙන තිබේ. ලංකාවේ එදා සිට අද දක්වා සංවර්ධන වැඩපිළිවෙලවල් මෙන්ම දේශපාලනයද මහත්   පුදුමාකාරය. මේ පුදුමාකාර බව නිසාම ලංකාවේ එදා සිට අද දක්වාම දියුණු වෙමින් පවතින රටක් ලෙස නිර්වචනය වේ. එයට හේතු කීපයකි. කලින් කල බලයට පැමිණෙන පදනමකින් තොර සංවර්ධන සැලසුම් බොහෝ විට මෙයට හේතු සාධක වී ඇත. සැබැවින්ම අපි වෙනස් ජාතියකි. ඒ මන...

සුදු නෙළුම

Image
  සුදු  නෙළුම කෝ සොරබොර වැවේ " සුදු නෙළුම කෝ සොරබොර වැවේ  මල් සුවඳ දුන් මහියංගණේ  පුන් පෝය දා පසළොස්වකේ  මල් නෙලා විකුණූ පන්සලේ වැවට කලුවර කළුවර යා වුණා  සංසාර දුක බෝ බෝවුණා   නෙළුම් මල් මිට ඉහිරුණා  එහා ඉවුරට පාවුණා සිහින් සිරිපොද  වෑහුනා  ඉවුරු දෙකොපුල් සැදුණා  සුදු නෙළුම් මල දෑස පියවී  මෙහා ඉවුරට පාවුණා" ගායනය -  ඩබ්ලිව් ඩී අමරදේව  පද පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ  සංගීතය -  ඩබ්ලිව් ඩී අමරදේව මෙම ගීතය රත්න ශ්‍රී විජේසිංහ මහතා  අත්දැකීමක් ඇසුරෙන් රචනා කරන ලදී. ඔහුට ඔක්කම්පිටිය ජනපද විද්‍යාලයට  මාරුවීමක් ලැබුණි. පාසල් ගුරුවරයකු වූ රත්න ශ්‍රී මොණරාගලින් ඔක්කම්පිටියට ගියේය. අතිශය දුෂ්කර පාසලක් වූ මෙම පාසලට ගිය පළමු දිනයේම පැහැබර නමුත් අහිංසක දුප්පත් දැරියකගේ මුහුණ ඔහුගේ මතකයේ රැඳෙන්න විය .ඇය පාසලට පැමිණෙන්නේ දවසක් ඇර දවසක් ය.රත්න ශ්‍රී  ඇය පිළිබඳව සොයන්නට විය. පියා නොමැති ඇය කසා රෝගය හැදී ලෙඩ ඇඳේ සිටින තම මව ජීවත් කරවන්නේ මල් කඩා දෙමටමල් විහාරය වඳින්නට එන  අයට විකිණීම තුළිනි .ඇය ගමේ ඇති කු...